Pages

Subscribe:

Ads 468x60px

සයිට්ස් කිහිපයක ඇරෙන්න සුධර්මා නෙත්තිකුමාර කියලා දාලා කිසිම පත්තරේකින් මට ගහලා නෑ

සුධර්මා නෙත්තිකුමාර ගතවු කාලය පුරා වෙබ් සහ විවිධ ජන මාධ්‍ය ඔස්සේ කථාබහට ලක්වු චරිතයකි.

ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් ලෙස සිවිල් සමාජ ක්‍රියාකාරිණියක් සහ ව්‍යාපාරික කාන්තාවක් ලෙස කටයුතු කරන ඇය පසුගිය කාලයේ මුහුණු දුන් ගැටළු පිළිබදව මාධ්‍යයක් වෙත ලබාදුන් පළමු සම්මුඛ සාකඡ්චාව මෙයයි.

මේ වෙනකොට මොනවද කරන්නේ?

මේ වෙනකොට මගේ “දියමත ලියමි “ ටෙලි ඩ්‍රාමා එක ඉවර වුණා.මම දැන් අනිත් තව ඩ්‍රාමා දෙකකට ලෑස්ති වෙනවා.

කලාවට ආවේ ඇයි?

එහෙම ලොකු ඉලක්කයක් තියාගෙන ආපු එකක් නෙවෙයි. ළමයි ලොකු වුණාට පස්සේ මම හිතුවා මොනාහරි දෙයක් කරන්න වෙලාව තියෙනවා කියලා. ඊට පස්සේ සංගීතාත් එක්ක කථාකරගත්තා සංවිධානයක් පිහිටු වන්න. එතනදි අපිට ඕන වුනේ කාටහරි සේවයක් කරන්න සංවිධානයක් හදන්න. පස්සේ අපි එක්ක ජීවන් කුමාරතුංග ඇමතිවරයාගේ බිරිද ෂෙරීන් එකතු වුනා. 


ඒ එක්ක තමයි අපි මෙ සංවිධානය එස්ත්‍රී (S3) කියලා නම දාගත්තේ අපි තුන්දෙනාගෙම නම් එස් වලින් පටන් ගන්න නිසා. පස්සේ ඒක “ස්ත්‍රී “
වුණා එහොම ඔහොම වුනා. හැබැයි ඒකෙන් මම ගොඩ දේවල් ඉගෙන ගත්තා . විශේෂයෙන් මම සංගීතාගෙන් ඉගෙන ගත්තු එකක් තමයි ටක් ටක් ගාලා වැඩට බහින එක. 

අපි පුදුම සාර්ථක වැඩ ගොඩාක් කළා. චන්ද්‍රෙල්ඛා රූකාන්ත ප්‍රසංගය, නිරෝෂා ගේ ප්‍රසංගය විතරක් නෙවෙයි තව ෆැෂන් ෂෝ එකක් කළා. මෙහෙම ඉන්න අතරේ මට සුධර්මා නෙත්තිකුමාර කියන නම ඉස්සරහට ගෙනියන්න පුළුවන් දෙයක් කරන්න ඕන වුනා. ඒ එක්ක තමයි මම “ගග අද්දර“ කියන ටෙලි ඩ්‍රාමා එක කරන්න ගත්තේ.

ඔබට ඕන වුනේ කලාව ව්‍යාපාරයක් කරගන්න ද?

නෑ මම ඔය තරම් දුර හිතල නෙවෙයි මේක කළේ.මට ඕන වුනේ මගේ සතුට වෙනුවෙන් යමක් කරන්න. කවුරුහරි ගග අද්දර බලලා කියන දේවල්, සහ මමත් ප්‍රේක්ෂිකාවක් විදිහට ඒක විදින හැටි මේ හැම දෙයක් ම නිසා තමයි මම ගග අද්දර කෙරුවේ. හැබැයි මේකෙන් මම ඕවර් බජට් ගිහිල්ලා මම ලොකු ප්‍රශ්නෙකට වැටුනා. 


මොකද මම ප්‍රතිපත්තියක් විදිහට මම ගිය් නෑ සෙට් එකට. මම රූගත කරන තැනට ගිහින් ඩිරෙක්ටර් ට බාධා කලේ නෑ. මම ඔෆිස් එකක් ඉදගෙන මීටින් තියාගෙන තමයි මේක කලේ. ඉතින් එතනදි මම රූගත කරපු සීන්ස් බලනවා මම ඒවා බලලා මගෙ දැනුමේ හැටියට කියනවා මේකට ලයිට්ස් මදි, මේක මෙහෙම වෙන්න ඕන කියලා. 

