Pages

Subscribe:

Ads 468x60px

කොල්ලු පිටියේ සුපිරි ගණිකා නිවාසය වැටලු වීඩියෝව.

කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් ඊයේ වටලනු ලැබුවා. 

ජේ. ස්පා යන නමින් පවත්වාගෙන ගොස් තිබුණු මෙම සුපිරි ගණිකා නිවාසයේ සේවයේ යොදවා තිබුණේ තායිලන්ත කතුන් බවයි වැඩිදුරටත් වාර්තා වුනේ. කෙසේ නමුත් මෙය කලක පටන්  පවත්වාගෙන ගොස් තිබුණේ කොළඹ, කොල්ලුපිටියේ තරු පංතියේ හෝටලයක 3 වන මහලේය. 

ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයින්, ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් ඇතුළු සමාජයේ ඉහළ තලයේ වැජඹෙන බොහෝ දෙනා මෙම ස්ථානයට නිරන්තරයෙන්
පැමිණෙන බවටද තොරතුරු හෙළිවුනා.

අධික ඉල්ලුම නිසාම  මෙම ස්ථානයෙන් කාන්තාවක් වෙන් කර ගැනීම ඉතා අපහසු කටයුත්තක් වන අතර ඒ සදහා  කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගත යුතුවනවා.

එම ස්ථානයෙන් තායි කාන්තාවක් ලබා ගැනීම සදහා රුපියල් 8500 ක් අයකරනා අතර ලිංගික සේවා සපයා ගැනීමට රුපියල් 5000 ක අමතර මුදලක් තායි කතුන්ට ගෙවිය යුතු වේ.

මෙහි සිදුවන කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඊයේ සවස පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මෙම ස්ථානය වැටලීමකට ලක්කර ඇත. එම අවස්ථාවේ තායි කතුන්ගේ පහස ලබා ගැනීමට විදේශිකයන්ද පැමිණ
සිටි අයුරු දක්නට ලැබී ඇත.

සිදු කල මෙම වැටලීමේදී තායිලන්ත කාන්තාවන් 7 දෙනෙකු අත් අඩංගුවට ගැණුනු අතර එම කාන්තාවන් බොහෝ දෙනෙකු මෙරට සේවය කිරීමට කිසිදු අවසරයක් නැති අතර ඔවුන්ට නිකුත් කර තිබුණේ මෙරට
සංචාරක වීසා බලපත්ය.

කැමරා ඇසට හසුවූ සුපිරි ගණිකා නිවාසයේ සම්පූර්ණ
හිරු වීඩියෝව පහතින්....


 

මෙම ස්ථානයේ ගනුදෙනුකරුවන්ට ලබා දෙන සුරක්ෂිතතාව මෙන්ම මෙම ස්ථානය කෙතරම් සූක්ෂමව පවත්වාගෙන ගියේදැයි යන හෙළිදරව්ව සී.අයි.ඒ. තුළින් හෙට (17) බලාපොරොත්තු වන්න..

0 comments:

Post a Comment