Pages

Subscribe:

Ads 468x60px

අනවසරයෙන් ඇතුළුවීම වලක්වන්න Google ගෙන් ගේට්ටුවක්


ගුගුල් ආයතනය විසින් තම ගුගුල් ගිණුම් ( ජීමේල්, ඇප්ස් ස්ටෝර්, බ්ලොගර්, කැලෙන්ඩර් ) වලට අනවසරයෙන් පිවිසීම් වළක්වාලීම සදහා නව විශේෂාංගයක් හදුන්වා දෙනු ලැබුවා. මෙය "ඩිවයිසස් ඇන්ඩ් ඇක්ටිවිටි ඩෑෂ්බෝර්ඩ්"  (Devices and Activity Dashboard) නමින් හදුන්වනු ලැබේ.

පසුගිය දින 28 තුලදී ගුගුල් ගිණුම හා සම්බන්ධ වූ උපාංග, ස්ථානය, වෙලාව භාවිතා කල වෙබ් බ්‍රවුසරය වැනි තොරතුරු මෙම නව විශේෂාංගය මගින් පරිශිලකයාට බලාගැනීමට හැකියාව තිබේ.

කිසියම් සැක සහිත යමක් පරිශීලකයාට දැක ගන්නට හැකි වුවහොත් “ Secure your account ”  මත කිලික් කිරීම මගින් නැවත ගිණුමේ මුරපදය වෙනස් කර ගැනීමට, ආපසු ලබා ගැනීමට, ඇප්ලිකේෂන් සම්බන්ධ මුරපද හා අවසර ලබාදීම් පිළිබද සොයා බැලීමට හැකියාව තිබේ. මෙම නව

විශේෂාංගය මගින් ඔබගේ ගුගුල් ගිණුමේ ආරක්ෂාව වැඩි කර ගැනීමට හැකිය.

ඔබගේ ගිණුම පරික්ෂා කර ගැනීම සදහා පහත සබැදියට පිවිසෙන්න

https://security.google.com/settings/security/activity

0 comments:

Post a Comment