ඊට පස්සේ එයාලා ඒක එහෙම කරන්න මේච්චර ගාණක් යනවා කියලා කිව්වම මම එයාලට කියනවා වියදම් කරලා හොදම නිර්මාණයක් කරන්න කියලා තව මුදල් දෙනවා මොකද මමත් ප්‍රේක්ෂකයෙක් නිසා මට ඒක ලස්සනට තියෙන්න ඕන.

අන්තිමේ මම දන්නේ නෑ. මගේ බජට් එකට වැඩිය වීශාල මුදලක් වැයවෛලා ඒවා අත යටින් සමහරුන්ගේ සාක්කුවලට ගිහින්. ඊට පස්සේ මම හිතුවා මම නම් ආයේ ඩ්‍රාමා කරන්නේ නෑ කියලා.

පස්සේ ගග අද්දර යනකොට, මිනිස්සු ඒ ගැන කථා කරනකොට,මීඩියා වලින් මට ලොකු සහයොගයක් දෙනකොට මම ආපහු අර පරණ තැනට ගිහින් තව දෙයක් කරන්න ධෛර්මත් වුණා. ඒක මීඩියා එක මාව දිරිමත් කරපු එක තැනක්.

ඊට පස්සේ භාර්යාවෝ කරනවා?

ඔව් අර දිරිමත් කිරීමත් එක්ක මම භාර්යාවෝ කරන්න ගන්නවා. ඒ වෙකොට මගේ ජීවිතෙත් පොඩි පොඩි ප්‍රශ්ණ පවුල ඇතුලේ තිබුන කාලයක්.ලොකු ප්‍රශ්න නවෙයි. මම කථා කරන හැම කෙනෙක්ම අතර මේ කියන සුන්දර ලෝකේ කොහේවත් නෑ.


කාන්තාවන්ගේ ජීවිත තදවෙලා කොටුවෙලා කියලා මට දකින හමුවෙන හැමෝම එක්ක කථාකරද්දි දැනුන දෙයක්. ගොඩාක් ගැහැණු අය තමන්ගේ ප්‍රශ්ණ තදකරෙගෙන හිර කරගෙන ඉන්න පිරිසක් කියලා මට වැටහුණා. 

ඒකේ දුප්පත් භේදයක් දැක්කේ නෑ. මගේ සර්වන්ට් එක්ක ටීවී බල බල කතා කරද්දි මගේ ළග තියෙනෙ කථාවයි එයාගේ කථාවයි දෙකම එකයි. මේ නිසා භර්යාවෝ කරන්න ගත්ත මුල දවස්වල මම හිතුවා මේක හොදම හිට් එකක් වෙනවා කියලා.

භාර්යාවො එකට ඔබේ ජීවිතේ සමහර දේවල් එකතු වුණාද?

ඇත්තටම කව්වොත් භාර්යාවෝ එකේ මගේ දේ ආවේ නෑ . මට පලමු වෙනියෙන් ඕන වුනේ ඩෙස්පරේට් හවුස් වයිෆ්ස් කරන්න. ඇමරිකාවේ ඒක හරිම ජනප්‍රියයි. මගේ ළමයිනුත් ඇඩික්ට් වෙලා බලනවා ඒක. 


එහෙම හිතාගෙන පටං ගත්තට මම පස්සේ අදහස වෙනස් කළා මේ රටේ ඉන්නේ ඕන තරම් කාන්තාවෝ. එයාලා ගැන කථා කරන්න ඕන කියලා. මේ නිසා අපේ සංස්කෘතියට යන සප්ත භාර්යාවෝ පදනම් කරගෙන මේක හැදුවා.

ඔබ නිර්මාණ වලින් සමාජයට මෙහෙවරක් කරන්න බලාපොරොත්තු වෙනවාද?

