අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගතවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ඊයේ (04) අවසර ලබා දුන්නා.
නාසයේ ඇතිවූ තුවාල සම්බන්ධයෙන් විදේශ ගතවී වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍යව ඇති බව නීතිඥ අසේල රැකව මහතා මෝසමක් මගින්
අධිකරණයෙන් කළ ඉල්ලීම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එලෙස අවසර ලබා දුන්නා.
ඒ අනුව දෙසැම්බර් මස 19 වැනිදා මාලක සිල්වා සම්බන්ධයෙන් අධි කරණයේ පැවැත්වෙන නඩු විභාගය සඳහා මාලක වෙනුවෙන් නීතිඥ අසේල රැකව මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙසට මෙහිදී නියම වුණා.
බම්බලපිටිය, ඩුප්ලිකේෂන් පාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී විදේශීය යුවළකට පහරදීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි මාලක සිල්වා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත අධිකරණය මගින් මුදාහරිනු ලැබුවේ ඉකුත් 28 වැනිදායි.
එම සිද්ධියෙන් තම සේවාදායකයාට සිදුවූ තුවාල තවමත් සුවනොවී ඇති බැවින් ඒ සඳහා විදේශගතව ප්‍රතිකාර ලබා ගත යුතු බව මෙහිදී නීතිඥ වරයා සිය මෝසමෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව සැකකාර මාලක සිල්වාට විදේශගතව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එලෙස අවසර ලැබුණා.





0 comments:
Post a Comment