Pages

Subscribe:

Ads 468x60px

යෝධ ඇළ බැම්ම මත නතරවූ අත්ට්‍රැක්‌ටර් අනතුරකින් සිදුවූ සංජීව නමැති දෙදරු පියාගේ මරණය

යෝධ ඇළ බැම්ම මත නතර වූ අත්ට්‍රැක්‌ටරයේ "ගියරය නිව්ටල්" වී පසුව එය ආපස්‌සට ඇදී ගොස්‌ රියෑදුරු අසුනේ වාඩිවී එය පදවාගෙන ගිය සැමියාගේ පිටකොන්ද තම නිවස පිහිටි මිදුලේ ඇති පොල් ගසේ හේත්තුවීමත් සමගම අත් ට්‍රැක්‌ටරයේ හැඩලයේ බාර්එක ඔහුගේ පපුවට තදවී තිබුණා. 

යෑයි ඉකුත් 24 වැනිදා ශ්‍රාවස්‌තිපුර යෝධ ඇළ පාර ප්‍රදේශයේදී අත් ට්‍රැක්‌ටරයක්‌ පදවාගෙන යමින් සිටියදී සිදුවූ මාරක අනතුරකින් මියගිය ශ්‍රාවස්‌තිපුර යෝධ ඇළ පාරේ පදිංචිව සිටි දෙදරු පියකු වූ කස්‌තුරි ආරච්චි ලාගේ සංජීව කුලරත්න මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් පැවැති
හදිසි මරණ පරීක්‍ෂණයේදී මියගිය අයගේ බිරිඳ වන කේ. ඒ. තිලක්‌සිරි මේඛලා (26) මහත්මිය සාක්‍ෂි දෙමින් එසේ කීවාය.

මේ පිළිබඳ මරණ පරීක්‍ෂණය අනුරාධපුර වැඩ බලන මහෙස්‌ත්‍රාත් නදී ආකර්ෂා කුරේ මහත්මියගේ නියෝගයකට අනුව අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්‍ෂක සාමවිනිසුරු එච්. එම්. කුලසේකර මහතා විසින් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේදී පවත්වනු ලැබිණි.

අනුරාධපුර පොලිස්‌ ස්‌ථානයේ සැරයන් ජගත් (9889) මහතාගේ මෙහෙයවීම මත වැඩිදුරටත් සාක්‍ෂි දුන් කේ. ඒ. තිලක්‌සිරි මේඛලා මහත්මිය මෙසේද පැවසුවාය.

මියගොස්‌ සිටින කේ. ඒ. සංජීව කුලරත්න මගේ නීත්‍යානුකූල විවාහක සැමියා. ඔහුගේ රැකියාව රියෑදුරු. අපි දෙදෙනා විවාහ වුණේ 2006 වසරේ සැප්තැම්බර් මස 18 වැනි දින. ඔහුට දාව දරු දෙදෙනෙක්‌ සිටිනවා. වැඩිමහල් පුතාගේ වයස අවුරුදු පහ හමාරක්‌ වෙනවා. බාල දුවගේ වයස අවුරුදු දෙකහමාරයි. සැමියා මා සමග ඉහත ලිපිනයේ
පදිංචිව සිටියා.

මා දන්නා තරමින් මගේ සැමියා හට අසනීපයක්‌ හෝ වෙනත් ආබාධ තිබුණේ නෑ. ඔහු පුරුද්දක්‌ වශයෙන් මත්පැන් පානය කළෙත් නෑ. සැමියාට සී ෆෑන් වර්ගයේ අත්ට්‍රැක්‌ටරයක්‌ තිබෙනවා. එහි අමුණාගත් ටේ්‍රලරයකුත් තිබෙනවා.

එම අත්ට්‍රැක්‌ටරය වෙනත් පුද්ගලයකුගෙන් මිලදී ගත් එකක්‌. එය ලියා පදිංචි කර තිබුණේ නෑ. ශ්‍රාවස්‌තිපුර දුම්රියපළ හන්දියේ පාලිත යන අයට අයත් ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි කරන හාඩ්වෙයාර් එකක්‌ තිබෙනවා. මගේ සැමියා රැකියාව ලෙසට සිය අත්ට්‍රැක්‌ටරය පාලිත යන අයගේ හාඩ්වෙයාර් එක අසල නවතා තබාගෙන කුලියට භාණ්‌ඩ ප්‍රවාහනය කිරීමේ නිරතව සිටියා.

