Pages

Subscribe:

Ads 468x60px

මීගමු වැල්ලේ ධීවර යුද්ධ - පොලිස්‌ මාර්ග බාධක යොදා ආරක්‌ෂා කරයි.


දකුණෙන් අඩු මිලට මසුන් ගෙනැවිත් මීගමුව වෙරළේ කරවල වලට වේලන මීගමුව කුට්‌ටිදූව ධීවර ගම්මානයේ ධීවර කාර්මිකයන් සහ එයට එරෙහිව කටයුතු කරන මීගමුව වැල්ලවීදිය හා කුඩාපාඩුව ධීවර ගම්මාන දෙකෙහි පාරම්පරික සුළු පන්නා ධීවර (එක්‌දින ධීවර කර්මාන්තයේ යෙදෙන) කාර්මිකයන් අතර ඇතිවූ සුළු ආරවුල මේ වනවිට මීගමුව කුට්‌ටිදුව සහ මීගමුව වැල්ලවීදිය යන ධීවර ගම්මාන අතර ධීවර යුද්ධයක්‌ බවට පත්ව ඇත.

මෙම තත්ත්වය කෙතරම් උග්‍රවී ඇතිදැයි කිවහොත් පෙරේදා (5 දා) රාත්‍රී එම ධීවර දෙපිරිස අතර ඇතිවූ ගැටුම මැඬපැවැත්වීම සඳහා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ජයන්ත ලියනගේ මහතාට පොලිස්‌ විශේෂ කැරලි මර්දන ඒකකය සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මීගමුව වැල්ලට කැඳවීමට සිදුවිය.

මීගමුව පොලිස්‌ අධිකාරි බල ප්‍රදේශයේ පොලිස්‌ ස්‌ථානවල පොලිස්‌ නිලධාරීන්ට අමතරව විශේෂ පොලිස්‌ බළකා සහ විශේෂ කැරලි මර්දන ඒකකයේ පොලිස්‌ නිලධාරීන් 200 ක පමණ පිරිසක්‌ කැරලි මර්දන ජල

විදින යන්ත්‍ර සමඟ මීගමුවට කැඳවා තිබිණි.

මෙම ගැටුම ආරම්භ වූයේ දකුණින් ගෙනෙන ලද විශාල මාළු තොගයක්‌ කුට්‌ටිදූවේ ධීවර කාර්මිකයන් විසින් කරවල වලට වේලීම සඳහා 5 දා රාත්‍රී විදුලි ආලෝක යොදා ලහිලහියේ මීගමුව වෙරළේ සකසමින් සිටියදීය.


එහිදී එම ස්‌ථානයට කඩා වැදුණු වැල්ලවීදිය හා කුඩාපාඩුව ධීවර ගම්මාන දෙකේ පදිංචි පාරම්පරික 1000 කට අධික ධීවර කාර්මික පිරිසක්‌ කරවල සඳහා මසුන් සකසමින් සිටි කාන්තාවන් ඇතුළු පිරිසට පහරදී පලවා හැර කරවල වාඩි කඩා දමා එහි තිබූ රුපියල් දස ලක්‍ෂයක්‌ පමණ වටිනා මසුන්, කරවල සහ ඒ සඳහා භාවිතා කරන බැරල් ඇතුළු ආම්පන්න රැසක්‌ මුහුදට විසිකර තිබේ.

ඊට අමතරව කරවල ව්‍යාපාරයේ යෙදෙන කුට්‌ටිදූව ධීවර ගම්මානයටද කඩා වැදුණු දහසකට අධික වැල්ලවීදියේ ධීවර පිරිස එහි නිවාස තුනකට පහරදී අලාභ හානි සිදුකර පලා ගියහ. මෙහිදී එම ගම්මානයේ රඳවා තිබූ යතුරුපැදි තුනකට සහ ත්‍රිරෝද රථ දෙකකටද පහරදී හානි සිදුකර ඇත.


