Pages

Subscribe:

Ads 468x60px

ගියොත් යන්නේ හැමෝටම කියලා - හිරුණිකා


මෛත්‍රීපාල සිරිසේන දේශපාලනයේ පිරිසිදු අවංක චරිතයක් බවත් ඔවුන් නැවත පක්ෂය නොඑන බවත් පැවසූ  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මෙතෙක් තමන් ආණ්ඩුවෙන් යාමට තීරණය කර නැති බව ප්‍රකාශ කර ඇත.

"මම නම් තාම ආණ්ඩුවෙන් යන්න තීරණය කරලා නෑ. නමුත් ගියොත් හොරෙන් යන්නෙත් නෑ. හැමෝටම කියලයි යන්නේ" යැයි ඇය ප්‍රකාශ

කළාය.

කෙසේ වෙතත් මීට පෙර පැවති උත්සවයකදී  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය  “මේ විදිහට එක්කෙනා දෙන්නා යන්න ගියොත් අවසානයේ මේ පක්ෂය ඇතුලෙ ඉතුරු වෙන්නේ කුඩු කාරයෝ ටිකයි, එතනෝල් කාරයෝ ටිකයි, මංකොල්ලකාරයෝ ටිකයි, බිස්නස් කාරයෝ ටිකයි විතරයි. 


ඇත්ත නිල් ලේ තියෙන නිදහස් පාක්ෂිකයෝ හොයාගන්න බැරිවෙනවා තව ටිකක් කල් යනකොට. මේක අපිට ලොකු පාඩමක් උගන්වන සමයක්. අපිට ඉස්සර තිබුනේ සඟ, වෙද ,ගුරු, ගොවි,කම්කරු කියලා. 

අද මොකක්ද කියන්න වෙලා තියෙන්නේ? කුඩු, එතනෝල්, මිනීමැරුම්, දූෂණ,වංචා, කොමිස් මේ පක්ෂයට ලඟදී ආපු හෙන්චයියො ටික නිසා තමයි අපේ මේ අහින්සක හිටපු හොඳ මිනිස්සු ටික අපිට නැති වෙලා යන්නේ” යැයි ද ප්‍රකාශකර සිටියාය.

0 comments:

Post a Comment