Pages

Subscribe:

Ads 468x60px

සෙරෙප්පු දෙකක් පැළැඳ පාසල් ආ දැරියගේ බෙල්ලේ සෙරෙප්පු දෙක ගැට ගහලා

සපත්තු යුගලක් ගැනීමට මුදල් නැති නිසා සෙරෙප්පු යුගලක් පැලඳගෙන පාසල් ගිය පහ වසරේ සිසුවියක් එහි ගුරුවරියක විසින් එළියට ඇද දැමීමේ සිද්ධියක් දැනගත් සේරුවිල පොලිසියේ නිලධාරීන් එම දැරියට සපත්තු යුගලක් ලබා දෙමින් ආදර්ශවත් ක්‍රියාවක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

කරුණු අනාවරණය වන ආකාරයට මේ දැරිය සේරුවිල ප්‍රදේශයේ පදිංචි පියා අහිමි ඉතා දුප්පත් පවුලක දැරියක් බවත්, ඇය පාවිච්චි කළ සපත්තු යුගලය කැඩී ඇති නිසා සෙරෙප්පු යුගලක් පැලඳගෙන ඉකුත් 25 දින පාසලට ගිය අවස්ථාවේ එහි විනය භාර ගුරුවරිය එම දැරිය එළියට ඇද

දමා ඇති බවත්, ඊට පසුදින සිට ඇය පාසල් නොගොස් ඇති බවත් දැන ගැනීමට ඇත.

පසුව එම සිද්ධිය එම ප්‍රදේශයේ සිවිල් ආරක්‍ෂක කමිටු නිලධාරීන් මඟින් සේරුනුවර පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එම්.බී. වීරරත්න මහතාට දැනගැනීමට ලැබීමෙන් අනතුරුව ඒ මහතා එම විදුහල්පතිවරයා පාසලට කැඳවා කරුණු අවබෝධ කර දීමෙන් පසු පොලිසියේ සියලු දෙනාගේ සහායෙන් එම දැරියට අලුත් සපත්තු යුගලක් මිලදීගෙන ලබාදී ඇති බවද පැවැසෙයි. මේ දැරිය සේරුනුවර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බවද දැන ගැනීමට ඇත.


ඒ ‍පිලිබඳ තවත් විස්තර පහතින් 

සපත්තු දෙකක් ගැනීමට මුදල් නැති නිසා සෙරෙප්පු දෙකක් පැළැඳ පසුගිය සිකුරාදා පාසල් ආ දැරියගේ බෙල්ලේ සෙරෙප්පු දෙක ගැට ගැසු බව කියන සිද්ධියක්  දැනගත් සේරු නුවර වැඩබලන පොලිස් ස්ථානාධිපති එම් බී වීරරත්න මහතා පොලීසියේ වියදමින් දැරියට සපත්තු දෙකක් පරිත්‍යාග කළේය.

පියාද නොමැති මේ දැරියට එම අමානුෂික සැළකිම කළ බව කියන ත්‍රිකුණාමල පාසලක  පන්තිය භාර ගුරුවරියට  ද දරුවන් සිටින බව ප්‍රදේශවාසීහු කියති. විදුහල්පති පොලීසියට කියා ඇත්තේ පාසලේ විනය රැකීම සඳහා ගුරුවරිය එම පියවර ගෙන ඇති බවයි.

පොලිස් ස්ථානාධිපතිගෙන් සපත්තු දෙක ලබා ගත් දැරියගේ මව කියා ඇත්තේ දැරියගේ යහපත සඳහා මේ සිද්ධිය ගැන තව දුරටත් ක්‍රියා නොකරන බවයි. 



0 comments:

Post a Comment