Pages

Subscribe:

Ads 468x60px

රුව ලස්සන කරන්න ගිය රිජ්වේ වෛද්‍ය වරිය වන පි‍්‍රයංගිගේ මරණයට හේතුව හෙළිවෙයි

බම්බලපිටියේ රූපලාවන්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයකදී එන්නතක් ලබාදුන් පසු මියගිය වෛද්‍යවරියට ලබාදුන් එන්නත කල් ඉකුත් වූවක් බව අනාවරණය වී තිබේ.

ඒ පිළිබද විභාග වන නඩුව අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි ජයරත්න මහතා මේ බව පැවැසීය.


වෛද්‍ය නිමල් ගමගේ විසින් රූපලාවන්‍ය සැත්කමක් සඳහා මෙම ප‍්‍රතිජීවක ඖෂධනය ලබාදී තිබූ අතර ඔහුගේ රූපලාවන්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයේ සහ නිවසේ තිබී කල් ඉකුත් වූ ඖෂධ තොගයක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත් විය.

මියගොස් තිබුණේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය අලූත්ගේ පි‍්‍රයංගි නමැත්තියයි.

0 comments:

Post a Comment