Pages

Subscribe:

Ads 468x60px

මාතලේ - මහනුවර මගී බස්‌රථවල වැඩිහිටියන්ට පමණයි රඟපාන කොල්ලෝ කෙල්ලන්.

මාතලේ සිට මහනුවර දක්‌වා දිනපතා ධාවනය වන මගී බස්‌වල නැඟී පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගිවීමට යන එන සිසුන්ගේ හැසිරීම් නිසා වැඩිහිටි මගීහු දුෂ්කරතාවට පත්වී ඇති බව අප වෙත වාර්තා වෙනවා. 

එම මගීහු මේ සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් මෙසේ පවසනවා. අපි දිනපතාම මාතලේ හා මහනුවර අතර ධාවනය වන මගී බස්‌වල ගමන් බිමන් යනවා. වයස අවුරුදු 17 ත් 21 ත් අතර වයසේ පසුවන උපකාරක පන්තිවලට යන සිසු සිසුවියන් එම බස්‌වල පිටුපස අසුන්වලට වී ඉතාම අශෝභන විධියට හැසිරෙනවා.

මිනිසුන් ඉන්නවා කියා ගාණක්‌ වත් නෑ. හරිම පිළිකුල්. මේ නිසා සහෝදර සහෝදරියකට හෝ මවුපියන් දරුවන්ට හෝ එකට එම බස්‌වල යන්නට බෑ. ඔවුන් අපහසුතාවට පත්වෙනවා. ඇතැම් අවස්‌ථාවල ඔවුන්
ගමන අතර මගදී බසයෙන් බහින්න පවා පෙළඹෙනවා.

විශේෂයෙන්ම මෙම අසංවර හැසිරීම් දක්‌නට ලැබෙන්නේ දිනපතා පෙරවරු හා පස්‌වරු කාලයන් තුළයි. බසයේදී වැඩිහිටියන් ඔවුන්ට අවවාද කළත් අංකල් මේ අපේ අයිතියක්‌ ඔයාට බෑ අපට අවවාද කරන්න. 


ඔය ගොල්ලන් තරුණ කාලයේ මෙහෙම ඉන්න ඇති....... වැඩක්‌ බලාගෙන ඉන්න......" යෑයි පවසනවා....... අනවශ්‍ය කරදර පටලවා නොගෙන අපිත් නිහඬව.......අනේ අපෝයි· කියා කම්මුලේ අත තියා ගන්නවා.

මේ සම්බන්ධව සිසුන්ගේ මවුපියන් සොයා බැලිය යුතුයි. එසේ නැතහොත් නීතිය රකින පොලිස්‌ නිලධාරින් සිවිල් ඇඳුමින් සැරසී මේ අශෝභන ක්‍රියා වැළැක්‌වීමට පියවර ගත යුතුයි. 


එසේ නොවුණහොත් මවුපියන්ගේ බලාපොරොත්තු ඉටු නොකරන අනාගතය අඳුරු කරගත් හිස්‌ තරුණ පිරිසක්‌ සමාජයට බිහිවීම නොවැළැක්‌විය හැකියයි මගීහු වැඩිදුරටත් අප සමග පැවසුවේ කම්පාවෙන් යුතුවය.

0 comments:

Post a Comment