Pages

Subscribe:

Ads 468x60px

බුද්ධික වික්‍රමාදර ගාල්ලෙන් පළාත් සභාවට

ස්වාධීන රූපවාහිනියේ ළහිරු මඩලෙන් කුඩා කළ දීම තම මාධ්‍ය දිවිය ඇරඹූ  බුද්ධික වික්‍රමාදර පසුව ස්වාධීන රූපවාහිනියේ ජ්‍යේෂ්ඨ නිවේදකෙයකු හා නිෂ්පාදක වරයෙකු ලෙසද සිරස ටීවී ආයතනයේ වැඩසටහන් ප්‍රධානියා ලෙසද පසුගිය වසර දක්වා කටයුතු කළත් ඔහු වර්තමානයේ රූපවාහිනිය තුළින්  දකින්නට නැත. 

ඔහු පසුගිය දා එක්තරා සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණා. නිවේදකයෙකු ලෙස මාධ්‍ය දිවියට කුඩා කාලයේම අත්පොත් තැබු ඔහු අද වන විට දැන්වීම් කරණයේ හා ටෙලිනාට්‍ය කරණයේ දැවැන්තයෙකු බවට පරිවර්ථනය වෙමින් පවතී.

සැර අයිඩියා වෙළද දැන්වීම් ආයතනය, රන්දීපමීඩියා  ටෙලි නිෂ්පාදන ආයතනය වැනි ආයතන කිහිපයකම ප්‍රධානියා ලෙස කටයුතු කරන මොහු නව අදහස් වලින් පිරිපුන් දක්ෂ ව්‍යාපාරිකයෙකි. 


රිදී සිත්තම්, සකුණ සාදය, පබළු පාලම මෙන්ම මේ දිනවල විකාශය වන සිහින සින්ඩෙරෙල්ලා ටෙලිනාට්‍යයද ඔහුගේ ආයතන හරහා නිර්මාණය වු දැවැන්ත නිරිමාණයන්ගෙන් කිහිපයකි. 

මීට අමතරව සමාජ සත්කාරයක් ලෙසින් ඩයිවින් බර්ඩ්ර්ස්  (Diving Birds) නැමති තරුණ තරුණියන් රංගන ශිල්පීන් ලෙස හා විවිධ වෘත්තිකයන් ලෙස පුහුණු කිරීමේ ආයතනයක් ආරම්භකර ඇති බවත් සැලයි.

දකුණු පලාත් සහා මැතිවරණය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස තරග වැදීමට නියමිත බව තමයි ආරංචි.


විශාල කර බලීමට් පින්තුරය මත ක්ලික් කරන්න.

1 comments:

Anonymous said...

YAKADOOO... ME APE COMPANYE LOKKANE

Post a Comment