Pages

Subscribe:

Ads 468x60px

අටහැවිරිදි සිසුවියට අපරාධ කර මරා දැමීම පොලිස්‌ බල්ලා සාහසිකයාගේ ඇඳ යටට යයි.

අක්‌මීමන ජනබල ගම්මානයේ නිවසක පදිංචිව සිටි අට හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන ගොස්‌ අතවර කර එම දැරියගේ ගෙල සිර කර මරා දැමූ සාහසිකයා අක්‌මීමන පොලිසිය මගින් ඊයේ (18 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

"රොනී නමැති පොලිස්‌ නිල සුනඛයා යොදාගෙන පොලිස්‌ නිලධාරීන් කළ විමර්ශනවලදී මෙම සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි විය. මෙම කෲර ඝාතනය සිදු වූ ස්‌ථානයට රොනී සුනඛයා ගෙන එනු ලැබුවේ ඊයේ දහවල්ය. සැකකරුගේ ඉව පාරේ ගිය "රොනී" ඝාතනය සිදුවූ ස්‌ථානය ආසන්නයේ පිහිටි නිවසකට ගොස්‌ ඇත.

පසුව 'රොනී' එම නිවසේ සැකකාර තරුණයා නිදා සිටි ඇඳ යටට ගොස්‌ බුරන්නට පටන් ගෙන තිබේ. ඒ අනුව පොලිසිය සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම දැරිය ඝාතනය කළේ ඔහු බවට හෙළි වී ඇත.

සැකකාර තරුණයා රැකියාවක්‌ නොකරන 28 හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකි. මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ දැරිය රැගෙන ගොස්‌ අතවර කර පසුව ඇයගේ ගෙල සිරකර මරා දැමූ බවයි. දැරිය

මියගිය බව තහවුරු කර ගැනීමට ඇයගේ ගෙල ලණුවකින් සිර කළ බවද ඔහු පවසා තිබේ.

මෙසේ ඝාතනය කරනු ලැබුවේ දේමුනි පූජනී අසන්ති සොයිසා නමැති අට හැවිරිදි දැරියකි. ඝාතනයට ලක්‌වූ දැරියගේ සිරුර අක්‌මීමන පොලිසියේ නිලධාරීන් විසින් සොයා ගත්තේ නිවස ආසන්නයේ තිබූ තේ පඳුරක්‌ අසල සඟවා තිබියදීය.

මෙම දැරිය අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සැලවීමත් සමගම ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී රංජිත් මාසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කෙරිණි.



පොලිස්‌ කණ්‌ඩායම් 3 ක්‌ මේ සම්බන්ධයෙන් තොරතුරු සෙවීම ආරම්භ කළ අතර සැකකරු හඳුනා ගැනීමට ගාල්ල පොලිස්‌ කොට්‌ඨාසයෙන් "රොනී" නමැති පොලිස්‌ නිල සුනඛයා ද ගෙන ආවේය.

අපරාධකරුවන් සෙවීමේ හසල දැනුමක්‌ ඇති "රොනී" නමැති නිල සුනඛයා ඉතාම කෙටි කාලයකදී මෙම සැකකරු හඳුනා ගත් බව පොලිසිය පවසයි. සැකකාර තරුණයා අක්‌මීමන පොලිසිය වෙත රැගෙන ආ අතර ඊයේ සවස්‌ වනතුරු ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කරමින් සිටියේය.

මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ පූජනී අසන්ති දැරිය අන්ත දිළිඳු ජීවිතයක්‌ ගත කරමින් සිටි අයෙකි. ඇය තම වැඩිමහල් සහෝදරිය සමග පාසල් ගොස්‌ (17 දා) පස්‌වරුවේ නිවසට පැමිණ ඇත. 


නැගනිය නිවසේ සිටියදී වැඩිමහල් දියණිය උපකාරක පංතියකට ගොස්‌ තිබේ. මව වන එම්. රසාංජලී එදින උදෑසන තේ වත්තක දලු කැඩීම සඳහා ගොස්‌ ඇත. මේ නිසා නිවසේ සිට ඇත්තේ දැරිය පමණි. දැරියගේ පියා පෙදරේරුවෙකි. ඔහු ද රැකියාවට ගොස්‌ සිටියේය.

දැරියගේ මව පස්‌වරුවේ නිවසට එනවිට බාල දැරිය නිවසේ සිට නැත. ඒ වනවිට වෙලාව පස්‌වරු 5.15 ට වන්නට ඇත. මව රසාංජලී දැරියට "චූටි මැණිකේ" කියා කතා කර ඇතත් දැරිය ආගිය තැනක්‌ සොයා ගැනීමට නොහැකි වූයෙන් මව දැරියගේ අතුරුදන්වීම ගැන අක්‌මීමන පොලිසියට පැමිණිලි කොට ඇත. 


ඒ පස්‌වරු 6.30 ට පමණය. පොලිස්‌ නිලධාරීන් හා ගම්වාසීන් එක්‌ව දැරිය සොයා ඇති අතර ඇගේ මළ සිරුර තේ පඳුරක්‌ යට තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

ගාල්ල අතිරේක මහෙස්‌ත්‍රාත් ගුණේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා ඊයේ (18 දා) අලුයම සිද්ධිය වූ ස්‌ථානයට ගොස්‌ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණ සිදු කළ අතර ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ. ඩී. පී. පෙරේරා මහතා ද ඒ සඳහා සහභාගි විය.

මහෙස්‌ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා දැරියගේ දේහය කරාපිටිය ශික්‍ෂණ රෝහලට රැගෙන එනු ලැබීය.



0 comments:

Post a Comment