ඔහු නිවසේ සිට නපතා උදේ අත්ට්‍රැක්‌ටරය පදවාගෙන හාඩ්වෙයාර් එක ළඟට යන විට පුතයි, දුවයි අත්ට්‍රැක්‌ටරයේ ටේ්‍රලරයේ නංවාගෙන නිවස ඉදිරිපිට පිහිටි යෝධ ඇළ බැම්ම මත මාර්ගය දක්‌වා රැගෙන ගොස්‌ පසුව නැවතත් දරු දෙදෙනා නිවසට ගෙනවිත් දමා යැම පුරුද්දක්‌ වශයෙන් කරගෙන ගියා.

අනතුර සිදුවූ දා උදේ 7.30 ට පමණ සැමියා හාඩ්වෙයාර් එක ළඟට යැම සඳහා අත්ට්‍රැක්‌ටරය පණගන්වා දරු දෙදෙනාද එහි ටේ්‍රලරය මත නංවාගෙන පිටත් වුණා. ඔහු සිය අත්ට්‍රැක්‌ටරය පදවාගෙන යෝධ ඇළ බැම්ම මතට නගින විට එක වරම ට්‍රැක්‌ටරයේ ගියර් ගිලිහී ගොස්‌ නිව්ටල් වීම නිසා එය යෝධ ඇළ බැම්ම මත නතර වී ආපසු පහළට ඇදී එන්නට පටන් ගත්තා. මා එම අවස්‌ථාවේ දරුවන් දෙදෙනා ආපසු නිවසට එන තෙක්‌ මිදුලේ සිට බලා සිටියා.

අපේ නිවස ඉදිරිපිට මිදුලේ පොල් ගසක්‌ තිබෙනවා. එම අවස්‌ථාවේ මගේ සැමියාට අත්ට්‍රැක්‌ටරය යෝධ ඇළ බැම්ම මත සිට ආපස්‌සට ඇදී ආ වෙලාවේ එය නවතා ගැනීමට උත්සාහ කරද්දී එය පාලනය කරගත නොහැකි වුණා. 


එම අවස්‌ථාවේ අත්ට්‍රැක්‌ටරය තවදුරටත් ආපස්‌සට ධාවනය වී එහි ටේ්‍රලරය පොල්ගස සමීපයෙහි නතර වුණා. එවිට රියෑදුරු අසුනේ සිටි සැමියාගේ පිටකොන්ද පොල් ගසට හේත්තුවීමත් සමග අත්ට්‍රැක්‌ටරයේ හැඩලය ඔහුගේ පපුවට තදවී තිබුණා. මම එම අවස්‌ථාවේ සිරවී සිටි සැමියා දැඩි උත්සාහයකින් පසු ඉවත්කර ගත්තා.

අත්ට්‍රැක්‌ටරයේ සිටි දරු දෙදෙනා අනතුරක්‌ නොවී නිරුපද්‍රිතව සිටියා. අත්ට්‍රැක්‌ටරයේ හැඩලයේ බාර් එකට හා පොල් ගසට මැදිව සිරවීම නිසා සැමියාගේ පපුව ප්‍රදේශයට තුවාල සිදුවී තිබුණා. ඔහුගේ නිකට ප්‍රදේශයට හා කන් පෙත්තට තුවාල සිදුවී තිබුණා මා දුටුවා. ඔහුට කතා කිරීමට තරම් සිහිය තිබුණේ නෑ.

මම කෑගසන ශබ්දය ඇසී අසල්වාසීන් අනතුර සිදුවූ ස්‌ථානයට පැමිණියා. ඒ අයගේ ද සහය ඇතිව ත්‍රිරෝද රථයකින් මගේ සැමියා රැගෙන ගොස්‌ උදේ 7.57 වන විට අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළා. පසුව සැමියා එම රෝහලේ අංක 11 වාට්‌ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරවරු 9.00 ට පමණ මියගිය බව දැන ගැනීමට ලැබුණා.

0 comments:

Post a Comment