Pages

Subscribe:

Ads 468x60px

මං මැරුණත් මගේ ආසාව ඉෂ්ඨ කරලා දෙන්න - කුලූණක් මත විරෝධතාවේ යෙදෙන සුගත්


බුද්ධ රූපයට නිගා දෙන අන්දමින් සිදුකෙරෙන කි‍්‍රයා වහා නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි යූ.ජී. සුගත් නමැති පුද්ගලයා ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටිනවා.

ඔහු අද පෙරවරුවේ මහනුවර කොළඹ ප‍්‍රධාන මාර්ගයේ මහවැලි ගෙඟ් පාලම අසල කුලූණකට නැග විරෝධතාවක නිරත වුණා. බුදු දහමට නිගා වන අන්දමින් පුවත්පත්වල සහ සඟරාවල ඡායාරූප පළ කිරීම වළක්වා ලීමට අවශ්‍ය නීති සකස් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

පාන්දර 2ට විතර නැග්ගේ මාව අල්ලගෙන පොලිසියට දාලා වහයි කියලා බයට. මොකද එහෙම වුනොත් මාව බේරගන්නත් කවුරුත් නැහැ. ජනාධිපතිතුමා ම එන්න වෙනවා මාව බේරගන්න. නැත්නම් මට හිරගේ

ඇතුලට වෙලා ඉන්න වෙනවා අවුරුදු ගානක්. 

ඉතින් මං ජනාධිපතිතුමාට කියනවා, ජනාධිපතිතුමනි මාව හිර කරන්න එපා. මගේ ඉල්ලීම කරන්න පුළුවන්ද බැරිද කියලා විතරක් ඔබතුමා මට කියන්න. ඒක තමයි මං ඉල්ලන්නේ. ඇත්තටම මං මාර අසරණයි මේ ගමනේදී.

මං අවුරුදු 3යි මාස 2ක් ලංකාව වටේ පයින් ගියා. ලංකාවේ සෑම පන්සලකටම පයින් ගිය පුද්ගලයා මම. බුද්ධාගම, බුදු රුපය විනාශ වෙනවා. මේවාට නීති පනවන්න කියලා තමයි මං ඉල්ලන්නේ. 


ජනධිපතිතුමාට ඇත්තටම ගොඩක් දේවල් කරන්න පුළුවන් අපේ රටේ. බුදුදහම රකින්න මං ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මං  මැරුණත් සියලුම බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරලා දෙන්න කියලා.

යූ.ජී. සුගත් නමැති මෙම පුද්ගලයා මීට පෙර අවස්ථාවක ද මහනුවර වැව රවුම අසල ගසකට නැග මෙවැනි විරෝධතාවක නිරත වුණා. තම ඉල්ලීම ඇතුළත් අත්සන් සහිත පෙත්සමක් මහනාහිිමිවරුන්ට භාර දුන් බවද ඔහු කියා සිටියා. කෙසේවෙතත් ඊට නිසි පිළිතුරක් නොලැබුණු නිසා අද දිනයේ මෙම විරෝධතාවය සිදුකළ බවයි ඔහු පෙන්වා දුන්නේ.

බුදු දහම ආරක්ෂා කරගැනීම සඳහා මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට ද තමන් සූදානම් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.  

පේරාදෙණියේ කුලූණකට නැග පුද්ගලයෙකු විරෝධතාවක

මහනුවර - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ පේරාදෙණිය මහවැලි ගඟ පාලම අසල කුලූණකට නැගී පුද්ගලයෙකු අද උදෑසන සිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ බුදු දහමට නිගරු වන අයුරින් පුවත්පත්වල සහ සඟරාවල ඡුායාරූප පළ කිරීමෙන් වළකින ලෙස බල කරමින් ඔහු මෙම විරෝධතාව ආරම්භ කර ඇති බවයි.

මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර ද මේ ආකාරයෙන්ම මහනුවර වැව රවුමේ ගසකට නැග විරෝධතාවක නිරත වුණා. විරෝධතාවයේ නිරත මෙම පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද පේරාදෙණිය පොලිසිය සඳහන් කළා. 




0 comments:

Post a Comment