Pages

Subscribe:

Ads 468x60px

සුමනාට දැන් හොඳයි....... මේක නම් ප්‍රාතිහාර්යයක්‌

දින අටක්‌ සිහිසුන්ව කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ප්‍රවීණ නිළි සුමනා අමරසිංහ මහත්මිය මේ වන විට සුවය ලබමින් සිටින්නීය.

සැමියා රෝයි ද සිල්වා සමග චෙන්නායිහි සංචාරය කළ සුමනා අමරසිංහ එහි ප්‍රධාන පෙළේ තරු පහේ හෝටලයක නවාතැන් ගෙන සිටිද්දී පානය කළ ජලය විෂවීම නිසා දැඩිසේ අසනීප වූවාය.

අසනීප තත්ත්වයෙන් පසුගිය 24 දා රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණි ඇය ගුවන් තොටුපළේදීම සිහිසුන්වීම නිසා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇත. සුමනාගේ ජීවිතේ බේරුණේ

හාස්‌කමකින්. මේක ප්‍රාතිහාර්යයක්‌ කියලා වෛද්‍යවරු කිව්වා. 

ලංකාවේ හිටියා නම් සුමනා ආබාධිත තත්ත්වයට පත්වන ආකාරයේ අපල කාලයක්‌ පසුකළ බව ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රඥයන් පැවසුවා යෑයි රෝයි ද සිල්වා කීවේය. දැන් ඇය ඒ රෝහලේම වාට්‌ටුවක ප්‍රතිකාර ලබනවා.

ව්‍යායාම කරනවා. හොඳට කතා බහ කරනවා. සහෝදර නළු නිළියන් ඇතුළු විශාල පිරිසක්‌ සුමනාගේ දුක සැප බලන්න ආවා. ඒ හැමදෙනාටම පිං යෑයිද රෝයි ද සිල්වා කීවේය.

0 comments:

Post a Comment