Pages

Subscribe:

Ads 468x60px

ටයිටැනික් නැවේ හෙළි නොවු රහස් හෙළි වේ


ටයිටැනික් චිත්‍රපටය නිෂ්පාදනය කළ 20th Century fox ආයතනය විසින් චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා මුලින්ම යෝජනා කළේ ටොම් කෲස් හා බ්‍රැඩ් පිට් නම් නළුවන් දෙදෙනායි. 

නමුත් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන ජේම්ස් කැමරන් තීරණය කළේ ඒ සඳහා ලියනාඩෝ ඩි කැප්‍රියෝ සුදුසු බවයි. එමෙන්ම කේට් වින්ස්ලට් නිරූපණය කළ රෝස්ගේ චරිතයට මැඩෝනා ද මුලින් යෝජනා වී තිබේ.

ටයිටැනික් චිත්‍රපටයේ එන ජැක් විසින් රෝස්ට කෙළ ගැසීමට පුරුදු කරන දර්ශනය කලින් පුහුණු වුණු කොටසක් නොවේ. රෝස් (කේට් වින්ස්ලට්) විසින් චිත්‍රපටයේ දුෂ්ටයාගේ භූමිකාව රඟපෑ බිලී සේන්ගේ මුහුණට ගැසූ

කෙළ පහරද අහම්බෙන් සිදුවූවක් බව කියැවේ.

ජේම්ස් කැමරන් විසින් ටයිටැනික් චිත්‍රපටය සඳහා මනඃකල්පිත චරිතයක් වන ජැක් ඩෝසන්ගේ චරිතය නිර්මාණය කළද සත්‍ය වශයෙන්ම ජැක් ඩෝසන් නම්වූ පුද්ගලයෙක් ටයිටැනික් නැවේදී මියගිය බව පසුව ඔහුට දැනගන්නට ලැබිණි.

දැනට වැඩිම ඔස්කාර් සම්මාන ලබා ගත් දෙවැනි චිත්‍රපටය වන්නේද ටයිටැනික් චිත්‍රපටයයි. ඒ ඔස්කාර් සම්මාන 11ක් ලබා ගනිමිනි. එමෙන්ම ටයිටැනික් නැව ඉදිකිරීමට වැයවූ මුදල් ප්‍රමාණයට වඩා වැඩි මුදලක් ටයිටැනික් චිත්‍රපටය නිර්මාණය කිරීමට වැය වී තිබේ.


චිත්‍රපටයෙහි එන නැව ගිලීයන කොටසෙහි මහලු ජෝඩුවක් ඇඳක නිදාගෙනම මියයන කොටසද සත්‍ය සිදුවීමක් ලෙස සැලකේ. මෙම කොටස අයිඩා ස්ට්‍රවුස් සහ ඉසිදෝර් ස්ට්‍රවුස් යන එම දෙදෙනාට ගෞරවයක් වශයෙන් එකතු කර තිබේ. 

එහි සත්‍ය කතාවෙහි නාවිකයන් විසින් අයිඩා හට ජීවිතාරක්ෂක බෝට්ටුවක් ලබා දුන් විට ඇය ප්‍රකාශ කර තිබෙන්නේ ‘අපි එකට ජීවත් වුණා වගේම අපි එකට මැරෙන්නත් ඕන’ බවය.

චිත්‍රපටයේ මුහුදු දර්ශන රූපගත කරද්දී විශේෂිත ජල ඇඳුමක් ඇඳ නොසිටි එකම පුද්ගලයා කේට් වින්ස්ලට් වේ. අවසානයේ ඇයට නියුමෝනියාවද වැළඳුණු බව සඳහන් වේ.


ටයිටැනික් චිත්‍රපටයේ එන ජැක් (ලියනාඩෝ ඩි කැප්‍රියෝ) විසින් රෝස්ගේ (කේට් වින්ස්ලට්) ඡායාරූපය සිතුවමට නගන දර්ශනයෙහි සැබෑ ලෙසම දිස්වන්නේ ජැක්ගේ අත නොව ජේම්ස් කැමරන්ගේ අතය.

ටයිටැනික් චිත්‍රපටයේ සුන්දරතම දර්ශනය ලෙස කවුරුත් පිළිගනු ලබන්නේ ජැක් සහ රෝස් නැවේ කොනටම නැග අත් අල්ලා සිටින සොඳුරුතම මොහොතයි. එම දර්ශනයේදී ජනප්‍රිය ගායිකා සෙලීන් ඩියෝන් විසින් ගායනා කරනු ලබන ‘My Heart will Go On’ගීතය ගැයෙද්දී දැනෙන හැඟීම වචනයෙන් විස්තර කළ නොහැකිය. 


මෙම දර්ශනයේදී ජැක් විසින් ප්‍රකාශ කරන ‘I am the King of the World’ (මම තමයි ලෝකයේම රජු) දෙබස කලින් නිර්මාණය නොකළ (තිර පිටපතෙහි නොමැති) දෙබසකි. සැබෑ දක්ෂතාව එය බව බොහෝ විචාරකයන්ගේ මතයයි.

තවත් විශේෂ සිදුවීමක් වනුයේ චිත්‍රපටයෙහි එන ජැක් පඩිපෙළ උඩ සිටිනා විට රෝස් දුවගෙන විත් ජැක්ව සිපගන්නා දර්ශනය අලුයම 2.20ට රූපගත කිරීමය. පුදුමය නම් ටයිටැනික් නැව ගිලී ගියේද අලුයම 2.20ට වීමය.


එකම චරිතයක් වෙනුවෙන් දෙදෙනෙක් ඔස්කාර් සම්මානයට නිර්දේශ වුණු ප්‍රථම චිත්‍රපටයද ටයිටැනික්ය. ඒ කේට් වින්ස්ලට් (තරුණ රෝස්) හා ග්ලෝරියා ස්ටුවර්ට් (වියපත් රෝස්) දෙදෙනායි

0 comments:

Post a Comment