Pages

Subscribe:

Ads 468x60px

පුතා වේගෙන් දුවගෙන ඇවිත් බිරිඳ අතේ ඇති පිඟානේ වැදී පිඟාන දෙකට කැඩුණු කෑල්ලක්‌ බෙල්ල කපාගෙන ඇතුලේ හිරවුණා

දුවගෙන ආපු මගේ පුතා බිරිඳගේ අතේ තිබුණු වීදුරු පිඟානේ ගැටීමත් සමඟ එය කැඩුණා. එම පිඟන් කෑල්ලක්‌ පුතාගේ බෙල්ලට හිරවී තිබුණා. බෙල්ල කැපී ලේ ගොඩක්‌ ආවා....."

අලුත් අවුරුද්දට නිවසට පැමිණි නෑදැ හිතවතුන්ට ආහාර සූදානම් කරමින් තිබූ නිවසක මව අත තිබූ වීදුරු පිඟානක ගැටුණු අට හැවිරිදි පිරිමි දරුවකුගේ ගෙල කැපී අධික ලෙස රුධිරය වහනය වී මියයැම සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂණ උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයේදී සාක්‍ෂිදුන් කාවින්ද මල්ලිකාරච්චි (42) යන අය එසේ පැවැසීය.

මෙලෙස මියගොස්‌ ඇත්තේ හොරණ, පොකුණුවිට, වැලිගම්පිටිය පදිංචිව සිටි අදීප ආසුක මල්ලිකාරච්චි නමැති පාසල් සිසුවෙකි. මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක මොහොමඩ් අෂ්රූමි මහතා හමුවේ පැවැති අතර එහිදී තවදුරටත් සාක්‌ෂි දුන් මියගිය දරුවාගේ පියා මෙසේද කීය.

මියගොස්‌ සිටින්නේ මගේ පුතා. මට දරුවන් දෙදෙනෙක්‌ සිටිනවා. දුවයි, පුතයි. පුතා කුලුපන තක්‌ෂිලා කනිෂ්ඨ විද්‍යාලයේ 4 වැනි වසරේ ඉගෙනුම ලැබුවා. 2014/04/15 වැනිදා අපි අලුත් අවුරුද්දට දවල් කෑමට එන නෑදැයන්ට දවල් කෑම සූදානම් කරමින් තිබුණා. මගේ බිරිඳ බත් දමන

ලොකු වීදුරු පිඟානක්‌ සෝදාගෙන පිටිපස්‌සේ කොරිඩෝවේ සිට කුස්‌සිය පැත්තට ආවා. එයා ඒක අත් දෙකෙන් උස්‌සාගෙන එනවිට පුතා ගෙදර ඉදිරිපසින් කුස්‌සිය පැත්තට දුවගෙන ආවා.

පුතා දුවගෙන ආපු වේගයට එයා මගේ බිරිඳගේ අතේ තිබුණු වීදුරු පිඟානේ ගැටුණා. එහිදී වීදුරු පිඟාන කැඩිලා එහි කෑල්ලක්‌ පුතාගේ බෙල්ලට අහුවෙලා තිබුණා. ඒ මොහොතේ මා අසල සිටියා. ඉන්පසු පුතා වැටෙන්න ගියා. මා පුතාව වැටෙන්න දෙන්නේ නැතුව උස්‌සලා ගත්තා.


පුතාගේ බෙල්ල කැපී තිබුණා. ලේ හුඟක්‌ ආවා. පුතාට සිහිය නැතුව ගියා. එවලේම පුතාව උස්‌සාගෙන ත්‍රීරෝද රථයකින් හොරණ රෝහලට රැගෙන ආවා. එම රෝහලෙන් පුතාව කොළඹ ජාතික රෝහලට රැගෙන ආවා.

එහිදී පුතාගේ උගුරේ සැත්කමක්‌ කළා. පුතා එදා ඉඳලා දිගටම රෝහලේ සිහිය නැතුව සිටියා. පුතාගේ අම්මා කම්පනයට පත්වෙලා ගෙදර ඉන්නේ. එදා දහවල් අපේ ගෙදරට කෑමට ආ ඥතීන්ද සිටියා. පසුව පුතා රෝහලේදී මිය ගියා.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී. එල්. එම්. සේනානායක මහතා විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර ඉදිරිපත්වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක අෂ්රූමි මහතා මෙම මරණය වීදුරු පිඟානකට හැපීමෙන් එය කැඩී ඊට ගෙල හා උගුර තුවාල වී අධික ලෙස රුධිරය වහනය වීමෙන් සිදුවූ මරණයක්‌ බවට නිගමනය කළේය.

0 comments:

Post a Comment