Pages

Subscribe:

Ads 468x60px

සනත්ගෙන් දික්කසාද වීමට සැන්ඩ‍්‍රා උසාවි ගිහින්

ප‍්‍රකට ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වන සනත් ජයසූරිය මහතාගෙන් තමන්ට දික්කසාද වීමට අවශ්‍ය බව පවසමින් සැන්ඩ‍්‍රා ටානියා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු ක තිබෙනවා.

තමන් සහ දරු තිදෙනාට රුපියල් මිලියන 800ක වන්දියක් ලබා දීමටත් නියෝග කරන ලෙස ද පෙත්සම මගින් ඇය ඉල්ලා තිබෙනවා.

බිලියනයකට අධික දේපළවල හිමිකාරිත්වය දරණ
සනත් ජයසූරියගෙන් දරුවනගේ ප‍්‍රයෝජනය සඳහා මෝටර් රථ දෙකක් ද මෙමගින් ඉල්ලා තිබෙනවා. තමන් පදිංචිව සිටින නිවස ඔහුගේ වියදමින් සාදා දෙන ලෙස ද සැන්ඩ‍්‍රා ටානියා මහත්මිය පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

සනත් ජයසූරිය මහතාට දාව කේෂානි, යලින්දි යන දියණියන් දෙදෙනෙකුගේ සහ රනුක නමැති පිරිමි දරුවකුගේ ද මව වන සැන්ඩ‍්‍රා ටානියා මහත්මිය, සනත් ජයසූරිය මහතාගේ දෙවැනි විවාහයේ බිරිඳ වේ.

ඩන්ස්ටන් ජයසූරිය මහතාගේ හා බ්‍රීඩා ජයසූරිය මහත්මියගේ දෙවැනි පුතු ලෙසින් 1969 ජුනි 30වනදා මාතර දී උපත ලැබූ සනත් ටෙරාන් ජයසූරිය, 1989 දෙසැම්බර් මස 26වනදා නවක ක්‍රීඩකයකු ලෙස  ඕස්ට්‍රේලියාවේ සුප්‍රකට මෙල්බන් ක්‍රීඩාංගණයේදී සිය මංගල එක්දින තරඟයට සහභාගී විය.

එක්දින තරඟවලදී ලකුණු 12000 ඉක්මවුද කඩුලූ 300 දවාගන්නා ලද්දා වුද ලොව සිටින එකම ක්‍රීඩකයා මොහුය.

0 comments:

Post a Comment