Pages

Subscribe:

Ads 468x60px

බිරිඳ “බෑ” කියූ නිසා සැමියා රෙඩිට් එකට වාර්තාවක් දීලා

ලිංගිකව එක්වීම සඳහා දෛනිකව සිදුකළ ඇරයුම් බැහැර කළ බිරිඳ ක් ඒ සඳහා දැක්වූ විවිධ හේතූන් වාර්තාවක් සකසා බිරිඳ වෙත යැවූ සැමියකුගේ පුවතක් වාර්තා වී තිබේ.

ජුනි 3 සිට ජුලි 16 දින දක්වා කාලසීමාව තුළ තම බිරිඳ සමග ලිංගික ජීවිතයේ තතු විති සැමියා මෙම වාර්තාව මගින් දක්වා ඇති අතර ඊට අනුව සති 7ක් ඇතුළත ඔවුන් දෙදෙනා ලිංගිකව එක්වී ඇත්තේ අවස්ථා 3කදී පමණි.

අවස්ථා 24ක් බිරිඳ විසින් විවිධ හේතු කියමින් මගහැර ගොස් ඇති අතර දහඩියයි, නිදිමතයි, අද බැහැ, මහන්සියි, කෑම කෑවා වැඩියි, සනීප නැහැ

ආදී වාචික හේතු මෙන්ම වාචික නොවන මගහැරීම්ද සිදුවූ බව වාර්තාවේ දැක්වේ.  වාර්තාව ලද බිරිඳ එය රෙඩිට් සමාජ ජාලය තුළ පළ කර ඇතැයි පැවසේ.

ඇය එහි සඳහන් කර ඇත්තේ දින 10ක නිල සංචාරයක් සඳහා නිවසින් පිටත්ව ගුවන්තොටුපළට යන අවස්ථාවේදී තම දුරකථනයට සම්බන්ධ කර ඇති රාජකාරී ඊ මේල් ලිපිනයට සැමියා විසින් මෙය එවූ බවයි.

සාමාන්‍යයෙන් ඔහු කිසිවිටක එවැන්නක් නොකරන බවත් පුද්ගලික ඊ මේල් ලිපිනය හෝ දුරකථනය භාවිතා කරමින් සන්නිවේදනයන් පවත්වා ගන්නා බවත් ඇය සඳහන් කර ඇත.

බිරිඳ දින 10ක් නිවසින් බැහැරව සිටීම විසින් තමන්ට තනි නොදැනෙනු ඇතැයි පණිවුඩයක් සමග මෙම වාර්තාව එවූ බවත් ඉන්පසුව ඔහු සම්බන්ධකම් අත්හිටුවා ඇති බවත් ඇය රෙඩිට්හි සටහන් කර ඇත.

මෙය දුටු බොහෝ දෙනෙක් පවසා ඇත්තේ ලිංගික ගැටළු මේ ආකාරයෙන් බේරුම් කරගැනීමට යාම විකාරයක් බවයි.


0 comments:

Post a Comment