Pages

Subscribe:

Ads 468x60px

දින සියයේ විප්ලවය පිළිබඳ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් කරන ප්‍රකාශය


හැඳින්වීම

1.5 කඩාවැටුණු ආර්ථිකය නගාසිටුවනවා

1.8 පසුගිය රජයේ ආර්ථික ඝාතකයන් ජාතිය සතු සම්පත් සූරාකෑවා

5.4 ජාතික ආදායමේ නාමික වර්ධනයෙන් රටේ පුරවැසියන්ගේ ජීවන මට්‌ටමේ දියුණුව නිරූපණය නොවේ

5.4 සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු පුරවැසියන්ට දෙනවා

5.6 රාජ්‍ය සේවයේ නාමික වැටුප ගිය වසරට සාපේක්‌ෂව 47% කින් වැඩිවේ

7.4 ඇමැති මණ්‌ඩලය අඩුකිරීමෙන් වසරකට බිලියන 2.5 ක ඉතිරියක්‌

7.12 යළිත් ජී.එස්‌.පී. ප්ලස්‌

7.20 විශ්‍රාමික වැටුපට රු. 1000 ක්‌ එකතුවේ

7.22 අප්‍රේල් සිට සමෘද්ධිය 200% කින් වැඩිවේ

7.25 ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්‌ථාවර තැන්පතුවලට 15%ක පොලියක්‌

.1. රාජ්‍ය සේවක වැටුප දස දහසකින් නගී

2. අත්‍යාවශ්‍ය භාණ්‌ඩ 13 ක බදු අඩු කෙරේ

3. අධ්‍යාපනයට සියයට හයක්‌

4. පොඩි වාහන බද්ද බසී

4. බදු ගැසූ භාණ්‌ඩ හා සේවා

5. මහපොළ ශිෂ්‍යත්වය ඉහළට

6. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බස්‌ ගාස්‌තු 50% පහළට

7. ගෑස්‌ මිල රුපියල් 300 කින් අඩුය.

8. උම්බලකඩ කිලෝ ග්‍රෑම් 1 ක මිල රුපියල් 200 කින් අඩුය

9. පාන් ගෙඩියක්‌ රු. 6 කින් අඩුය

10. උකස්‌ භාණ්‌ඩවල ලක්‌ෂ 2 ට අඩු භාණ්‌ඩ සඳහා පොලිය කැපේ

1.1 ගරු කථානායකතුමනි, අදට හරියටම දින 21 කට පෙර, 2015 ජනවාරි 08 වෙනි දින මේ රටේ මහජනතාව විශාල වෙනසක්‌ අපේක්‌ෂාවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඡන්දය ලබාදුන්නා. අතිගරු ජනාධිපතිතුමාට පැහැදිලි වරමක්‌ ලබා

දෙමින් වෙනසක්‌ සඳහා ඔවුන්ගේ තිබූ දැඩි අපේක්‌ෂාව ප්‍රකාශ කළා. මෙය දේශපාලන සහ පෞද්ගලික අභිප්‍රායන්වලට එහා ගිය මේ රටේ නව දේශපාලන සහ ආර්ථික සංස්‌කෘතියක්‌ නිර්මාණය කිරීම සඳහා මිනිසා මිනිසාට ආදරය කරන, මිනිසා මිනිසාට ගෞරව කරන සාධාරණ වෙසනක්‌.

1.2 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජන රජයේ 19 වන මුදල් ඇමැතිවරයා වශයෙන් මෙයට පෙර මේ රටේ සිටි ඉතා සුප්‍රසිද්ධ මුදල් අමාත්‍යවරුන්ගේ අඩි පාරේ යමින් මෙම වාර්තාව අද මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කිරීමට ලැබීම මා ලද මහඟු වරප්‍රසාදයක්‌ ලෙස ප්‍රකාශ කරන්නේ සතුටිනි. මෙම මහජන හිතකාමී ප්‍රකාශය මගින් දී ඇති සහන ශ්‍රී ලාංකික ජනතාව වෙත උපරිම ප්‍රතිලාභ සහ සහන ලබාදුන් අවස්‌ථාවක්‌ වශයෙන් ඉතිහාසයට එක්‌වනු ඇතැයි මා විශ්වාස කරනවා.

