Pages

Subscribe:

Ads 468x60px

අනියම් ඇසුරට අකමැතිවූ දෙදරු මවට පොල්ලෙන් ගසා මරා එල්ලී මැරුණු සෙබලා.

අනියම් ඇසුරක්‌ සඳහා අකමැත්ත ප්‍රකාශ කළ වැලිගම මිරිස්‌ස ප්‍රදේශයේ දෙදරු මවක හිටපු හමුදා සෙබළකු විසින් ඊයේ (06 වැනිදා) පෙරවරුවේ පොල්ලකින් පහරදී ඝාතනය කර ඔහු ද ගෙල වැලලාගෙන මියගොස්‌ ඇත.

මෙහිදී මියගොස්‌ ඇත්තේ රෝහිණී නිල්මිණී කාන්ති විමලගුණසේකර නමැති තිස්‌පස්‌ හැවිරිදි දෙදරු මවක හා හිටපු හමුදා සෙබළකු වූ කේ. එච්. අසංක සනත් නමැති තිස්‌නව හැවිරිදි අවිවාහකයෙකි.

මියගිය කාන්තාව අවුරුදු දෙකහමාරක්‌ වයසැති බාල දරුවා වඩාගෙන ඊයේ උදෑසන වැඩිමහල් දරුවා දහම් පාසලට ඇරලවීම සඳහා යමින්

සිටියදී හිටපු හමුදා සෙබළා මෙම කෲර ඝාතනය සිදුකර ඔහු ද නිවසට ගොස්‌ ගෙල වැලලාගෙන ඇත.

ඝාතනය සිදු කළ හිටපු සෙබළා මියගිය කාන්තාවගේ නිවසට යාබද නිවසේ දෙමාපියන් සමඟ වාසය කර ඇත. ඔහු කාලයක්‌ තිස්‌සේ ඇයට අනියම් ඇසුරක්‌ සඳහා ආරාධනා කර ඇත. 


මේ බලපෑම් ඉවසිය නොහැකි කාන්තාව සහ ඇගේ සැමියා ඒ පිළිබඳව වැලිගම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු හිටපු සෙබළා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දින 14 ක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ඔහු ඇප මත පැමිණි පසු මියගිය කාන්තාවට මරණ තර්ජන කර ඇති අතර ඒ සම්බන්ධව ඇය වැලිගම පොලිසියට පැමිණිලි කර ඇත. ඒ සම්බන්ධ යෙන් විභාග කිරීමට පොලිසිය දින දෙකක්‌ සැකකරුගේ නිවසට ගියත් ඔහු නිවසේ සිට නැතැයි උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය. 


එහෙත් කාන්තාවගේ ඥාතීන් පවසන්නේ පොලිසියට දෙවැනි වර කළ පැමිණිල්ලට පොලිසිය නිසි ප්‍රතිචාර නොදැක්‌වීම නිසා මෙම අපරාධය සිදුවූ බවයි. මෙම අපරාධය සිදුවූ ඊයේ පෙරවරුවේ මියගිය කාන්තාවගේ සැමියා තමන් සේවය කරන හෝටලයේ රැකියාවට පිටව ගොස්‌ ඇත. 

අනතුරුව කාන්තාව කුඩා දරුවා වඩාගෙන වැඩිමහල් දරුවා දහම් පාසලට රැගෙන යැමට නිවසින් මීටර් 50 ක්‌ පමණ ගමන් කරමින් සිටියදී ඇය පිටුපසින් ගොස්‌ පොලු පහර දී ඇති බවට පොලිසිය සැකකරයි. දහම් පාසල් යමින් සිටි නව හැවිරිදි දරුවාගෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීමට පොලිසිය ඊයේ කටයුතු කර තිබිණි.

0 comments:

Post a Comment