Pages

Subscribe:

Ads 468x60px

මේ දවස්‌වල මටයි දොස්‌තර නෝනාටයි අපලයි.! ඒත් 'මම මේ රස්‌සාව අත්හරින්නේ නෑ'

"මේ දවස්‌වල මට හරියට අපල තිබෙනවා. පසුගියදා මගේ හඳහන බලවා ගන්නට ගිය මගේ සොහොයුරියන්ට ඒ බව දෛවඥයන් කියා තියෙනවා. ඒ වගේම එදා මියගිය ප්‍රියංගි දොස්‌තර මහත්මියටත් අපල තිබිලා තියෙනවා කියා ආරංචියි. ඒත් මම මේ රස්‌සාව අනාගතයේදී අත්හරින්නේ නැහැ..."

විශේෂ සාකච්ඡාවකට එක්‌වෙමින් මෙසේ කීවේ පසුගියදා බම්බලපිටියේ රූපලාවන්‍යාගාරයකදී සිදුවූ ළමා රෝහලේ වෛද්‍යවරියක වූ පී. ඒ. ප්‍රියංගී මහත්මියගේ මරණය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටින වෛද්‍ය නිමල් ගමගේය.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

"මෙය මට පමණක්‌ නොවෙයි ඕනෑම වෛද්‍යවරයෙකුට සිද්ධවෙන දෙයක්‌." "මට කර්මය පටිසන් දුන්නා. වෛද්‍ය වෘත්තියේ යෙදෙන ඕනෑම

කෙනෙක්‌ මෙම තත්ත්වයට පත්වෙන්න පුළුවන්. බටහිර වෛද්‍ය ක්‍රමයට නිගා කරමින් උඩබලාගෙන කෙළ ගැසීම බරපතළ වරදක්‌."

"ග්‍රහචාරය අනුව මට අපල හුඟාක්‌ තිබෙන බව මගේ සොහොයුරියන් මගේ හඳහන බලන්න ගිය අවස්‌ථාවේදී කියා තිබුණා. ඒ වගේම දොස්‌තර ප්‍රියංගි මහත්මියටත් අපල තිබිලා තියෙනවාලු."

"දොස්‌තර ප්‍රියංගි මහත්මිය ජුනි මාසයේදී මාව මුණ ගැහුණා. ඉන්පසු වෙනත් දිනක ඇය මට රුපියල් දහදාහක අත්තිකාරම් මුදලක්‌ දුන්නා. තුන්වෙනි වතාවේදී තමයි ඒ මහත්මියගේ මරණය සිදුවුණේ. එදා ඇයගෙන් මම රුපියල් 90 දාහක්‌ අය කෙරුවා."

"මම ඇමරිකාවේ සිටි අවස්‌ථාවේදී මම මේ වගේ වැඩවලට රුපියල් ලක්‍ෂ 8 1/2 ක්‌ අය කරනවා."

දොස්‌තරවරියගේ මරණින් පස්‌සේ ඔබ මෙම වෘත්තිය තවදුරටත් කරගෙන යනවාදැයි ඇසූ පැනයට හෙතෙම කියා සිටියේ "මෙම වෘත්තිය කිසිම මොහොතක මම අත්හරින්නේ නැහැ" කියාය. තමා මෙම වෘත්තිය අත්හැර ගියොත් මෙය කිරීමට කෙනෙක්‌ නැති බවද ඔහු පැවැසීය.

තමා මේ රටේ ඉහළ දේශපාලනඥයින්ට මෙන්ම ඔවුන්ගේ බිරින්දැලාටත් රූපසුන්දරී තරගවලට ඉදිරිපත් වන තරුණ කාන්තාවන්ටත් මෙන්ම විවිධ උදවියටත් මෙවැනි සැත්කම් කර තිබෙන බවද ඔහු පැවැසීය.

විපක්‍ෂය නියෝජනය කරන එක්‌තරා මන්ත්‍රීවරියක්‌ තමාට නීතිඥවරයෙකු සැපයූ බව කී නිමල් ගමගේ නුපුහුණු හෙදි සහායකවරියන් තමා ඇමරිකාවේ සිටියදීත් සේවයට යොදා ගත් අතර කැලිෆෝනියා වෛද්‍ය මණ්‌ඩලය මෙය අනුමත කළ බවද කීවේය.

තමා 1981-84 කාලයේදී මීගමුව සහ පානදුර රෝහල්වල සේවය කළ බවද දොස්‌තර ගමගේ සඳහන් කළේය. "මම රාජකීය විදුහලේ ඉගෙන ගත්තේ. මගේ පන්තියේ සිටි මිත්‍රයෙක්‌ අද වෛද්‍ය වෘත්තියේ නියෑලී මට මඩ ගහනවා. ඒක ඉරිසියාව තුළින් හටගත් එකක්‌.

"1992 වසරේදී ඇමරිකාවේදී ලිංගික බලපෑම් මත මට නඩුවක්‌ තිබුණා. මගේ සේවිකාවෝ දෙදෙනෙක්‌ එදා මට නඩු දාලා තිබුණා. ඒ නඩුවෙන් ඔවුන් පැරදුණා. ඉන් එහා කිසිවක්‌ නැහැ. ඒ ලිංගික අතවර කිරීමක්‌ නොවේ."

ඇමරිකාවෙත් වසරකට බෙහෙත් වැරදි වලින් විශාල වශයෙන් මිය යනවා. මට දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. මගේ බිරිඳ තත්ත්වය අවබෝධ කරගෙන සිටිනවා. බම්බලපිටියේ පවත්වාගෙන ගිය රූපලාවන්‍ය මධ්‍යස්‌ථානය ගොඩනැඟිල්ල මගේම එකක්‌ යෑයිද ඔහු අවසන් වශයෙන් කීවේය.

0 comments:

Post a Comment