1.3 අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මානව හිතවාදී නායකත්වයත් ගරු අග්‍රාමාත්‍යතුමාගේ පරිනත බුද්ධිය, තුළින් "මෛත්‍රී පාලනයක්‌" සඳහා වන පදනම දමා ඇත. මෙමගින් අක්‍රමිකතාවයන් නැති අලුත් ශ්‍රී ලාංකාවක්‌ බිහිවනු ඇත. අද ඉදිරිපත් කරන ප්‍රකාශය ජන හිතකාමි රජයක්‌ මහජනයාට සේවය කිරීම සඳහා ඉඩ ප්‍රස්‌ථා නිර්මාණය කරන ආකාරය පිළිබඳ ඉතා පැහැදිලි ආදර්ශයක්‌ ලබා දෙනු ඇත. මේ අවස්‌ථාවේදී, මම සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා "දින සියයේ විප්ලවය" තුළින් යහපත් හෙටක්‌ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙනස ඇති කිරීමට අපේ රජය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස.

බලය තාවකාලිකයි. නිලතල ද එලෙසමයි. අපට ඡන්දය ලබා දුන් මහජනතාවගේ භාරකරුවන් වශයෙන් අපගේ යුතුකම වන්නේ ජාතියට ගෞරවාන්විත ලෙස සේවය කිරීමයි. අප ජනතාවගේ සේවකයන් බව අමතක නොකළ යුතුයි, ඔවුන්ට සේවය කිරීමට අප බැඳී සිටිනවා.

1.4 ශ්‍රී ලාංකිකයාට යළිත් සතුටු විය හැකි කාලයක්‌ උදා වී ඇත. මෙම ප්‍රීතිමත්භාවයෙන් නිදහසත්, නිවහල් බවත්, ධෛර්යයත් ජනිත වනු ඇත. පවුල් පාලනයේ සහ ඥති සංග්‍රහයේ බැඳීම්වලින් නිදහස්‌ව අප අලුත් වී සිටිමු. ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුනි, මගේ ප්‍රකාශය අවසාන කිරීමට ප්‍රථම ඔබගේ සතුට තව තවත් වැඩිවනු ඇතැයි මම සිතමි. අප නිවේදනය කිරීමට අපේක්‌ෂා කරන ප්‍රතිලාභයන් රැස අපගේ ජනතාවට අත්‍යවශ්‍යයෙන්ම ලැබිය යුතුය. එමෙන්ම, අනාගත තිරසාර පැවැත්ම, සතුට සහ යහපත් දිවි පෙවෙතක්‌ ඔවුන්ට ලැබිය යුතුයි. ඇති වුණු වෙනසෙහි ප්‍රීතිය සැම භුක්‌ති විඳිමින් සිටියි. මෙම වෙනස සිදු වූයේ යහපත් අනාගතයක්‌ වෙනුවෙනි. එම වෙනස අගය කළ යුතු වෙනසක්‌. එනම් මෛත්‍රී පාලනයක්‌ වෙනුවෙන් මෙම වෙනස සිදුවී ඇත.

1.5 ශ්‍රී ලංකාවේ පසුගිය වසර ගණනාවක්‌ පුරා දේශපාලන පුරසාරම අප බහුල වශයෙන් අසා ඇති නමුත් ආර්ථිකමය පුරසාරම් බහුල වශයෙන් දකින්නට තිබුණේ නැත. කෙසේ වෙතත්, පසුගිය අවුරුදු කිහිපයේ පැවති පාලනය නැත්නම් මම කැමැතියි, එය නිවැරදි කරන්න අවපාලනය කාලය තුළදී මෙවැනි ආර්ථික පුරසාරම් අපට ඕනවටත් වඩා අසන්නට ලැබුණා. මෙම ආර්ථික පුරසාරම් තුළින් ඇතැම් අය උද්දාමයට පත් වුණත් මෙහි තිබෙන තිත්ත ඇත්ත ධාරණය කිරීම පහසු නැහැ. අඩපණව තිබූ ආර්ථිකය යළි නගා සිටුවීමත් පුනර්ජීවනය කිරීමත් මේ රජයේ මූලික අරමුණක්‌ වෙනවා.

ගරු කථානායකතුමනි, මෙම ප්‍රකාශය ඉදිරියේ දී මෙම ජාතික ආණ්‌ඩුව මගින් ඉදිරිපත් කිරීමට අපේක්‌ෂිත සියලු අයවැය ඉදිරිපත් කිරීම්වලට අවශ්‍ය පෙර ගමනක්‌ වශයෙන් මා සලකනවා. ඒවා කරුණු සහ දත්ත මත මිස බොරු පුරසාරම් මත ඉදිරිපත් නොකිරීමට අපි වගබලා ගන්නවා.

