Pages

Subscribe:

Ads 468x60px

තවත් ක්‍රීඩකයෙක් පිටිය තුල පහරදීමකින් මියයයි


ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩා තරඟයකදී ක්‍රීඩකයෙක්ට පහර දී ඝාතනය කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සිදුවීමට මුහුණු දී ඇත්තේ Franco Nieto නැමැති 33 හැවිරිදි ක්‍රිඩකයෙකුයි.

පාපන්දු තරඟය නිමවීමට විනාඩි 10ක් පමණි තිබියදී ප්‍රතිවාදී ක්‍රීඩකයින් හා ඔවුන්ගේ රසිකයින් විසින් පිටිය තුලදී මෙලෙස ඔහුට පහර දී ඇති

අතර ප්‍රතිවාදී පිලේ පුහුණුකරුද ඔහුට පහරදී ඇති බවට වාර්තා වනවා.

මුල සිටම උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරඟය අතරතුර සිදුවූ බහින්බස් වීමක් මෙලෙස පහරදීමක් දක්වා දුරදිග ගොස් ඇති අතර Tiro Federal හා Chacarita යන කණ්ඩායම් මෙහිදී තරඟවැදී ඇත.

මීට පෙරද ආර්ජන්ටිනාවේ මෙවැනි පහරදීම් වලින් ක්‍රීඩකයින් 15ක් පමණ මියගොස් ඇති බවටද වාර්තා වනවා.

0 comments:

Post a Comment