Pages

Subscribe:

Ads 468x60px

ෆොන්සේකා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස්


හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එල්ල වූ සියලුම චෝදනා වලින් ඔහු නිදහස් කර පූර්ණ සමාව ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ඇති ප්‍රතිපාදන යටතේ ෆොන්සේකා මහතාට මෙලෙස සමාව ලබාදිමට
මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඒ අනුව සරත් ෆොන්සේකා මහතාට අහිමි වී තිබූ සියලු වරප්‍රසාද නීතිමය බාධාවකින් තොරව ලබා ගැනීමට ද ඉදිරියේදී අවකාශ උදා වනු ඇති. එසේම අහිමිවී ගිය සියලුම පදක්කම් සහ නම්බුනාම ආදියද හිමිවනවා.

2010 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සේනාධිනායකත්වයෙන් තිස් වසරක ත්‍රස්තවාදය පරාජය කිරීමට සරත් ෆොන්සේකා මහතා හමුදාමය නායකත්වය ලබාදුන්නා.

2010 වසරේ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් තරග කළ සරත් ෆොන්සේකා මහතාට පරාජයෙන් පසුව විවිධ චෝදනා එල්ල වුණා. එම චෝදනා විමර්ශනය කිරීම සඳහා යුද අධිකරණයක්ද පත් කෙරුණා.

0 comments:

Post a Comment