එම ගම්මානයේ පස්‌ දෙනෙකුට ද පහරදී තුවාල සිදුකොට ඇත. එයින් එක්‌ අයෙකු ගැබිනියකි. ඔවුහු ඊයේ (06 වැනිදා) උදෑසන වැල්ලවීදියේ පාරම්පරික ධීවර කාර්මිකයෝ කරවල ව්‍යාපාරිකයන් වෙසෙන කුට්‌ටිදූව ගම්මානයට කඩා වැදී පොලිසිය බලා සිටියදීම කරවල ව්‍යාපාරිකයන්ට පහර දුන්හ.

මෙම තත්ත්වය නිසා මීගමුව වෙරළ යුද පිටියක ස්‌වරූපයක්‌ ගත් අතර පොලිස්‌ මාර්ග බාධක යොදා පොලිසිය මගින් එම ප්‍රදේශයේ ආරක්‌ෂාව දැඩිකොට තිබිණි.

කරවල වේලීමේ යෙදී සිටින මීගමුව කුට්‌ටිදූව ධීවර කාර්මිකයන් පැවසුවේ "මීගමුව වැල්ල අයිති මීගමුව කුට්‌ටිදූව ධීවර ගම්මානයටයි. අපේ ගමේ සියලු දෙනා මීගමුව මහ වීදියේ ශාන්ත මරියා දේවස්‌ථානයට අයත් ධීවර මීසමේ පදිංචිකරුවෝ. 


අපි වසර 100 ක පමණ පෙර සිට මීගමුව වැල්ලේ කරවල කර්මාන්තයේ යෙදෙනවා. අපිට එරෙහි වන මීගමුව වැල්ලවීදිය සහ කුඩාපාඩුව ධීවර ගම්මාන තියෙන්නෙ අපිට සැතපුම් 1/2 ක්‌ පමණ බැහැර ප්‍රදේශයකයි. ඔවුන් වැල්ලවීදියේ ශාන්ත සෙබස්‌තියන් දේවස්‌ථානයේ මීසමේ පදිංචිකරුවන්ය.

ඒ අය අපිට ප්‍රමාණවත් පරිදි කරවල වේලීම සඳහා මසුන් ලබාදීමට අපොහොසත්. ඒ අයගේ මසුන් මිල ඉතා අධිකයි. ඒ නිසා අපට දකුණු වෙරළ තීරයෙන් අඩු මුදලට ලැබෙන මසුන් මිලදී ගෙන කරවලවලට වේලනවා. අද අපිට අපේ වෙරළේ නිදහසේ කරවල ටිකත් වේලාගත නොහැකි ත්‍රස්‌තවාදයකට අපි ගොදුරු වෙලා.

මෙම සිදුවීම පිළිබඳව මීගමුව වැල්ලවීදිය සහ කුඩාපාඩුව යන පාරම්පරික ධීවර ගම්මානවල පදිංචි ධීවර කාර්මිකයෝ මෙසේ පැවැසූහ.

මීගමුව වෙරළ මීගමුව සියලු ධීවර කාර්මිකයන්ට උරුම දෙයක්‌. පිටින් අඩු මුදලට තත්ත්වයෙන් බාල මසුන් තොග වශයෙන් අරගෙන ඇවිත් මීගමුව කුට්‌ටිදූවේ ධීවර මුදලාලිලා මීගමු වැල්ලේ කරෝල කරනවා. මේ නිසා මීගමුවේ පාරම්පරිකව සුළුපන්න ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර කාර්මිකයන්ගේ මසුන් මීගමුව වෙරළට ගෙන ආවම අලෙවි කරන්න විදිහක්‌ නැහැ.

ඊට අමතර ගොඩබිමට ගෙන ආව මාළු කරවල කර ගන්න අපිට වැල්ලක්‌ නැහැ. මෙය සුළු ධීවරයන්ගේ බඩට ගහන ප්‍රශ්නයක්‌. මෙම ප්‍රශ්නයට සාධාරණ විසඳුමක්‌ ලබාදී දකුණේ මාළු මීගමුවට ගෙන ඒම වළක්‌වන තුරු මෙම සටන අත්හරින්නේ නැතැයි ඔවුහු පැවසූහ.

0 comments:

Post a Comment