Pages

Subscribe:

Ads 468x60px

පිහියකින් ඇණ නංගී මැරූ හේතුව අක්කා කියයි (වීඩියෝ)

පිහියකින් ඇණ සිය හය හැවිරිදි නැගණිය ඝාතනය කිරීමට ඇගේ වැඩිමහල් සොයුරිය පෙළඹුනේ කෙසේදැයි සොයා තවදුරටත් පරීක්‍ෂණ කි‍්‍රයාත්මක බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සදහන් කළේ පවුල් පරිසරයෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් ඇයගේ මානසික තත්ත්වය බිදවැටී තිබූ බවයි.

තමාට වඩා දෙමව්පියන් වැඩි වශයෙන් ආදරය දක්වන්නේ සිය නැගණියට බව, ඇය විසින්ම තක්සේරුවකට පැමිණ සිට ඇතැයි මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. 


ඉකුත් සමයේ නිවසේ සිදුවූ විවිධ සිද්ධීන්ද ඊට පාදක වී තිබුණා. පොලීසියට ලබාදුන් පාපොච්චාරණය තුළින් ඇය පත්ව සිටි මානසික
ව්‍යාකූලතාව පිළිබද කරුණු හෙළි වූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේ.

13 හැවිරිදි දැරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය ඇගේ 6 හැවිරිදි නැගණියට පිහියෙන් ඇන ඝාතනය කර තිබුණා. මෙය ඉතා අවාසනාවන්ත සිද්ධියක්. මව විදේශගත වීමට ආසන්න වෙලා තිබුණා. පියා විසින් 13 හැවිරිදි වැඩිමහල් දියණිය නේවාසිකාගාරයක නැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණා.

දෙමාපියන් තමාට වඩා තම නැගනියට ආදරයෙන් සලකන බව ඇය විශ්වාස කළා. එසේම නිවසේ ගුවන් විදුලි යන්ත‍්‍රය අකී‍්‍රය වූ අවස්ථාවේදීද ඇගේ පියා විසින් වැඩිමහල් දියණියට දොස් පවරා තිබුණා. 


මෙම නිසා ඇය විශ්වාස කළා වැඩිපුර සෙනෙහසක් දක්වන්නේ නැගණියට බව. එම නිසා මෙවැනි අවාසනාවන්ත කි‍්‍රයාවකට ඇය පෙළඹුණු බවයි පාපොච්චාරණයේ සඳහන් කර තිබෙන්නේ.

සෑම පවුලකම නොමැති වුවත් මෙවැනි යම් ආකාරයක මානසික ව්‍යාකූලතාවයක් ඇති දරුවන් ඉන්න පුළුවන්. එම නිසා දෙමාපියන් ඔවුන්ගේ තත්ත්වය හඳුනාගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය වනවා.

රටම කම්පා කළ මෙම සිද්ධිය වාර්තා වුයේ බඩල්කුඹුර, අලූපොත, බංගලාවත්ත ප‍්‍රදේශයෙන්. එහිදී 13 හැවිරිදි පාසල් සිසුවියකගේ පිහි පහරින් ඝාතනයට ලක්වුණේ 6 හැවිරිදි ඇයගේම නැගණියයි. 


පියා විසින් ගෙනවිත් දුන් රසකැවිලි පාර්සලයෙන් වැඩි කොටසක් නැගණියට ලබාදීම හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් ඝාතනයට හේතු වන්නට ඇතැයි  සැක කෙරෙනවා. ඉන් කෝපයට පත් වැඩිමහල් සොහොයුරිය නිවස ආසන්නයේ පිහිටි වනලැහැබකට රැගෙන ගොස් සිය නැගණියට පිහියෙන් ඇන ඝාතනය කර තිබුණා.

ඝාතනයට යොදාගෙන ඇත්තේද ඇයගේ මව විසින් විදේශගතව සිට පැමිණ රැගෙන ආ පිහියක් බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වුණේ. ඇයගේ මව විදේශගතව සිට මෙරටට පැමිණ ඇත්තේ මීට මාස 4 කට පෙරදීයි. ඝාතනය සිදුකළ 13 හැවිරිදි දැරිය 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අයෙක්. 


කෙසේවෙතත් ඇයගේ පාසල් ගමන මීට මාස දෙකකට පමණ පෙර නතර වී ඇතැයිද මේ වනවිට අනාවරණ කර ගෙන තිබෙනවා. ඊට හේතුව සොයා පරීක්‍ෂණ කි‍්‍රයාත්මක බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස දරුවන්ට විවිධ ආකාරයෙන් සැලකීම සහ දරුවන් පිළිබද අඩු සැලකිල්ල ගැටලු රැසක ආරම්භයට අඩිතාලම දමන බවයි ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙරංජි විජේවර්ධන මෙනෙවිය පැවසුවේ.

දරුවට කිරි දෙන විට, දරුවන්ට බත් කවන විට දෙමාපියන්ගේ අවධානය තිබෙන්නේ රූපවාහිනිය වෙත. එම අවස්ථාවේදී දරුවාගේ අවධානයත් රූපවාහිනිය වෙත යොමු වෙනවා. පොඩි ළමයෙක් සමග කතා කිරීමේදී අපි දකිනවා ඒ පොඩි දරුවා ටෙලි නාට්‍යයේ තියෙන සියලුම දේ දන්නවා. එහෙත් දරුවන්ට තේරෙන්නේ නැහැ මේවගෙන් දෙන පණිවුඩය. මේවායේ තිබෙන යථාර්ථය.

මව සහ පියා පෙරටුගත් පවුල් සංස්ථාව, දරුවන් සමාජයත් සමග යා කරන පාලම පාසල, සමාජයේ තිබෙන්නා වූ ජනමාධ්‍ය වෙන්න පුළුවන් අනිකුත් දේවල් වෙන්න පුළුවන් මේ හැමදෙයක්ම තමයි දරුවෙක්ගේ පෞරුෂත්වය හදන්නේ. කෙනෙක් හොඳ හෝ නරක චරිත බවට පත් කරන්නේ.


0 comments:

Post a Comment