නෙත් එෆ්.එම්. නාලිකාවේ බැලුම්ගල වැඩසටහන මේ රටේ ගුවන්විදුලි ශ්‍රාවකයන් අතර ප්‍රසාදයට පත් වැඩසටහනක් බව සැලකේ. මේ එම වැඩසටහනේ දෙදහස් වැනි කඩඉම පසුකිරීම නිමිති කොට නෙත් එෆ්. එම්. නාලිකාවේ ප්‍රධාන විධායක අසංග ජයසූරිය මහතා සමග කළ කෙටි කතා බහකි.
බැලුම්ගල වගේ " වැඩසටහනක්" පටන් ගන්න හිතුවෙ ඇයි?
මිනිස්‌සුන්ට බලපාන ප්‍රශ්නයක් අරගෙන ඒ සඳහා විසඳුමක් වගකිව යුතු පාර්ශවයන්ගෙන් ලබාදීම අරමුණු කරගෙන අපි මුලින්ම මේක පටන් ගත්තේ, "පත්තර මල්ලී" කියන වැඩසටහන ඇතුළේ.
පස්‌සේ එයට ලැබුණු ප්‍රතිචාරත් එක්‌කම මට හැගී ගියා. මේක මීට වඩා පුළුල්ව වෙනම වැඩසටහනක් විදියට කරන්න පුළුවන් කියල. එතැනදී
අපි වැඩි අවධානයක් යොමු කළේ ගවේෂණාත්මක පැත්තට.
ගවේෂණාත්මකව ප්‍රජාවට බලපාන ප්‍රශ්න සොයාගෙන ඒ සඳහා විසඳුමක් අදාළ පාර්ශව ලබාදෙන විදියට වැඩසටහන කරගෙන ගියා. එතනදී අපේ මුල්ම වැඩසටහන වුණෙත් අම්පාර පැත්තෙ වතුර නැති ගමක් පිළිබඳ කළ වැඩසටහනක්.
බැලුම්ගල වැඩසටහනේ තෝරා ගන්නා මාතෘකා "මෙවැනි මාතෘකා විය යුතුයි. කියන කිසියම් රාමුවකට කොටු කරල තියනවද?
අපේ අවධානය යොමු වෙලා තියෙන්නෙ මහජනතාවට බලපාන මොනයම් හෝ ප්‍රශ්න. එතැනදී එය වක්‍රව මහජනතාවට බලපාන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් එවැන්නක් ගැන අපි හෙළිදරව් කරනවා. විශේෂයෙන් වංචා හා දූෂණ, මේ සමාජය රවටන මිථ්‍යා මත වගේ දේවල් පවා බැලුම්ගල තුළින් හෙළිදරව් කිරීමට අපි පසුබට වෙන්නෙ නෑ.
මෙවැනි වැඩසටහනක් කරගෙන යද්දී මොනවගේ බාධකද පැමිණියේ
ඇත්තෙන්ම බාධක නම් එමටයි. බොහෝ වෙලාවට අපේ කණ්‌ඩායමට එන මරණ තර්ජන වලින් නම් අඩුවක් තිබුණේ නෑ. අනික ගවේෂණාත්මකව ප්‍රශ්න හොයාගෙන ගිහින් මේ වැඩසටහන කරද්දී අපේ කණ්‌ඩායමට යම් යම් තැන්වල වෙස්‌වලාගෙන තොරතුරු සොයන්න සිදු වුණා.
එවැනි අවස්‌ථාවලදී පොලිසියේ වැරදි වැටහීම් නිසා ගුටිකන්න පවා සිදුවෙලා කියනවා. අපි කවුද කියල සන්නිවේදනය වෙනකොට පීඩාවට පත්වෙලා ඉවරයි. අදටත් එවැනි අභියෝගවලින් අඩුවක් නෑ. ජීවිතවලට පවා අවදානමක් තියනවා කියා අපි දන්නවා.
හොඳයි මේ වැඩසටහන දෙදහස් වැනි කඩඉමත් පසු කළා. ඒ සමග බැලුම්ගලේ ඉදිරිය කොහොම වෙයිද?
වෙනදටත් වඩා වැඩි ජවයකින් මේ රටේ මිනිස්‌සුන්ට බලපාන ප්‍රශ්න ගැන සෘජුවම කතා කරන්නයි බලාපොරොත්තුව. එතනදී දැනටත් වඩා ගමට නගරයට බැහැල අපේ කණ්‌ඩායම වැඩ කරයි.

0 comments:
Post a Comment