Pages

Subscribe:

Ads 468x60px

රත්නපුරේදී කාන්තාවකට පහරදුන් සැරයන් හඳුනා ගැනේ

රත්නපුර බස් නැවතුම්පොළේදී පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට කෙරුණු පහරදීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන බව පොලිසිය පවසනවා. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම පහරදීම දැක්වෙන වීඩියෝ දර්ශන ද ඒ සඳහා අදාළ කරගන්නා බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ වීඩියෝ පටය නිරීක්‍ෂණය කර තිබෙනවා. රත්නපුර නගරයේ ඇතිවූ සිද්ධියක් ගැනයි මෙහි සඳහන් වන්නේ. එහෙත්

වීඩියෝ පටයේ ඇති කරුණු සම්බන්ධයෙන්ම සියයට 100ක් විශ්වාසය තබන්නේ නැහැ. 

අවශ්‍ය වන්නේ සිද්ධියට මුහුණපෑ කාන්තාවගේ ප‍්‍රකාශයක් ලබාගැනීමට. එම කාන්තාව දැනට සොයමින් පවතිනවා. එසේම අදාළ සිද්ධිය ඇසින් දුටුවන්ගෙන් සාක්ෂි ලබාගැනීමටද බලාපොරොත්තු වෙනවා. අදාළ පහරදීම සිදුකළ බව දැක්වෙන පොලිස් නිලධාරියා මේ වන විට හඳුනාගෙන ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මීට අදාළ පොලිස් සැරයන්වරයා හඳුනාගෙන තිබෙනවා. ඔහු ප‍්‍රකාශ කර තිබෙන්නේ මෙම ස්ථානයේ කාන්තාවන් දෙදෙනෙකු අසභ්‍ය වචන කියා යම් ආකාරයක දබරයක් ඇති කර ගත් අවස්ථාවේ තමා එම ස්ථානයට ගිය බව. ඒ අනුව අදාළ කාන්තාවන් සොයාගෙන විමර්ශනයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවා. 


එසේම එම විමර්ශනයේ ප‍්‍රතිඵල අනුව පොලිස් නිලධාරීයා බලය වැරදි ආකාරයෙන් භාවිත කර වීඩියෝ පටයේ ආකාරයෙන් පහරදී තිබෙනවා නම් ඔහුට විරුද්ධව විනයානුකූලව සහ නීත්‍යානුකූලව පියවර ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.

රත්නපුර බස් නැවතුම්පොළේදී පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට පහරදීම සම්බන්ධයෙන් වූ මෙම සිද්ධිය මාධ්‍ය වෙත වාර්තා වූයේ වාරියපොල බස් නැවතුම්පොළේදී තරුණියක් විසින් තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ද ඇතිව තිිබියදීයි.

0 comments:

Post a Comment