Pages

Subscribe:

Ads 468x60px

අලුතින් එන වින්ඩෝස් 10 නොමිලේම දෙනවලු


ලොවම බලාසිටින තවත් මෙහෙයුම් පද්ධතියක් වූ  වින්ඩෝස් 10 නුදුරේ දීම කළ එළි බැසීමට නියමිතයි. ඒ අනුව ඊයේ (21) දිනයේදී මෙම නවතම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පිළිබඳව හඳුන්වාදීමේ උත්සවයකුත් පැවැත්වුනා..

එහිදී ඉදිරිපත් වූ කරුණු අනුව මේ වන විට වින්ඩෝස් මෙහෙයුම් පද්ධති භාවිතා කරන අය උදෙසා වසරක කාලයක්  වින්ඩොස් 10 මෙහෙයුම්

පද්ධතිය නොමිලේ භාවිතා කිරීමට ඉඩ සලසා ඇති බවට වාර්තා වේ.

ඒ අනුව Windows 7, Windows 8 හා Windows 8.1 යන මෙහෙයුම් පද්ධති භාවිතා කරන අය වෙනුවෙන් මෙම විශේෂ දීමනාව හිමිවනු ඇති.

නවතම මෙහෙයුම් පද්ධතිය බොහෝ පිරිසක් අතර ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙලෙස නොමිලේ වසරක් පුරා එය භාවිතා කිරීමට ලබාදී ඇති බවට බොහෝ පිරිසක් පවසනවා. කෙසේ නමුත් Windows 7 හා 8.1
භාවිතා කිරීමේදී ඇති වූ දෘඩාංග දෝෂ වලට Windows 10 හිදී යම් පිළියමක් යොදා ඇති බවටත් පැවසෙනවා.

හැබැයි නොමිලේ දෙන මේ අලුත් Windows10 දෙන්නේ ව්‍යාජ කොපි වලට නෙවෙයි කියලත් මතක තියාගන්න. ඒ කියන්නේ windows 7, 8, 8.1 කියන මෙහෙයුම් පද්ධති මුදල් දීලා ගත්ත අයට විතරයි වින්ඩෝස් 10 නොමිලේ වසරක කාලයක් භාවිතා කරන්න පුලුවන්.

0 comments:

Post a Comment