Pages

Subscribe:

Ads 468x60px

ධනිඳු දරුවා සෙවීමට සීඅයිඩිය මිගලෑව වටලයි

සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ විසින් මීගලෑවේදී පැහැර ගෙන ගිය සිව් හැවිරිදි ධනිඳු ඒකනායක දරුවා සෙවීමේ පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩී) යෙදවීමට පොලිස්‌පතිවරයා ඊයේ (31 වැනිදා) කටයුතු කළේය.

ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්‌ඩායමක්‌ ඊයේ (31 වැනිදා) දහවල් මීගලෑවට ගොස්‌ සිය පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

මේ අතර දරුවා සෙවීමේ කටයුතු සඳහා වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් පහක්‌ද පරීක්‍ෂණ පවත්වමින් සිටිති.

පැහැර ගැනීමට ලක්‌ වූ දරුවා පිළිබඳව කිසිදු තොරතුරක්‌ ඊයේ (31 වැනිදා) දහවල් වන තුරුත් ලැබී නොතිබිණි. පොලිසිය අපරාධකරුවන් ගෙන් ඉල්ලා සිටින්නේ දරුවාගේ ජීවිතයට අනතුරක්‌ නොකර ඔහු

නැවත ලබා දීමට කටයුතු කරනු ලැබුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග නොගන්නා බවයි.

ඉකුත් 28 වැනිදා රාත්‍රි 7.50 ට පමණ මීගලෑව ප්‍රදේශයේ සහල් ව්‍යාපාරිකයකුගේ නිවසට කඩා වැදුණු සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ මෙම දරුවා පැහැරගෙන ගොස්‌ තිබිණි.

0 comments:

Post a Comment