Pages

Subscribe:

Ads 468x60px

කඳාන මැසනොද් විදුහල් රථගාලේදී වෑන් රථ දෙකකට මැදිව තදවී සිසුවෙක්‌ මරුට

ජාඇළ ද මැසනොද් විදුහලේ රථ ගාලේදී 26 වැනිදා පස්‌වරුවේ පාසල් වෑන් රථ දෙකකට මැදිව තදවීමෙන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුන් පස්‌දෙනකු රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක්‌ ශිෂ්‍යයකු මිය ගොස්‌ ඇති බව වාර්තා වේ.

පාසල නිමවීමෙන් පසු නිවෙස්‌ වෙත යැම සඳහා පාසල් වෑන් රථවලට නැගීමට රථගාල වෙත පැමිණි අවස්‌ථාවේ මෙම ශිෂ්‍යයන් පිරිස අනතුරට ලක්‌ව ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

අනතුරින් තුවාල ලැබූ අවුරුදු 8 හා 9 වයස්‌වල පසුවන ශිෂ්‍යයන් පස්‌දෙනකු රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අසාධ්‍ය තත්ත්වයේ සිටි ශිෂ්‍යයකු හදිසි ශල්‍යකර්මයකටද ලක්‌ කිරීමෙන් පසු

මරණයට පත්වූ බව රාගම රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සමරනායක මහතා පැවසීය.

මෙලෙස මිය ගොස්‌ ඇත්තේ කදාන මැසනොද් විදුහලේ 3 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ තරිඳු දිල්සාර නමැති කටුවන ආනියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හත් හැවිරිදි දරුවෙකි.

මියගිය දරුවාගේ සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට අනතුරින් බරපතළ ලෙස හානි සිදුවී තිබීම නිසා වෛද්‍යවරුන්ට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බව වෛද්‍ය සමරනායක මහතා සඳහන් කළේය.

රෝහල්ගත කළ සිසුන් අතරින් සුළු තුවාල ලබා සිටි එක්‌ ශිෂයකු මූලික ප්‍රතිකාරවලින් පසු රෝහලෙන් පිටත්කර යවා ඇත. අනෙක්‌ සිසුන් තිදෙනා නේවාසික ප්‍රතිකාර සඳහා යොමුකර තිබිණි.

එක්‌ පාසල් වෑන් රථයකට සිසුන් නංවා ගනිමින් සිටියදී රථගාලේ බෑවුම් සහිත ප්‍රදේශයක සිට එන්ජිම ක්‍රියාත්මක නොකර පැමිණි තවත් වෑන් රථයක්‌ මුහුණට මුහුණ ලා ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි පරීක්‍ෂණ පවත්වන කඳාන පොලිසිය පවසයි.

අනතුරට සම්බන්ධ වෑන් රථ දෙකේම රියෑදුරන් පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබෙන අතර කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

0 comments:

Post a Comment