Pages

Subscribe:

Ads 468x60px

නයෝමා කොලිමාන්ගේ පච්ච කොටා තිබූ බුදුරුවට යටින් සිප වනවැලඳ ගන්නා යුවළක්‌...

පසුගියදා කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවගේ වම් අතේ උඩ කොටසේ පච්ච කොටා තිබූ බුදුන් වහන්සේ නෙළුම් මලක්‌ මත වැඩ සිටින අයුරු දැක්‌වෙන චිත්‍රයට අමතරව පිරිමියෙක්‌ හා කාන්තාවක්‌ එකිනෙකාට තුරුළු වී සිප ගන්නා චිත්‍රයක්‌ ඊට යටින් තිබුණු බවත්, බුදුන් හා බුද්ධ ධර්මය කෙරෙහි වූ පැහැදීම නිසා ඒවා සිරුරේ ප්‍රදර්ශනය කරමින් පැමිණි බවට ඇය කරන ප්‍රකාශය පිළිගත නොහැකි බවත් අතිරේක සොලිසිටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

ඉකුත් අප්‍රේල් 21 දා ඇය පොලිස්‌ අත්අඩංගුවට පත්ව සිටියදී ගත් පච්ච කොටා තිබූ එම චිත්‍ර පැහැදිලිව පෙන්නුම් කරන ඇගේ ඡායාරූපයක

පිටපතක්‌ ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය.

නඕමි මිචෙලි කොල්ටා නමැති 37 හැවිරිදි බ්‍රිතාන්‍ය කාන්තාව අත් අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ ඊයේ සලකා බැලූ අවස්‌ථාවේදී පෙත්සමේ එක්‌ වගඋත්තරකරුවකු හැටියට නම් කර සිටින නීතිපති වෙනුවෙන් පෙනී සිටිමින් අතිරේක සොලිසිටර් ජනරාල් ජයසූරිය මහතා එසේ සඳහන් කළේය.

සලීම් මර්ෂුප්, චJද්‍රd ඒකනායක සහ ඊවා වනසුන්දර යන තිදෙනාගෙන් විනිසුරු මඬුල්ල සමන්විත විය. අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ එම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව අත්අඩංගුවට ගැනීම ද්වේෂයෙන් යුතුව කළ ක්‍රියාවක්‌ නොවන බවයි. 


ඇගේ සිරුරේ ඉතා පැහැදිලිව ප්‍රදර්ශනය වන ආකාරයට පච්ච කොටා තිබූ බුදුරුව සහ සෙසු චිත්‍ර දුටු විගස ඇය වරදක්‌ කර ඇතැයි සිතූ සිවිල් ආරක්‍ෂක නිලධාරියා ඇයව අත්අඩංගුවට ගෙන පොලිසියට ඉදිරිපත් කර ඇති බවත් ඊට පසුව මහෙස්‌ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසුව රක්‍ෂිත භාරයට පත්ව සිට මහෙස්‌ත්‍රාත් නියෝග මත රටින් පිටුවහල් කර ඇති බවත්, වැඩිදුරටත් පැවසූ අතිරේක සොලිස්‌ටර් ජනරාල්වරයා එම සිද්ධියට දින කීපයකට පෙර බුද්ධාගමට නිගා වෙන ආකාරයේ චිත්‍ර සිරුරේ ප්‍රදර්ශනය කර ගෙන පැමිණි විදේශිකයකු රටින් පිටුවහල් කර ඇති බව ද කීවේය.

බ්‍රිතාන්‍ය ජාතික පෙත්සම්කාරිය වෙනුවෙන් අධිනීතිඥ ඡේ. සී. වැලිඅමුණ මහතා පෙනී සිටි අතර පෙත්සමේ කරුණු තහවුරු කරමින් ඔහු මුලින්ම කියා සිටියේ ඇය මීට පෙර දෙවතාවක්‌ බුදුරුව ඒ ආකාරයෙන්ම සිරුරේ පච්ච කොටාගෙන ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති නමුත් එකම අවස්‌ථාවකදීවත් මෙවන් බාධාවකට අමානුෂික හිරිහැරයකට භාජනය වී නැති බවය.

