මේ පිළිබඳව ඇගේ මව වන ලීලාවතී කොඩිතුවක්කු මහත්මිය අදහස් දැක්වූයේ මෙසේය.
මෙම රෝගී තත්ත්වයේ පසුවන්නේ මගේ දෙවැනි දරුවායි. අපට තවත් දූවරු දෙදෙනෙක් සිටිනවා. මගේ ස්වාමිපුරුෂයා රැකියාව වශයෙන් කරන්නේ පෙදරේරු වැඩ. සචිනි දුව පාසල් අධ්‍යාපනයෙන් පසුව මතුගම එයිටිකන් ස්පෙන්ස් ඇඟලුම් කම්හලේ රැකියාව කරමින් සිටියා. ඉතා
නිරෝගී තත්ත්වයෙන් සිටි ඇය විවේක ඇති අවස්ථාවලදී වොලිබෝල් ක්‍රීඩාවේද යෙදුණා.
මෙම කනගාටුදායක සිද්ධිය වූ දින සවස ඇය මා සමඟ කීවා ඇඟ රිදෙන බව. පසුව හිසේ වේදනාවක් දැනෙන බවත් කීවා. පසුව ඇයට ක්ලාන්තයක් වාගේ හැදුණා. ඒ සඳහා යම් යම් ප්‍රථමාධාර දුන්නත්, එයින් සුවයක් ලැබුණේ නැහැ.
පසුව ඇයව ධර්ගා නගරයේ රෝහලට ගෙන ගියා. එහිදී රෝගියාව නාගොඩ රෝහලට යෑව්වා. පසුව ඇයව වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා කොළඹ මහ රෝහලට යෑවීමට අවශ්‍ය කටයුතු සිදු කළා. එම රෝහලේදී රෝගියාගේ හිසේ සැත්කමක් කළා. අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර මාස 3 ක් පමණ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබා දුන්නා.
මේ පිළිබඳව වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ ස්නායු පිළිබඳ ආබාධයක් නිසා මෙය සිදුවිය හැකි බවයි. මේ වනවිට ඇය නිවසේ සිට කරාපිටිය රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබනවා.
තවමත් ඇය සිහි නොමැතිව සිටින නිසා, නාසයෙන් දැමූ බටය මගින් දියර ආහාර පමණක් ලබාදීමට සිදුවී තිබෙනවා. ඌරගහ සිරිධම්ම හිමිපාණන් ඇයට සෙත්පතා පිරිත් සඡ්ධායනා කරනවා. ඇයට සෙත් පැතීම සඳහා මරණයට කැපවූ ගවයකුට ද පසුගියදා අභයදානය දෙනු ලැබුවා.
වැලිපැන්න පොලිසියේ අනිල් විතාන මහතාත් ග්‍රාම නිලධාරි උපුල් සෙන්දනායක මහතා ඇතුළු ගම්වාසීන්ද අපට ඒ සඳහා උදව් කළා. කෙළිදෙලෙන් හා සතුටින් සිටි මගේ රත්තරන් දියණියට මුහුණ පෑමට සිදුවූ මෙම මහා ව්‍යසනය මට නම් ඉවසා දරාගෙන ඉන්න බැහැ. මේ නිසා අපේ සියලුම දේවල් අවුල් වෙලා.
එබැවින් විශාල කරදර රාශියකට මුහුණපෑමට සිදුවී ඇති මෙම දුක්බර අවස්ථාවේදී අපට ආධාර උපකාරයක් කිරීමට කවුරුන් හෝ ඉදිරිපත් වන්නේ නම් එය මහඟු පින්කමක් යෑයි ලීලාවතී මහත්මිය කීවාය.
ඇයගේ ලිපිනය, ලීලාවතී කොඩිතුවක්කු, කොස්ගහදෙනිය, වලගෙදර (මතුගම හරහා). දුරකථනය ලීලාවතී මහත්මිය 0345715396, දුරකථනය - ග්‍රාම නිලධාරී උපුල් - 0714458089
0 comments:
Post a Comment