Pages

Subscribe:

Ads 468x60px

අන්තර් ජාලයේ ගූගල් මෙහෙයුම් පද්ධතියෙන් ලිංගිකත්වය සෙවීම ගැන නවතම තොරතුර


අන්තර්ජාලයේ ගූගල් මෙහෙයුම් පද්ධතිය භාවිත කර SEX නොහොත් ලිංගිකත්වය ගැන තොරතුරු පිරික්සීමෙන් ශ්‍රී ලාංකිකයන් විසින් වාර්තාවක් තබා ඇති බව ඔබට අමතකව නැති බව අප දනිමු. 

ඒ අතරින් හෝමාගම ප්‍රදේශය හුවා දැක්වුණු බවද අපට මතකය. ඒ පසුගිය 2014 වසරට අදාළව ගූගල් සමාගම විසින් නිකුත් කරන ඇති දත්ත වාර්තාවලට අනුවය. එය එසේ තිබියදී පසුගිය දිනවල ගූගල්
සමාගම සිය නව පර්යේෂණ වාර්තාවක් නිල වශයෙන් නිකුත් කරන ලදී.


එහි අන්තර්ගත වී තිබුණේ ගූගල් මෙහෙයුම් පද්ධතිය භාවිත කර Porn නොහොත් “කාමෝත්පාදන ලිංගික කරුණු” පිළිබඳව සෙවීමෙන් වාර්තා තබා ඇති රටවල් පිළිබඳවය.

මෙම ලැයිස්තුවට අනුව අප රට එහි ඉදිරියට පැමිණ නැත. අංක එක ස්ථානයට පත් වෙමින් වාර්තාවක් තබා ඇත්තේ පාකිස්ථානයයි. එනම් කාමෝත්පාදන නොහොත් අශ්ශීල ලිංගිකත්වය පිළිබඳව ගූගල් මෙහෙයුම් පද්ධතියෙන් ලොව වැඩිපුරම සොයා ඇති රට පාකිස්ථානයයි.


එහි දෙවැනි ස්ථානයට පත්ව සිටින්නේ ඊජිප්තුවයි. තුන්වන ස්ථානය ඉරානයට ලැබි ඇති අතර හතර, පහ, හය, හත, අට වැනි ස්ථාන පිළිවෙළින් මොරොක්කොව, සවුදි අරාබිය, බංග්ලාදේශය, ඉන්දියාව සහ තුර්කියට හිමි වී තිබේ.  SEX ගැන සොයා වාර්තාවක් තැබූ ශ්‍රී ලංකාව Porn ගැන සෙවූ ලැයිස්තුවේ පළමු දස දෙනා අතරට පවා පැමිණ නැත.


මෙම ලැයිස්තුවට අනුව පළමු දස දෙනා අතර ඇති රටවල්වලින් හයක්ම මුස්ලිම් රටවල්ය. මුස්ලිම් රටවල ජනතාව වැඩි වශයෙන් කාමෝත්පාදන  කරුණු  පිළිබඳව සොයන්නට පෙළඹී ඇති බව මෙම ලැයිස්තුවට අනුව පෙනී යයි. 


පාකිස්ථානය පිළිබඳ සඳහන් වී ඇති තොරතුරුවලට අනුව පාකිස්ථානු වන්ගෙන් වැඩි පිරිසක් පිරික්සා ඇත්තේ සතුන්ගේ ලිංගික ඉරියව් සහ මිනිසා සතුන් සමග ලිංගික ක්‍රියාවේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝ වීමද විශේෂත්වයකි. 

එසේ තිරිසන් සතුන් සමග කායික සබඳතා පැවැත්වීමට ඇති නැඹුරුව විකෘති ලිංගිකලෝලිත්ව (Paraprilia) නම් රෝග ගණයට අයත් සත්වලෝලිත්වය (Zoophilia)  යටතට අයත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෝග නිර්නායක වාර්තාව (I.C.D 10) තුර්කිය සහ ලෙබනනය හැරුණු විට අනිකුත් සියලුම අරාබි රටවල වැසියන්ට ලිංගික කාර්යය සඳහා විවිධ භාණ්ඩ භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. 

එය එසේ වුවද ධපද ගැන සෙවූ අරාබි රටවල් බොහොමයක් ලිංගික ක්‍රියාවන් සඳහා විවිධ භාණ්ඩ භාවිතයට ගන්නා ආකාරය පිළිබඳව ද වැඩි වශයෙන් පිරික්සා තිබෙන බව ගූගල් සමාගම සිය වාර්තාවේ සඳහන් කර තිබේ. තම රටේ නීතියෙන් තහනම් කර ඇති දේ අන්තර්ජාලයෙන් හෝ ස්පර්ශ කිරීමට ‘ඔවුන්’ උත්සාහ දරන්නට ඇත. 

පසුගිය මාස හතරක කාලය තුළ සවුදි අරාබි රජය විසින් සවුදි වැසියන් නව දහසකගේ ට්විටර් ගිණුම් අත්හිටුවනු ලැබිය. ඊට හේතු වී තිබුණේ ද එම පුද්ගලයන්ගේ ට්විටර් ගිණුම් තුළ කාමෝත්පාදන ඡායාරූප ප්‍රසිද්ධ කර තිබිමය. එසේ තහනම් කරනු ලැබූ ට්විටර් ගිණුම් හිමියන්ගෙන් පිරිසක් අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් පැමිණවීමට පවා අරාබි රජය පියවර ගෙන තිබිණි.

එය එසේ තිබියදීත් ලොව පුරා වැඩි වශයෙන් කාමෝත්පාදන   කරුණු   පිළිබඳව පිරික්සා බලන්නේ අරාබි රටවල වැසියන් වීම ඇත්ත වශයෙන්ම පුදුමයට කරුණක් වී තිබේ. එමෙන්ම වැඩිපුර තහංචි පැනවීම ද පුද්ගලයන් ඒ දෙයටම පෙළඹීමට හේතුවක් බව ද මින් අපට සිතාගත හැක.

- දුලංජලී මුතුවාඩිගේ

0 comments:

Post a Comment