Pages

Subscribe:

Ads 468x60px

ජනපති, ඊයේත් 'ෆේස් බුක්' ගැන කතා කරලා...

ෆේස් බුක් එකේ සිටින නාඳුනන මිතුරන්ට වඩා තමාගේ මාපියන් කෙරෙහි විශ්වාසය තබන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (25) පාසල් දූ දරුවන්ගෙන් ඉල්ලා සිටියා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ කොළඹ, දේවී බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (25) එක්වෙමිනුයි.

දේවී බාලිකා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ද ජනාධිපතිතුමාගේ අතින් මෙහි දී විවෘත කෙරුණු අතර පරිගණක විද්‍යාගාරයකින්, භාෂාගාරයකින් සහ ගණිතාගාරයකින් යන සියලු පහසුකම්වලින් මෙම දෙමහල් ගොඩනැඟිල්ල සමන්විතය.

තොරතුරු තාක්‍ෂණය වැරදි ලෙස භාවිත කිරීමට කිසිවෙකුට ඉඩ තැබිය නොහැකි බව එහිදී පැවසු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, දිනෙන් දින දියුණුවන තොරතුරු තාක්‍ෂණය හමුවේ ලෝකය සමඟ ඉදිරියට යනවා මිස එය වැරදි ලෙස භාවිත නොකළ යුතු බවද අවධාරණය කළේය.

ජනාධිපති මහින්ද රාජාපක්ෂ මහතා පසුගිය 09 දා  පාණදුර, ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් කියා සිටියේ, ෆේස්බුක් ෂුවර් නැති බවයි.

''ෆේස්බුක් එක අපිට වසංගතයක්. දරුවන්ගේ වසංගතයක්. අපිට මේක තහනම් කරන්න පුළුවන්. ඒකට ක‍්‍රම තිබෙනවා. ෆේස්බුක් විශ්වාස කරන්න එපා'' යැයි ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවැසීය.

0 comments:

Post a Comment