Pages

Subscribe:

Ads 468x60px

බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 48 ට බසී

ලෝක වෙළෙඳ‍පොළේ බොරතෙල් බැරලයක මිල පසුගිය සෙනසුරාදා (17 දා) වන විට ඇමරිකානු ඩොලර් 48ක් දක්වා අඩුවී තිබේ.
පසුගිය වසර 5 සමග සසඳා බැලීමේදී එය ශීඝ්‍ර අඩුවීමකි. ප්‍රතිශතයක් ලෙස ගත්කළ 52 පමණ අඩුවීමකි. 2010 වර්ෂයේ ලෝක වෙළඳ‍පොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100ක් වී ඇති අතර 2014 වර්ෂය වන විට බැරලයක මිල ඇමරිකානු ඩොලර් 115ක පමණ අගයක් ගෙන ඇත.



2014 දෙසැම්බර් 18 වැනිදා සිට 2015 ජනවාරි 18 වෙනිදා දක්වා කාල සීමාව සැසඳීමේදී බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 57 සිට ඩොලර් 48, 69 දක්වා අඩුවී තිබේ.


ලෝක වෙළෙඳ‍පොළේ තෙල් මිල ශීඝ්‍ර වශයෙන් අඩුවීම හේතුකොටගෙන ඇමරිකාවේ තෙල් නිපදවන වෙළෙන්දන්ද ව්‍යාපාර පවත්වාගෙන යෑමේ

අර්බුදයකට ලක් වී ඇති අතර ඔවුන් පවසන්නේ ලාභ ලැබිමට නම් බොරතෙල් බැරලයක මිල අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 80ක් විය යුතු බවය.

මේ අතර 2015 මුළු වර්ෂය තුළම තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 55ක අගයක් ගනීවි යැයි විශ්‍ලේෂකයන් අනාවැකි පළකර තිබේ.

0 comments:

Post a Comment