1.6 ගොබෙල්ස්‌ න්‍යාය මගින් ජනිත පුරසාම් බස්‌ මගින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්වන බව ජනතාවට දන්වා ඇතත් අපි බොහෝ දෙනෙක්‌ කල්පනා කරන්නේ මෙවැනි පරසාරම් වචනවලට පදනම් වූ යථාර්ථවාදී කරුණු මොනවාද කියලා.

1.7 බ්‍රිතාන්‍යයන්ගෙන් අපි නිදහස ලබාගත් දින වන පෙබරවාරි 04 වන දින, අපේ ජාතික දිනයට තවත් දින 6 ක පමණ කාලයක්‌ පමණයි තිබෙන්නේ. 2015 ජනවාරි 08 වන දිනද ජාතියේ "යළි දිනාගත් නිදහස්‌ දිනය" ලෙස සැමරිය යුතුයි. පවුල් පාලනයෙන් නිදහස, දූෂිත පාලනයෙන් නිදහස, දූෂිත ගජමිතුරු කල්ලියෙන් ලැබූ නිදහස, අවපාලනයෙන් නිදහස, අධිකරණයේ ස්‌වාධීනත්වය නැවත ලබා ගැනීම, එකිනෙකාගේ පෞද්ගලික අවශ්‍යතා පරිදි නීතිය යොදා ගැනීම මගින් නීතියේ ආධිපත්‍යය අපයෝජනය වීම නිසා ඇති වී ඇති වැරදි පාලනය ක්‍රමය මගින් පොලිසිය සහ රාජ්‍ය සේවය නිදහස්‌ කර ගැනීම අප ලබා ගත් නිදහසට ඇතුලත් වී තිබෙනවා. අපි යළි දිනාගත් නිදහස ආරක්‌ෂා කර ගැනීම සහ වර්ධනය කර ගැනීම අපගේ පරම යුතුකමයි.

දින සියයේ විප්ලවකාරී වැඩසටහන අලුත් යුගයක්‌ ඇති කිරීම සඳහා අවශ්‍ය පදනම පමණක්‌ නොව "නිදහස සහ නිවහල් බව" සඳහා නව අරුතක්‌ද සපයනු ඇත. ස්‌වාධීන කොමිසන් සභා, තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය සහ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන වැනි දින සියයේ වැඩසටහන යටතේ පැහැදිලිවම කිරීමට සැලසුම් කොට ඇති ක්‍රියාමාර්ග ජාතිය යළි ලබාගත් නිදහසේ ඵල භුක්‌ති වඳීමට පැහැදිලි පදනමක්‌ වනු ඇත.

1.8 පවුල් පාලනය ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කළා පමණක්‌ නොව දැහැමි ජාතියක්‌ වශයෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් එකට බැඳී තිබූ සමාජ බැමි ද කඩා දැම්මා. කුඩු සිටුවරු, කැසිනෝකාරයෝ සහ එතනෝල් රජවරු අපේ දරුවන්ගෙ අනාගතය අඳුරු කර දැම්මා. ජනතාවගේ හඬ නිහඬ කර දැම්මා. නිර්භීතව මේ පිළිබඳ අදහස්‌ ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වූ ඇතැම් අය "ආර්ථික ඝාතකයා" වැනි නව යෙදුම් ශබ්ද කෝෂයට එකතු කළා. තිබෙන තොරතුරු සහ සාක්‌ෂි අනුව අපට පැහැදිළිව කියන්න පුළුවන් එවැනි බොහෝ ආර්ථික ඝාතකයින් මේ ශ්‍රේෂ්ඨ ජාතිය සතු සම්පත් තෝරාගත් සුළු පිරිසකට පමණක්‌ සූරා කෑමට හා බහුතරයකට දුක්‌ විඳීමට ඉඩ සලස්‌වා තිබෙනවා.

1.9 ජනාධිපතිවරණයට පසුව මෛත්‍රීපාල - රනිල් සමගි රජයක්‌ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‌ෂවලින් බහුතරයට අයත් ගරු මන්ත්‍රීවරුන්ගේ සහාගිත්වයෙන් ස්‌ථාපිත කළා. මෙය මේ රටේ නිදහසින් පසු ඉතිහාසයේ සුවිශේෂී අවස්‌ථාවක්‌ නිර්මාණය කළා.

