Pages

Subscribe:

Ads 468x60px

පහේ ශිෂ්‍යත්ව හපනා ඇඹිලිපිටිය ප‍්‍රාථමිකයෙන්

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව මුළු දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ලකුණු 199ක් ලබා ගත්, ඇඹිලිපිටිය කණිෂ්ඨ ද්විතියික පාස‍ලේ වෙත්තසිංහ ආරච්චිගේ වෙනුජ නිම්සත් සිසුවා සමත් වී තිබේ. 

ලකුණු 198ක් ලබා ගත් ‍පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන, හේරත් මුදියන්සේලාගේ මාලක නෙත්මල් තිලකරත්න සිසුවා දෙවන ස්ථානයට පත්ව ඇත. 

ලකුණු 197ක් ලබා ගත්, බෙම්මුල්ල පිටියේ ගෙදර ප්‍රාථමික විදුහ‍ලේ සහනි යසෝධරා ගුණසේකර සහ මාවනැල්ල සහිරා මධ්‍ය මහා විද්‍යාලයේ මොහොම්මදු නිස්වාර් ෆාතිමා සාමා යන සිසුවියන් දෙදෙනා තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇත. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනෙන්ම සිවුවන ස්ථානය ලබා ගත් සිසුන් පස්
දෙනෙක් සිටින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අගුණකොළපැලැස්ස අළුත්වැව ප්‍රාථමික විදුහ‍ලේ නරසින් විදානගමගේ අදීඝ ආලෝක, බදුල්ල විහාරමහාදේවි බාලිකා මහ විදුහ‍ලේ දිලිනි තිසාරා, ‍පොකුණුවිට කුළුපන කණිෂ්ඨ විදුහ‍ලේ නිහිඳු නිසාර ද සිල්වා විජේසිංහ, ගම්පහ යසෝධරා දේවි බාලිකා පර්ෂද විදුහ‍ලේ චරිත්මි සෙනල්යා කරුණානායක, සහ කොළඹ වෙස්ලි විද්‍යාලයේ රුචිර මොහාන් ජයවීර යන සිසුසිසුවියන් ලකුණු 196ක් ලබා ගනිමින් සිව්වන ස්ථානයට පත්ව තිබේ.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත පරීක්ෂා කිරීම් සඳහා වන අභියාචනා ඉදිරිපත් කිරීම් ලබන මස 15 දිනට පෙර විභාග දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු බව, විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. ජේ. එන්. පුෂ්පකුමාර මහතා පවසයි. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා දිවයින පුරා සිසුන් තුන්ලක්ෂ විසිහත් දහස් හයසිය හතළිස් අටදෙනෙක් පෙනී සිටියහ. 


කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාත‍ලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කිරීමේ  අවම ලකුණු සීමාව 163 වූ අතර හම්බන්තොට, අනුරාධපුරය, ‍පොලොන්නරුව, සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල එම ලකුණු සීමාව 161ක් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 

අම්පාර, ත්‍රිකුණාමලය, බදුල්ල, මොණරාගල, යන දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව 160 වන අතර මන්නාරම, වව්නියාව, මුලතිව්, යන දිස්ත්‍රික්කයන්හි අවම ලකුණු සීමාව 159 වේ.

0 comments:

Post a Comment