Pages

Subscribe:

Ads 468x60px

වරාපිටිය ගමේ බාහිර උපාධි අපේක්‍ෂිකාවක්‌ අබිරහස්‌ ලෙස මරා දමලා

මාතලේ පොලිස්‌ වසමට අයත් වරාපිටිය ගමේ අබිරහස්‌ ලෙස මරා දමන ලද තරුණිය කගේ මළ සිරුරක්‌ මාතලේ පොලිසිය මගින් සොයාගෙන තිබේ. එම ගමේ පදිංචිව සිටි ලලනී නදීෂා වරාපිටිය නමැති 23 හැවිරිදි තරුණියගේ මළ සිරුර එසේ සොයාගෙන ඇත.

ඇය පදිංචි නිවස අසලම ළඳු කැලෑවක්‌ අසලින් ගලා යන ඇළ පාරක්‌ අසල තිබී මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර පොලිසිය සිරුර සොයාගන්නා විට එහි කිසිදු ඇඳුමක්‌ තිබී නැති බව පැවසේ. ඇගේ ගෙල පෙදෙසේ කැපුම් තුවාලයක්‌ තිබූ බව පොලිසිය පවසයි.

සිව්දෙනකුගෙන් යුත් පවුලක බාලයා වන මියගිය තරුණිය බාහිර උපාධි අපේක්‍ෂිකාවකි. ඇය මියගිය දිනයේ දහවල් ඇගේ නිවසේ මංගල

උත්සවයක්‌ ද පැවැති අතර ඇගේ බාල සොහොයුරා විවාහ වී මනාලිය නිවසට කැඳවාගෙන ඒම වෙනුවෙන් එම උත්සවය පවත්වා තිබේ.

තරුණිය මියගිය දින මැදියම් රාත්‍රි 2.15 ටත් ඇය තමා සමඟ කතා කරමින් සිටි බව ඇගේ මව පොලිසියට පවසා ඇත. මව සමඟ එකම කාමරයේ නිදා සිටි තරුණිය උදේ නොමැතිවීම නිසා මාපියන් ඒ පිළිබඳව මාතලේ පොලිසියට පැමිණිලි කර ඇත.

0 comments:

Post a Comment