Pages

Subscribe:

Ads 468x60px

වහාම ගෘහස්ථ ගෑස් මිල රු.250න් අඩුවෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (10) සිට රුපියල් 250 ක් පහත දමන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (09) උපදෙස් දුන්නේය. 

කැලණිය වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු නිකේතනයේ දී  ඊයේ (09) පැවැති විශ්‍රාමික දින සැමරුම්  උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මේ වන විට වෙළෙඳ‍පොළේ කිලෝ 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස්  සිලින්ඩරයක මිල රුපියල් 2396 ක් වේ. ජනාධිපතිගේ නියමයට  අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල

රුපියල් 2146 ක් දක්වා පහත වැටෙනු ඇත.

අවසන් වරට ගෑස් මිල සංශෝධනය වූයේ 2013 ජනවාරි මස 05 දාය. එහිදී රුපියල් 2246 ක්ව පැවැති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 ක් ඉහළ දමනු ලැබුණි. පාරිභෝගික සේවා අධිකාරිය විසින් එම මිල වැඩිකිරීම කරනු ලැබිය.

0 comments:

Post a Comment