අනිවාර්යයයෙන්ම ඔව්. මොකද ඩිරෙක්ටර්ස් කිහිප දෙනෙක් මගෙන් එක එක පිටපත් ගෙනල්ල ඇහුවා. මොනවා කිව්ව්ත් මගේ ඔලුව නැවුනේ නෑ ඒවට. මම හිතුවේ හැමදාම මේ සමාජයේ මැද්දේ තියෙන දේවල් අරගෙන නිර්මාණ කරන්න. මම ඊලගට කරන්නෙත් එහෙම එකක්.

දැන් ඔබ කිව්වා මේ මාධ්‍ය තමයි ඔබව දිරිමත් කරන්නේ කියලා.නමුත් පහුගිය කාලයේ මාධ්‍යවල ඔබ සම්බන්ධයෙන් අපහාසාත්මක දේවල් තිබුණා.?

මීඩියා එකෙන් මට ඩිරෙක්ට් කිසිම තැනක ගහලා තිබුනේ නෑ. වෙබ් සයිට්ස් කිහිපයක ඇරෙන්න. සුධර්මා නෙත්තිකුමාර කියලා දාලා කිසිම පත්තරේකින් මට ගහලා නෑ. හැබැයි ඒකෙන් මම තේරුම්ගත්ත එකම දේ තමයි මම මීඩියා එක නිතරම ඇත්ත කියන්නේ කියලා මම හිතාගෙන හිටපු විදිහ වැරදියි කියන එක. 


මම කැසිනෝ කරලා නෑ කවදාවත් මේ ටික මතක ඇතුව ලියන්න මම අවුරුදු 25 කට උඩදි කසාද බැදලා මේ පවුලට එනකොට එනකොට ලකී නෙත්තිකුමාරට තමයි සලාකා කැසිනෝ එක අයිති. ලකී නෙත්තිකුමාරට ඒ කැසිනෝ එක අයිති වෙලා තියෙන්නේ එයාගේ තාත්තා ගෙන්. 

මගේ මහත්තයා ගාමිණි නෙත්ති කුමාර එයා සලාකා බිල්ඩින් එකේ තියෙන ගමේ කඩේ, පිංතුර මුද්‍රණය, කමිනිකේෂන්ස් මේ හැම එකක්ම කළා. එයාටත් ඊට කලින් කැසිනෝ තිබිලා තියෙනවා බොරැල්ලේ. පස්සේ එයා ඒක වහලා දාලා එයා කිව්ව දේ තමයි මට කැසිනෝ හරියන්නේ නෑ මට හරියන්නේ හොදාට මහන්සිවෙලා කරන රස්සාවක් කියලා. ඊට අවුරුදු 15 කට පස්සේ ලකී අයියා ඇක්සිඩන්ට් එකකින් මැරුණා. 

ඊට පස්සේ එයාගේ ව්‍යාපාර ගෙනිච්චේ එයාගේ නෝනා. හැම නෝනාටම සිද්දවෙන දෙයක් තමයි එයාලෙග නෝනටත් වෙලා තියෙන්නේ. එදා ඉදලා වජිරා නෙත්තිකුමාර තමයි ඒවා කළේ. ඉතිං මං අහන්නේ අවුරුදු ගාණකට පස්සේ කොහොමද මගේ නම ඈදිලා ආවේ?

ඒ කියන්නේ මේක හිතාමාතා සැලසුම් කරපු එකක් කියලද ඔබ කියන්නේ?

ඔවු නැත්තම් කොහොමද මේ වගේ දේවල් පත්තර වල යන්නේ. ඉන්ඩිරෙක්ලි කිව්වානේ පත්තරෙන් භාර්යාවෝ කියන නම දැම්මා, සමහර තැන්වල සුදු ධර්මා කියලා ලිව්වේ. මම සොනු නිගම් ගෙන්නුව නිසා සෝනු නිගම්ගේ ෆොටෝ එකක් එකකත් දාලා තිබුණා එතකොට හිතෙනවා නේ මේ මම කියලා ඕනම කෙනෙකුට. 


එතකොට මීඩියා මේ කරපු දේ හරිද? ඔහොම නෙවෙයි මට ඕනම කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මට කැසිනෝ තියෙනවා කියලා නොවෙයි මම සලාකා කැසිනෝ එකට අඩියවත් තියලා තියනවා කියලා ඔප්පු කරලා පෙන්වන්න මම ඕන චැලෙන්ජ් එකක් භාර ගන්නවා.මගේ මහත්තයවත් සලාකා කැසිනෝ එකට සම්බන්ධ නෑ.

