Pages

Subscribe:

Ads 468x60px

ඇල්පිටියේදී සහ මාතලේදී සරසවි සිසුවියන් දෙදෙනකු මරා දමලා...

යුද හමුදා සෙබළෙකු විසින් තම පෙම්වතිය වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක පෙරේදා (24 වැනිදා) අලුයම ඉතා කෲර අන්දමින් පිහියෙන් ඇන මරා දමා ඇත.

මෙලෙස ඝාතනයට ලක්‌ව ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය පීඨයේ අධ්‍යාපනය හදාරන තල්ගස්‌වල, නියාගම "ජයසුදම්" නිවසේ පදිංචි කොටගොඩහෙට්‌ටි බිමාෂා ගයන්ති ත්‍රිමාන නමැති 21 හැවිරිදි තරුණියකි.

ඊයේ 24 දා අලුයම 3.30 ට පමණ තල්ගස්‌වල සිට ඇල්පිටිය හරහා කොළඹ දක්‌වා ධාවනය වන ඇල්පිටිය ලං.ග.ම. ඩිපෝවට අයත් බස්‌ රථයකින් ඇල්පිටිය නගරයට පැමිණ ඇති මෙම යුවල ඇල්පිටියේ දී බහින් බස්‌ වීමක්‌ වී ඇත. එහිදී හමුදා සෙබළා විසින් සිය පෙම්වතියට පිහි පහර හයක්‌ එල්ලකර තිබේ.

පිහි පහරට ලක්‌ව ඇති තරුණිය උදව් ඉල්ලා කෑ ගසමින් බස්‌ නැවතුම්පොළ අසල ඇති පාලු ගොඩනැඟිල්ලක්‌ වෙත දුව ගොස්‌ ඇති අතර, එහිදී බිම වැටී මරුමුවට පත්ව ඇත.

සැකකාර පෙම්වතා ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ බළකායට අනුයුක්‌තව රාජකාරි කරන සෙබළෙකි. ඔහු නිවාඩුවට නිවසට පැමිණ තිබේ. පෙම්වතා මෙම තරුණිය සමඟ දැනට වසර තුනක සිට ප්‍රේම

සම්බන්ධතාවයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත. ඔහු ඇල්පිටිය ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම තරුණිය සෙනසුරාදා හා ඉරිදා දිනවල කොළඹ තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික පාසලක ඉංග්‍රීසි විෂය උගන්වා තිබේ. ඇය ඊයේ (24 දා) නිවසේ සිට කොළඹ බලා පිටත්ව ගොස්‌ ඇත්තේ මෙම උපකාරක පාසලේ ඉගැන්වීම් සඳහාය. 


එයට පෙම්වතා විරෝධය පළකොට ඇත. පෙම්වතා තරුණියට දුරකථනයෙන් කථා කොට ඉගැන්වීම් සඳහා කොළඹ නොයන ලෙස දන්වා තිබේ. තරුණිය පෙම්වතාගේ කීම පිළිනොගත් නිසා පෙම්වතා ඇයට දුරකථනයෙන් තර්ජනය කොට ඇත.

කොළඹ ගියහොත් තමන් හොඳ වැඩක්‌ කරන බව පෙම්වතා තරුණියට තර්ජනය කොට තිබේ. මේ ප්‍රශ්නය මුල්කරගෙන මොවුන් දෙදෙනා අතර ගැටුමක්‌ද නිර්මාණය වී ඇත. පෞද්ගලික උපකාරක පන්තියේ ඉංග්‍රීසි ඉගැන්වීම නතර කිරීමට තරුණිය කොහෙත්ම කැමැති වී නැත. 


ඊයේ (24 දා) අලුයම 2.00 ට පමණ පෙම්වතා තරුණියට දුරකථන ඇමතුමක්‌ ලබාදෙමින් අසා ඇත්තේ 3.15 බස්‌ එකෙන් කොළඹ යනවාද කියාය. එවිට තරුණිය කොළඹ යන බව පවසා ඇත. 

පසුව පෙම්වතා ඇල්පිටිය නගරයට පැමිණ තරුණිය බස්‌රථයෙන් බස්‌සවාගෙන පාළු තැනකට රැගෙන ගොස්‌ මෙම ඝාතනය කරන්නට ඇති බවට පොලිස්‌ පරීක්‍ෂණ වලදී අනාවරණය වී ඇත.

සැකකාර පෙම්වතා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම තරුණිය පස්‌ දෙනකුගෙන් යුත් පවුලක මද්දුම දියණියයි. ඇගේ පියා වන කොට්‌ටගොඩ හෙට්‌ටි චන්ද්‍ර ජයන්ත ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශයේ රියදුරකි. මව සුදර්මා ත්‍රිමාන පෝද්දිවල මහා විද්‍යාලයේ ක්‍රීඩා විෂය උගන්වන ගුරුවරියකි.

වැඩිමහල් සහෝදරයා වන මුදිත ගයනක කොතලාවල ආරක්‍ෂක පීඨයේ ඉගෙනුම ලබන අතර බාල නැගණිය වන ප්‍රමුති ගයනී පෝද්දිවල මහා විද්‍යාලයේ අකුරු කරන්නීය.

සිද්ධිය වූ ස්‌ථානය පරීක්‍ෂණයට ගිය ඇල්පිටිය වැඩබලන මහෙස්‌ත්‍රාත් ජනක රුවන්පුර මහතා පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණය සඳහා තරුණියගේ සිරුර ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යවන ලෙසටත්, සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටත් පොලිසියට නියෝග කළේය.

0 comments:

Post a Comment