Pages

Subscribe:

Ads 468x60px

මුතුහෙට්ටිගම අවුරුදු 20ට හිරේට යවනවා - ගීතා

ඊයේ (11) පෙරවරුවේ රැස්වූ ගල්ල දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පළාත් සභා මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය හා නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අතර දැඩි වචන හුවමාරුවක් සිදු වී තිබේ. 

එම සිදුවීමෙන් අනතුරුව සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සාමාජිකයන්ගේ දැඩි විරෝධයක් නියෝජ්‍ය ඇමතිවරයා වෙත එල්ලවී ඇති අතර  ප්‍රශ්නවලට පිළිතුරු දීගත නොහැකිව මුතුහෙට්ටිගම මහතා ඉවත්ව ගොස් තිබේ.

ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය හා නියෝජ්‍ය ඇමතිවරයා අතර සිදු වූ සංවාදයේ කොටසක් පහතින්.


ගීතා කුමාරසිංහ මහත්මිය -
දැන් මේ රුපියල් ලක්ෂ 150න් දෙසැම්බර් 31 වැනිදාට පෙර වැඩ කරන්න වෙනවා. කොහොමද මේවා කරන්නේ.

මුතුහෙට්ටිගම මහතා - ඔබතුමිය නිශ්ශබ්ද වෙන්න. සල්ලිවලින් වැඩ කරන්න බැරිවුණොත් මම අවිච්ඡේද කරලා ලබන අවුරුද්දේ අරගෙන දෙන්නම්.

ගීතා කුමාරසිංහ මහත්මිය - මම නෙවෙයි ඔබතුමා කටවහගන්න. මට අපහාස වෙන විදියට  වැඩ කරන්න එපා. මගේ ආසනයට ලැබුණු මුදල් සංවර්ධන කටයුතුවලට නිවැරදිව යොදවන්න ඕනේ.

මුතුහෙට්ටිගම මහතා - මා අනර්කලී එක්ක පැටලිලා එකපාරක් හිරේටත් ගිය මිනිහෙක්.

ගීතා කුමාරසිංහ මහත්මිය - ඒකට මට කමක් නැහැ. ඇමතිතුමා මාත් එක්ක පැටලෙන්න එපා. මම ඔයාව හිරේ යවන්නේ අවුරුදු 20ට

0 comments:

Post a Comment