Pages

Subscribe:

Ads 468x60px

වාරියපොළ තරුණියගෙන් ගුටිකෑ සෙල්වා රෝහලේ


වාරියපොළ බස් නැවතුම්පළේදී පසුගිය දා තරුණියකගේ පහරකෑමට ලක්වූ තරුණයා පසුගියදා වාරියපොළ ප‍්‍රාදේශීය රෝහලට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් වූ බව වාර්තා වේ.

එම පහරදීමෙන් පසු තමාගේ කණක ආබාධයක් පවතින බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා තිබේ. පසුගිය 16 වැනිදා අදාළ තරුණිය තම නැගණිය සමඟ ගමනක් යාම සඳහා වාරියපොළ බස් නැවතුම්පළට පැමිණි අවස්ථාවේදී මෙම තරුණයා විසින් සිදුකළේ යැයි කියන උසුළු විසුළු කිරීමක් හේතුවෙනී.

එහි තවත් පුවත් පහතින්.

පසුගියදා වාරියපොල බස්නැවතුම්පොළේදී තරුණියකගේ පහර කෑමට ලක් වූ තරුණයා අද වාරියපොල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වී තිබෙනවා.ඔහු පවසන්නේ එම පහරදීමෙන් පසු තම කණක ආබාධයක් පවතින බවයි.

වාරියපොල, තිස්සව ප්‍රදේශයේ පදිංචි තරුණියක් විසින් වාරියපොල බස්නැවතුම් පොළේදී පසුගිය 16 වෙනිදා මෙලෙස තරුණයෙකුට පහර දී තිබුණා.මෙම පහර දීම සිදුව ඇත්තේ අදාළ තරුණිය සිය යෙහෙළියක
සමග ගමනක් යාම සදහා බස් නැවතුම් පොළේ රැදී සිටින අතරතුර මෙම තරුණයා විසින් සිදුකළේ යැයි කියන උසුළු විසුළු කිරීමක් හේතුවෙන්. 


මෙම පහර දෙන අවස්ථාවේ ලබා ගත්තේ යැයි කියන වීඩියෝව හිරු
ගොසිප් තුළින් ගෙන ඒමෙන් අනතුරුව එය අන්තර්ජාලය හරහා බොහෝ සෙයින් කථාබහට ලක් වුනා. කෙසේ වෙතත් අදාළ පහර කෑමට ලක් වූ තරුණයා අද වාරියපොල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වුණා.

එහිදී රෝහල් ඇඳ මත හිඳිමින් පහර කෑමට ලක් වූ සෙල්වා මෙසේ අදහස් දැක්වූවා....

"නගිනකොට මට ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා දෙන්නම ගැහුවා. මම එතනට වෙලා පාඩුවේ ඉවසගෙන හිටියා. අර ගෑනියෙක් හින්දා මම ගැහුවේ නැහැ. රස්සාව නැතුව ගියා. සමාජයේ මූණ දීලා මට ඉන්න
බැහැ. ඒ තරමට මාව ලැජ්ජා වෙලා තියෙන්නේ. 


මම පොල් කඩන්න ගියත් හරි ගෙවල්වලින් මගෙන් ප්‍රශ්න කරනවා. මොකද එහෙම කරන්නේ. මොකක් හරි මට පියවරක් කරන්න ඕන මේකට. මට තියෙන්නේ ගහපු පාරට මේ කනයි, කන් ඇහීම අඩු වෙලා. ගහගෙන ගහගෙන මට ගියා. මට කන් එක පැත්තක් ඇහෙනවා අඩුයි."

එහි හිරු වීඩියෝව පහතින් බලන්න.

0 comments:

Post a Comment