Pages

Subscribe:

Ads 468x60px

වේයන්ගොඩ විදුහල් පතිනියගේ පින්තූරයක්‌ නිරුවත් කාන්තා සිරුරකට බද්ධ කර ප්‍රසිද්ධියට පත් කල චීත්තයා

චීත්තයා නමැති කාලකණ්‌ණි මැරයෙක්‌ බස්‌නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකු සහ තමන් අතර ඥාතිත්වයක්‌ තිබෙන බව කියා වේයන්ගොඩ සහ නිට්‌ටඹුව යන පොලිසිවල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන බවත්, පොලිස්‌ ඥාතියාගේ බලය ගැන කියමින් කප්පම් ලබා ගන්නා බවත් අප වෙත වාර්තා වෙනවා. 

වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රකට පාසලක විදුහල්පතිනියගේ මුහුණෙහි පින්තූරයක්‌ නිරුවත් කාන්තා සිරුරකට බද්ධ කර ප්‍රසිද්ධියට පත් කිරීම ද මේ කාලකණ්‌ණියා විසින් සිදු කරනු ලැබ තිබෙනවා. 

චීත්තයා සහ පොලිස්‌ නිලධාරියා අතර නෑදැකමක්‌ ඇත්තටම තිබේ ද යන්න අපි නො දනිමු. එහෙත් අප දන්නා කාරණය නම් චීත්තයා නෑදැකම් කියන නියෝජ්‍ය පොලිස්‌පතිගේ කැරැට්‌ටුව ද හොඳ නැති බවය.

සේවා දිගුවක්‌ මත සිටින මේ D.I.G. තම රැකියාව ආරක්‍ෂා කරගත්තේ දේශපාලනඥයන් පසු පස යැමෙනි. ඔවුන් වෙනුවෙන් බෝධි පූජා සංවිධානය කිරීමෙනි. කුඩු ෆයිල් යට ගසන ඔහු තම මිහිරි කටහඬ සහ
නිවට කතා බහ යොදාගෙන දේශපාලනඥයන් සතුටු කරන බව පැහැදිලි ය. එ බැවින් චීත්තයා සතු චීත්තය දෙකඩ කර එයින් එක්‌ කොටසකින් ජංගියක්‌ මසා මේ DIG ට ඇන්දවිය යුතු ය.

දාමරිකයන් විසින් සමාජයේ පාලනය අත්පත් කර ගනු ලැබීම ඉතිහාසගත කතාවකි. මානව ශිෂ්ටාචාරයේ මූලාරම්භයේ සිට සමාජය පාලනය කරනු පිණිස ත්‍රාඩකාරයෝ එක්‌වූහ. මෙයට සියවස්‌ ගණනකට පෙර තග් (Thug) නමැති ගෝත්‍රික කණ්‌ඩායමක්‌ ඉන්දියාවේ ජීවත් වූ අතර, ඔවුන් වෘත්තීය වශයෙන් කළේ සොරකම් සහ මංකොල්ලකෑම ය. 


බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු හැකි පමණින් මේ ගෝත්‍රය සංහාරය කළහ. සමාජයේ විවිධ ස්‌ථරයන් තුළ විවිධාකාර 'චීත්තයෝ' සිටිති. 'ජංගියෝ' ද සිටිති. මෙයට වසර පනහකට පෙර මේ රටේ සමාජය තුළ සිටි ගණන්කාරයන්ට වඩා අද සිටින ගණන්කාරයන් වෙනස්‌ ය. 

කෙනෙකු තව කෙනෙකුගෙන් කප්පම් ගැනීම සාධාරණ නැත. එහෙත් මෙයට පනස්‌ අවුරුද්දකට පෙර සිටි ගණන්කාරයන් කප්පම් ගත් ආකාරය තුළ කිසියම් ආකාරයක සාධාරණයක්‌ ඇත. ඔවුන් කප්පම් ගත්තේ රේස්‌ බුකී වලිනි. ගංජා වෙළෙන්දන්ගෙනි. ළමයින් පැහැර ගෙන ගොස්‌ එම ජීවිත ඇපයට තබා මුදල් කඩා ගැනීමක්‌ එකල තිබුණේ නැත. 

1980 දක්‌වා වාර්තා වූයේ එවැනි සිදුවීම් එකක්‌ පමණි. 1980 න් පසු එවැනි සිදුවීම් බහුලව වාර්තා විය. 1990 න් පසු එවැනි සිදුවීම් එදිනෙදා සිදුවීම් බවට පත් විය. අද වන විට සමාජයේ ගණන්කාරයන්ගේ ක්‍රමවේද වඩාත් නින්දිත සහ වඩාත් දරුණු තැනකට පත්ව ඇත. 

මෙයට පනස්‌ වසරකට පෙර මංකොල්ලයකට යන පිරිසක්‌ විසින් මිනිහකු මරණ ලද්දේ නො කරම බැරි අවස්‌ථාවකදී ය. එහෙත් අද මංකොල්ල කෑමකදී මුලින්ම සිදුවන්නේ හතර වටේ සිටින සියලුම දෙනා සංහාරය කිරීමය. නූතන පාතාලය විශාල ආර්ථිකයක්‌ තරමට පොහොසත් ය. 

කුඩු, අවි ආයුධ, කුඩු නොවන වෙනත් මත් ද්‍රව්‍ය (ගංජා) මේ ආර්ථිකය තුළ ඉතා ඉහළ මිලකට අලෙවි වන අතර, එමගින් ඉපදෙන මුදල් ඉතා විශාල නිසා කප්පම් ගැනීම ද ඉහළ ගොස්‌ ඇත. 

ජුලම්පිටියේ අමරේ යනු දකුණු පළාතේ විසූ චීත්තයෙකි. පොට්‌ට නවුෆර් යනු වැලිකඩ හිරගෙදර මෙකලද, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල එකල ද සිටි චීත්තයෙකි. 'චීත්තය' ට පොලිසිය ද යට වූවොත් සිදුවිය හැකි හානිය අති විශාල ය.

0 comments:

Post a Comment