Pages

Subscribe:

Ads 468x60px

ගිය අයට නැවත එන්න පුළුවන් - ඇමති බැසිල්ගෙන් ගිය අයට ආරාධනයක්


ඇතැම් පුද්ගලයින් ආණ්ඩුවෙන් ඉවත්ව ගියේ හිතට එකඟව නොවන බවත් ආණ්ඩුවෙන් ඉවත්ව ගිය කණ්ඩායමට නැවත ආණ්ඩුවට එක් වන ලෙස ආරාධනා කරන බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (22) කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කොලොන්නාව ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙලෙස අදහස් දක්වා සිටියා. ‘‘විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා මැතිවරණය නිල වශයෙන් ප‍්‍රකාශ කළාට පස්සේ දින විතරක් නෙවෙයි අනිත් පැත්තේ
අපේක්ෂකයත් දැනගෙන මම විවෘත කරන පළමු කාර්යාලය මේක.

හාමුදුරුවනේ අර සංගීත පුටු තරඟයක් වගේ වටේ කරකැවුනා මේකේ කවුද ඉඳගන්නේ කියලා. අපි හිතුවා වගේම කවුරුත් ඉඳගත්තේ නෑ. ඒ කට්ටිය දන්නවා අර සරත් ෆොන්සේකාට වගේ වෙන දේ, බිලි බෝයි වෙනවා. බලහත්කාරයෙන් ඉන්දවන්න හැදුවා කිහිප දෙනෙක්ව. 

ඒත් බැරිවුණා. අන්තිමට අර ගියපාර වගේම අපෙන් හිටපු එක්කෙනෙක් ඇවිල්ලා මේ මරාලෙට බෙල්ල තියන්න හොයා ගත්තා. නහී වේරේන වේරානි කියලා, පටන් ගත්තාට ඒකේ තිබ්බේ තනිකරම වෛරය. මට නම් පේන්නේ 2007 ඉඳන් මේ වෛරය තිබිලා තියෙනවා.

“ඉතිං අපි අනුකම්පා කරනවා. අපි අදටත් ආරාධනා කරනවා නැවත වාරයක්. අපි දන්නවා සමහරු ගියේ හිතට එකඟව නෙවෙයි කියලා. ඒ අයට පුළුවන් නැවත ඇවිල්ලා මේ රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලට හවුල් වෙන්න.’’ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

0 comments:

Post a Comment