නමුත් ඔහු කරපු සමහර ප්‍රකාශවලින් ඔබේ නමට හානියක් වුණා?

මම සුධර්මා නෙත්තිකුමාර. මම ඇවිල්ලා තියෙන්නේ වෙන පවුලකින් මගේ ඇගේ දුවන්නේ වෙන ලේ. එතකොට මට බෑ ඒ විදිහේ පහත් ලෙවෙල් එකට වැටිලා ඒවට උත්තර දෙන්න. මට කියන්න ඕන තරම්
දේවල් තියෙනවා.අපිටත් සදාචාරයක් කියලා දෙයක් තියෙනවා නේ. ඒ ඇතුලේ ඉදගෙන තමයි අපි දේවල් කරන්න ඕනේ.

ඔබට එල්ල වෙන මේ චෝදනා එන්නේ ලක්ෂ්මන් හුළුගල්ල කියන නමත් එක්ක?

ඔවු, ලක්ෂමන් හුළුගල්ල තමයි මේ කියන පොලිසියේ අය මාරුකළා කියලා ආවේ. එතනදි තමයි මම දන්නේ මේ මීඩියා එකෙන් බොරු දේවලුත් එලියට එනවා කියලා. පොලිසියේ අය මාරුකරන්න ලක්ෂමන් හුළුගල්ලට බලයක් නෑ ඒක කරන්නේ පොලිස්පතිතුමා. පොලිස් ප්‍රකාශකවරයා කිව්වනේ මේ මාරුකරපු අයට මාරුවීමි දීලා තියෙන්නේ මේ කැසිනෝ එක් අල්ලන්නත් කලින් කියලා. 


ලියුම් යවලා තියෙද්දි තමයි මේ කැසිනෝ එක අල්ලන්නේ. එතකොට මේ කථාව සම්බ්න්ද කළා අපේ හතුරෝ. එතනදි මීඩියා එක අල්ලගෙන වෙනම කථාවක් හැදුවා. මම කැසිනෝ වලට සම්බන්ධ නෑ වගේම ලක්ෂ්මන් හුලූගල්ල කියන කෙනාට මොකක්ද තියෙන වුවමනාව මේ වජිරා නෙත්තිකුමාරගේ කැසිනෝ එක අල්ලන අයව මාරු කරලා මේකට සම්බන්ධ වෙන්න.

ඒ සම්බන්ධය හදන්නේ ඔබ හරහා නේද ?
ඔවු මුලින් මම කැසිනෝ එක කළා කියලා පෙන්නුවා. ඊට පස්සේ තමයි මේ කතාව හදන්නේ. එයා කියන්නේ “මට බලයක් තියෙනවා නම් 23ක් මාරු කරන්න මමත් someone. ඉතින් මට එහෙම බලයක් නෑ “ කියලා.


එයා ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විතරයි.මේ ගැන පොලීසිය නිල වශයෙන් පොලිස් ප්‍රකාශකවරයා නිවේදනය කරලත් වෙබ් සයිට්ස් වල මොනාද යන්නේ? වෙන වෙන කතා.මොකද එතකොට මිනිස්සු පෙළඹෙනවා කියවන්න. 

ඊට පස්සේ තමයි වජිරා නෙත්තිකුමාර ගේ නම ඇවිල්ලා දැන් ඔය යන්නේ. මීඩියා එකෙන් මාව දන්නේ නැද්ද? මං දන්නේ නෑ මේක ලස්සනට ඇතුලෙන් ප්ලෑන් කරලා කථාව ගියා. ඔය ඔක්කොටම නඩු දාලා මගේ කාලය නාස්ති කරගන්න අකමැති නිසා මම සද්ද නැතුව ඉන්නවා.

දැන් මෙහෙම චෝදනා එනකොට මේ අභියෝගයට මුහුණ දුන්නේ කොහොමද ?

මට හැම තිස්සෙම මගේ පපුවෙන්ම එන දෙයක් තමයි මම මෙහෙම දෙයක් කරලා නැහැනේ. මට මුහුණ දෙන්න බැරි කමක් නෑ කියන එක. දැන් මම වැරැද්දක් කළා නම් අද වජිරා වෙනුවට මමනේ යන්න ඕන
නඩු වලට. මම වැටිලා නෑ අද. 


