Pages

Subscribe:

Ads 468x60px

2015 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි


2015 අයවැය අවසන් වර කියවීමේ ඡුන්ද විමසීම වැඩි ඡන්ද 95 කින් අද (24) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. අයවැයට පක්ෂව ඡන්ද 152 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 57ක් පමණයි.

සන්ධාන ආණ්ඩුවේ පාර්ශවකරුවන් වන ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් අයවැයට පක්ෂව

ඡන්දය භාවිතා කළා. 

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය මෙවර අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළ බවයි පාර්ලිමේන්තුවේ සිටින මාණ්ඩලික වාර්තාකරු කියා සිටියේ.

ජාතික හෙළ උරුම නියෝජිතයන් ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී සභා ගර්භයේ සිටියේ නැහැ. මේ අතර, පසුගිය දා සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා බවට පත්වූ හිටපු අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන සහ ඔහුට සහාය පළ කළ ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත‍්‍රීවරුන් 4 දෙනෙකු අද අයවැය අවසන් ඡුන්ද විමසීමට සහභාගි වූයේ නැහැ. 


ඒ අනුව හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ දුමින්ද දිසානායක මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රජිව් විජේසිංහ ද ඊට ඇතුළත්.

පොදු අපේක්ෂකයාට සහාය පළ කළ විපක්ෂයේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු වන අර්ජුණ රණතුංග සහ පසුගිය දා ආණ්ඩුවෙන් එක්සත් ජාතික පක්ෂයට එක්වූ වසන්ත සේනානායක මන්ත‍්‍රීවරයා ද අද අයවැය ඡන්ද
විමසීම සිදුවන අවස්ථාවේ සභා ගර්භයේ රැදී සිටියේ නැහැ.

0 comments:

Post a Comment