Pages

Subscribe:

Ads 468x60px

ජනාධිපති තුමාගේ උපන් දිනයට අද පිරිත් දේශනාවක්‌

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය අදට (18) යෙදී තිබෙන අතර එතුමාගේ දෙවන ධුර කාලයේ හතරවන සැමරුම හෙටට (19) යෙදී තිබෙනවා.

මේ නිමිත්තෙන් ජනාධිපතිතුමාට ආශිර්වාද පතා ජනාධිපති මන්දිරයේදී අද(18) සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්‌ පැවැත්වෙනවා.

මෙයට අමතරව නාරාහේන්පිට අභයාරාමයේදී කිරිමවුවරුන් උදෙසා දානමය පිංකමක්‌ද, කොළඹ සම්බෝධි විහාරස්‌ථානය ඇතුළු දිවයිනේ වෙහෙර විහාරස්‌ථාන සහ අනෙකුත් ආගමික ස්‌ථානවල අද සහ හෙට (18, 19) දිනවල ආගමික වතාවත් සිදුකෙරේ.

0 comments:

Post a Comment