හැබැයි ටික කාලයක් මම මානසිකව වැටුනා ඇයි මෙහෙම නොකළ චෝදනා එල්ලවෙන්නේ කියලා. හැබැයි පස්සේ ඇත්ත්ටම එළිවුණා කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා. ඇත්තටම කිව්වොත් වැටෙන්නම ඕන නැගිටින්න. 

අපිට පහර ගහලා අපි වැටෙන තැනදි අපි ස්ටෙප් එකක් පිටිපස්සට අරං තව එකක් තියන්න ඕනේ. විශේෂයෙන්ම මේක බලපාන්නේ ගෑණුන්ට. පිරිමින්ට ඕන දේවල් කරලා ඉන්න පුළුවන්. දැන් මම අද සුධර්මා නෙත්ති කුමාර නොවී හිටියා නම් මම කැසිනෝ නෙවෙයි මොන දේ කළත් කවුරුත් දන්නවාද? නෑ. 

ඔතනින්ම උසාවි ගෙනිච්චා ඕක ඉවරයි. අද වජිරාටත් මේක බලපෑවේ මම නිසා. මම ඒකට කණගාටු වෙනවා. එයාගේ මහත්තයගෙන් පස්සේ එයාට කරන්න වුන කැසිනෝ එක මම නිසා රට ඉස්සරහට ඇවිල්ල පත්තරේ ඉස්සරහ පිංතූරේ එයා ඉන්න තැනට අද පත්වෙලා තියෙනවා.

ඔබට හිතුනේ නැද්ද මේ ඇතැම් චෝදනා වලට උත්තර දෙන්න ඕන කියලා.

අර කථාවක් තියෙනවානේ “ ද සයිලන්ස් ඉස් ගෝල්ඩ් “කියලා. මට ගොඩාක් අය කිව්වා. ඔයා කථා කරන්න මහත්තයා ගැන කියන්න. ඔයා දන්නවා මේකේ ඇත්ත කතාව ඒ නිසා මීඩියා එකට ගිහින් කියන්න කියලා. හැබැයි මම ගියේ නෑ. 


මම අදටත් අහන්නේ මේ කථාව සමාජයට මේ තරම් වැදගත්ද කියලා විතරයි. මේ අපේ පවුලේ ප්‍රශ්ණයක් මේ සමාජයට වැදගත් ද කියලා මම අහන්නේ. මම මාධ්‍ය යෙන් කරන ලොකුම ඉල්ලීම තමයි සමාජයට වැදගත් නම් ඇත්ත ලියන්න.

දේශපාලනයට එන්න අදහසක් නැද්ද?

මට කීප දෙනෙකුත් කිව්වා පොලිටික්ස් කරන්න කියලා ඒත් මම ගියේ නෑ.මට මෙන්න මෙහෙමයි කරලා දේවල් හිතාගෙන නෑ.දේශපාලනය කරන්න ඕන කියන තැනදිත් එහෙමයි. 


අධිෂ්ඨානය විතරයි වැදගත් වෙන්නේ. මම නම් විශ්ෂයෙන්ම ගෑණු අයට කියන්නේ යන්න කියලා තව ඉස්සරහට. බැන්ද ගමන් ළමයෙක් හම්බවුණ පමණින් මේ ජීවිතේ ඉවර නෑ. ස්වාධීන වෙන්න.මම අත්දැකීමෙන් කියන්නේ කාන්තාව ස්වාධීන වෙන්න ඕනේ. මම සාමාන්‍ය පවුලක කෙනෙක් මම බැන්දේ ව්‍යාපාරිකයෙක්. 

එහෙම කසාද බැදලා අවුරුදු ගාණකට පස්සේ මට හිතෙනවා මහත්තයාට මොන දේ තිබුනත් වැඩක් නෑ මට නැත්තම් කියලා. මම හම්බකරන සල්ලි තමයි මගේ සල්ලි. අද මම ගාමිණි නෙත්තිකුමාරගේ බිරිද නෙවෙයි මම සුධර්මා. අපි හැමෝම ජීවිතේට කරන්න පුළුවන් දෙයක් අරගෙන එන්නේ.

3 comments:

Anonymous said...

sath paththini amma

නිහිංසා said...

ඔයා කියන දේ හරිනම් ...... කාන්තාවෝ මේ සියළු දේට එකග වේවි.....

Anonymous said...

;;;

Post a Comment