Pages

Subscribe:

Ads 468x60px

කොස්ලන්දේ බෑවුමට නළුවෙකුත් යටවෙලා


කොස්ලන්ද, මීරියබැද්ද ප‍්‍රදේශයේ සිදුවූ දරුණු නායයාමෙන් පසුගියදා සිදුවූ නායයාමෙන් රූපවාහිනි ශිල්පියෙකු මෙන්ම නව පරපුරේ ගායකයෙකු ද වන ප‍්‍රසාද් දෙනෙත් මහතා මියගොස් තිබේ.

ඔහුගේ මව වන කි‍්‍රෂාන්ති ධම්මිකා මීරියබැද්ද වත්තේ පවුල් සෞඛ්‍ය සේවිකාව ලෙස රැකියාව කළ අතර එම වත්තේ නිල නිවසේ එම පවුල

පදිංචිව සිට ඇත.

පවුලේ ලොකු පුතා වන ප‍්‍රසාද්ගේ වැඩිමහල් සොහොයුරා විවාහක එක් දරු පියෙක් වන අතර ඔහුද, බිරිද ද, ඔවුන්ගේ මාස 6ක් වයසැති සිගිති දියණියද සිටියේ මෙම නිවසේයි.

ප‍්‍රසාද් දෙනෙත් මහතා රූපවාහිනි කේෂ්ත‍්‍රයට එක්වී රැකියාව කළේ කොළඹ වුවත් එදින නිවාඩු ලබා නිවසට ගොස් තිබිණ. ඔහු එසේ නිවසට පැමිණ සිටියදි මෙම නාය යාම සිදුවු අතර එම සිද්ධියෙන් ඔහුගේ පියා හැරෙන්නට අනෙක් සියලු දෙනාම නායයාමට ගොදුරුව මියගොස් ඇත.

ප‍්‍රසාද්ගේ පියා වන එස්. යෝගරාජාගේ ජීවිතය බේරි ඇත්තේ ඔහු රැකියාව සදහා අළුයම 4.00 ට නිවසින් පිටවගොස් සිටි බැවිනි. ඔහු පැල්වත්ත සීනි සමාගමේ රැකියාව කළේය.

0 comments:

Post a Comment