Pages

Subscribe:

Ads 468x60px

2015 නව වසර සමරන්නට ගොස් චීනයේ 35 ක් පෑගී මරුට


පෙරේදා රාත්‍රී නව අවුරුදු උදාව සමරන්නට ලක්ෂ ගණනින් වීදි වෙත එක්රොක්වූ චීනයේ ෂැංහයි නුවර වැසියන් පිරිසක් සල්ලි අහුලන්නට පොරකෑමේ සිද්ධියක් නිසා අනතුරකට ලක්වී තිඛෙනවා. 

මෙම සිද්ධියෙන් මියගිය ගණන 35 ක් වන අතර තුවාල ලබා ඇති පිරිස 43 කි.  ෂැංහයි නුවර නව වසර සැමරීම උත්සවාකාරයෙන් සිදු කරන්නේ ත්‍රිමාන ආලෝක දර්ශන ඇසුරෙන් අලංකාරවූ සංදර්ශන වලින්ද වර්ණවත් වෙමිනි. මෙම උත්සව ශ්‍රීය විඳගන්නට ෂැංහයි වැසියන් එදින එනතුරු
සිටින්නේ ඇගිලි ගනිමිනි.

ඊයේත් මෙම උත්සවය සූදානම් කර තිබුණ අතර නගරය පුරා පුද්ගලයන් ලක්ෂ තුනකට වැඩි පිරිසක් එක් රොක්වී සිටගෙන සිටියේ රොත්තකට මෙනි. මේ අතර රාත්‍රී 11.30ට පමණ නගරය ආසන්නයේ ගලායන ගංගාව යාබදව සිටි පිරිසකට එයට ඉහළින් තිබුණ මහල් ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයෙකු කථා කර තිබුණා. 


ඔහු සියල්ලන්ට පෙනෙන සේ මුදල් නෝට්ටු මිටි කිහිපයක් ඔසවා පෙන්වූ අතර ඔහු ඒවා පහත සිටි පිරිසට අහුලන්නට අහසේ පාකර හැරියේ විනෝදයටය.

මෙම අවස්ථාවේ එම මුදල් අහුලන්නට පිරිස පොරකා තිබුණ නිසා එකිනෙකාට පැගී විශාල පිරිසක් තුවාල ලැබුවා. බිම වැටුණ අය අනෙක් අයට පෑගුණත් එම සිරුර මතින් නොයා වෙනත් පැත්තකට කකුල් තබන්නට බැරි තරමට සෙනග ගොනුවී තිබීමෙන් මෙම අනතුර තවත් දරුණු වුණා. 


ආරක්ෂක අංශ මැදිහත්වී පිරිස මෑත්කර තුවාල වූවන් රෝහල කරා ගෙන ගියත් ඒ වනවිට ජීවිත 35 ක් අවාසනාවන්ත ලෙස අහිමිව තිබුණා. තුවාල ලැබූවන් 43 ක් ෂැංහයි ජාතික රෝහලේ තවමත් ප්‍රතිකාර ලබනවා.

මෙම සිද්ධිය අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.












0 comments:

Post a Comment