Pages

Subscribe:

Ads 468x60px

සංස්කෘතික ඇමති ටී.බීගේ සපත්තුවේ අඩි ගැලවේ!

ශ‍්‍රී ලංකාව සහ චීනය අතර ක්ෂේත‍්‍ර ගණනාවක් නියෝජනය වන පරිදි ගිවිසුම් 27කට ඊයේ දිනයේ (16) තැබුවා.

එහි චීන මාධ්‍ය, ප‍්‍රකාශන, ගුවන් විදුලි, සිනමා හා රුපවාහිනී පිළිබඳ රාජ්‍ය පරිපාලනය සහ ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ අමාත්‍යංශය අතර සහයෝගිතාව සඳහා වූ ගිවිසුම අත්සන් තැබීම ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ

අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා හා චීනය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්ව මණ්ඩලයේ ලේකම් සහ මාධ්‍ය, ප‍්‍රකාශන, ගුවන් විදුලි, සිනමා හා රුපවාහිනී පිළිබඳ රාජ්‍ය පරිපාලන උප අමාත්‍ය ජියැන්ග් ජියන්ගා ඕ විසිනි.

එම උත්සවයට සහභාගී වූ ටී.බී ඒකනායක අමාත්‍යවරයා ඉතා අපහසුවෙන් සිටින ආකාරයක් එහි රැස්වසිටි මාධ්‍යවේදීන් නිරීක්ෂණය කොට ඇති අතර පසුව සොයා බැලීමේදී එක් මාධ්‍යයවේදියෙකු දැක ඇත්තේ අමාත්‍යවරයාගේ සපත්තු දෙකෙහිම අඩිය නොමැති බවයි.

එම අවස්තාව ජායාරූප ගත කිරීමටද එම මාධ්‍යයවේදියා විසින් කටයුතුකොට තිබේ.

1 comments:

ඉසිවරයා - සියල්ලන්ගේම යහපත පතන පාරිසරික අඩවිය said...

හැම කෙනෙකුටම සරළ දිවි පැවැත්මක් තියෙන එක වඩා හොදයි.

Post a Comment