ඉකුත් අප්‍රේල් 21 දා සවස 5.00 ට පමණ කටුනායක ගුවන්තොටුපළට පැමිණි පසුව විදේශ රටක සිටින ඇගේ මිතුරෙක්‌ එනතෙක්‌ එහි රැඳී සිටියදී සිවිල් ආරක්‍ෂක නිලධාරියෙක්‌ යෑයි කියාගත් පුද්ගලයෙක්‌ පැමිණ සිරුරේ පච්ච කොටා තිබූ චිත්‍රවලට විරෝධය පළ කරමින් ඇය කටුනායක පොලිසියට ගෙන ගෙස්‌ බාරදී ඇති බවත්, බෙන්තොට සංචාරයක්‌ සඳහා පැමිණ සිටි ඇය නිදහසට කී කරුණු කිසිවක්‌ සැලකිල්ලට නොගත් පොලිස්‌ ස්‌ථානාධිපති ඇය උසාවියට ඉදිරිපත් කර ඇති බවත් අත් අඩංගුවට පත් අවස්‌ථාවේ සිට රටින් පිටුවහල් කරනු ලබන තෙක්‌ ඇගේ නිදහසට බාධා වන අන්දමට ඉතා කෲර ලෙස ඇයට සලකා ඇති බවත් අධිනීතිඥ වැලිඅමුණ මහතා කීය.

අධිනීතිඥ මහතා සිය දේශනයේදී දැඩිව කියා සිටියේ ඇය කවර වරදක්‌ කළත් රටින් පිටුවහල් කිරීමට මහෙස්‌ත්‍රාත්වරයාට බලයක්‌ නැති බවය.

ශ්‍රී ලංකාවේ සංචාරයක්‌ හෝ කවර කාරණයක්‌ සඳහා පැමිණි කිසියම් විදේශිකයකු වරදක්‌ කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමෙන් පසුව, එය රටින් පිටුවහල් කිරීමට තරම් වරදක්‌ නම් ඒ පිළිබඳ නියෝගය නිකුත් කරන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් යෑයි ද අධිනීතිඥ වැලිඅමුණ මහතා පැවසීය.

උසාවි සිර කූඩුව තුළ රඳවා සිටියදී බන්ධනාගාර නිලධාරීන් ඇයට කාමුක ඉරියව් දක්‌වමින් උසුළු විසුළු කර ඇති බවත්, බන්ධනාගාර නිලධාරිනියක්‌ ඇගෙන් රුපියල් 5000/} ක අල්ලසක්‌ ලබාගෙන ඇති බවත් කී අධිනීතිඥ වැලිඅමුණ මහතා ඒ දෙදෙනාගේ නම් ගම් විස්‌තර සොයා ගෙන යථා කාලයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බවත් වැඩිදුරටත් පැවසූ අධිනීතිඥ වැලිඅමුණ මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක්‌ සඳහා පැමිණි විදේශ කාන්තාව අනිසි හිරිහැරයකට භාජනය කර ඇති බවට පැහැදිලි සාක්‍ෂි ඇති බවත් සියලු වගඋත්තරකරුවන් උසාවි කැඳවා පෙත්සම පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පවත්වන ලෙසත්, ඇයට සිදු වූ හිරිහැරයට සැලකිය යුතු වන්දි මුදලක්‌ රජයෙන් හා වගඋත්තරකරුවන්ගෙන් අයකර දෙන ලෙසත් අධිනීතිඥවරයා ඉල්ලා සිටියේය.

පෙත්සම පිළිබඳ විභාගයක්‌ පැවැත්වීමට විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කළහ. පෙත්සම් විභාගය ලබන දෙසැ. 15 දා පැවැත්වේ. සති 06 ක්‌ ඇතුළත විරෝධතා ගොනු කිරීම සඳහා කල් දෙන ලදී.

අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ විරුනිකා හෙට්‌ටිගේ මහත්මියද, අතිරේක සොලිස්‌ටර් ජනරාල් සමඟ නීතිපති වෙනුවෙන් පෙනී සිටියහ.

නීතිඥ විශ්වා ද ලිවේරා තෙන්නකෝන් මහතාගේ උපදෙස්‌ පිට තිශ්‍යා වේරගොඩ, හෂීල් පායිස්‌ සමඟ අධිනීතිඥ වැලිඅමුණ මහතා පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටියේය.

0 comments:

Post a Comment