Pages

Subscribe:

Ads 468x60px

"ෆේස්බුක් ෂුවර් නෑ'' - තහනම් කරන්න පුළුවන් ජනපති පාණදුරේදී කියයි

'ෆේස්බුක් එක අපිට වසංගතයක්. දරුවන්ගේ වසංගතයක්. අපිට මේක තහනම් කරන්න පුළුවන්. ඒකට ක‍්‍රම තිබෙනවා. ෆේස්බුක් විශ්වාස කරන්න එපා'' යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ජනාධිපති මහින්ද රාජාපක්ෂ මහතා මේ අදහස ප්‍රකාශ කළේ පාණදුර, ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (9) සවස එක්වෙමිනි.

රාජිතයන් ලෙස වසර තිහක්ම ජීවත් වූ යුගය නිමා කර ඇති අවස්ථාවේ මේ රටේ සෑම දරුවකුම සමත් දරුවකු ලෙස තමා ඉහළින්ම සළකන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළේය.


විභාග සමත් වුවත් නැතත් තමන්ගේ දරුවන් පරාජිතයන් සේ නොසළකා සමතුන් සේ සැළකීමට සෑම මවක්ම පියකුම පුරුදු විය යුතු බව පැවසූ ජනාධිපතිවරයා, අසමත් කියමින් තමන්ගේ දරුවන්ට වධ හිංසා කිරීම වහා නතර කළ යුතු බව ප්‍රකාශ කළේය.

 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් අසමත් යන්න හඳුන්වන ආකාරය වෙනස් විය යුතු බවත් මේ අපරාධයෙන් දරුවන් බේරා ගැනීමට නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

 අධ්‍යාපනයෙන් විශිෂ්ට දක්ෂතා දැක් වූ සිසුවියන්ට ජනාධිපතිවරයාගේ අතින් තිළිණ සහ සහතික පත් පිරිනැමුණු අතර සුමංගලාවියන්ගේ උපහාර තිළිණයක් ජනාධිපතිවරයා  වෙත පිරිනැමිණ.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මත පදනම්ව විභාගය සමත් අසමත් යන්න තීරණය කර ගැනීම නිසා දරුවන් විවිධ ගැටලුවලට මුහුණ දෙන බව පැවසූ ජනාධිපතිවරයා එම ක්‍රමය වෙනස් කිරීමට අධ්‍යාපන ඇමැතිවරයා  අවධානය යොමු කරනු ඇතැයි විශ්වාසය පළ කළේය.

විභාගයෙන් ලකුණු 70ට වඩා ගන්නා සෑම දරුවකුටම විභාගය සමත් බවට සහතිකයක් දෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විභාගය සමත් වන මට්ටම සියයට 39 සිට 70 දක්වා වර්ධනය කිරීමට විදුහල්පති, ගුරු සහ දෙගුරුන් මෙන්ම දරුවන් ද දක්වා ඇති උත්සාහය අගය කළේය.

වසර තිහක් තිබූ යුද්ධය වසර තුනකින් අවසන් කළේ පිටරට අය නොව අපේ රටේම තරුණ තරුණියන් එකමුතුව බව පෙන්වා දුන් ජනාධිපති වරයා, සෑමදෙයකටම බැහැ යැයි කී පරාජිත යුගය දැන් අවසන් බවත් පැවැසීය.

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සහ සුමංගල විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්ලිව්. ඒ. ඩී. ඩී. එස්. නේපාල මහත්මිය ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

0 comments:

Post a Comment