අද මම කියන්න ආඩම්බරයි මෙම මූලාරම්භයන් තුළින් ජාතියට විකල්ප මාවතක්‌ පෙන්විමට අපට හැකිවෙලා තිබෙනවා. මෙම මාවත දිගේ අප සෙමෙන් ශක්‌තිමත්ව ගමන් කරනවා. මෙය කරුණා සහගත මෛත්‍රී පාලනයට මාවතක්‌, ස්‌ථාවර රටකර මාවතක්‌, සෞභාග්‍යයට මාවතක්‌, විශේෂයෙන්ම මෙය නිදහසට මනුෂ්‍යත්වයට සහ අභිමානයට මාවතක්‌.

1.10 අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා සහ රජය වෙනුවෙන් මම මුදල් අමාත්‍යවරයා වශයෙන් විවිධ තර්ජන මධ්‍යයේ නිර්භීතව එක හඬින් තමාගේ ඡන්දය මේ ශ්‍රේෂ්ඨ උත්සාහය වෙනුවෙන් ලබා දුන් ඔබ සියලු දෙනාටම පූජ්‍ය පක්‌ෂයට, රාජ්‍ය සේවකයන්ට, විශ්‍රාමිකයන්ට, ගොවි ජනතාවට, ගුරුවරුන්ට සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ සේවකයන්ට, ධීවර ජනතාවට, ශිෂ්‍යයන් ඇතුළු තරුණ ඡන්ද දායකයන්ට, කම්කරු ජනතාවට, ව්‍යාපාරික ප්‍රජාවට, වතු සේවකයන්ට, ත්‍රීවීලර් රියදුරන්ට, ප්‍රවාහන ක්‌ෂේත්‍රයේ සේවකයන්ට. ස්‌වයං රැකියාවල නියෑලි සිටින ජනතාවට, ත්‍රිවිධ හමුදාවල සාමාජිකයන්ට, පොලිසියේ සහ සිවිල් ආරක්‌ෂක සේවාවල සාමාජිකයන්ට, සාමාන්‍ය ජනතාවට ශ්‍රී ලංකාවේ සෑම ජාතියකටම සහ ආගම්වලට අයත් මහජනතාවට මගේ ස්‌තුතිය සහ ආචාරය පිරිනමනවා.

1.11 පසුගිය රජය විසින් විශාල වශයෙන් රාජ්‍ය සම්පත් භාවිතා කරමින් සහ විවිධ ද්‍රව්‍ය නොමිලේ ලබාදීම වැනි ඡන්ද දායකයන් පොළඹවන ආකාරයේ සාමාන්‍යයෙන් අදහාගත නොහැකි තරමටම සිදු කළ බලපෑම්වල ප්‍රමාණය සැලකීමේදී ඇත්ත වශයෙන්ම ඔබගේ දායකත්වය අපගේ ආචාරයට ලක්‌ විය යුතුයි. ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේදී අපි මේ රටේ ජනතාවට විශාල කැපවීමක්‌ පොරොන්දුවක්‌ දුන්නා. අපි බලයට පත්වීමෙන් පසු දින සියයේ විප්ලවකාරි වැඩසටහන මගින් මේ රටේ සහ මහජනතාවගේ දැවෙන ප්‍රශ්න සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වුණා.

1.12 අපි විහ්වාස කරන ආකාරයට මේ රටේ දැවෙන ප්‍රශ්නයක්‌ වන වේගයෙන් ඉහළ යන ජීවන වියදම අඩු කරමින් ජනතාවට සහන ලබා දීමට විශේෂ ක්‍රියාමාර්ග ගන්නා බවට අපි පොරොන්දු වුණා.

වැඩි වන ජීවන බර හේතුවෙන් මේ රටේ බහුතර ජනතාවගේ මූලික අවශ්‍යතාවයක්‌ වන ආහාර නියමිත ප්‍රමිතියට අනුව ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. මෙම ගැටළුවට විසඳුමක්‌ අවශ්‍ය වෙනවා. සියයට 6.7 ක්‌ පමණ වූ දරිද්‍රතාවය සහ සියයට 21.6 ක්‌ පමණ වූ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ප්‍රගතිශීලී සංඛ්‍යාලේඛන නොවෙයි. ප්‍රජාතන්ත්‍රික ඡන්දය මගින් අපේක්‌ෂිත වෙනස තුළින් මේ දක්‌වා අපි අසා නැති මට්‌ටමක සහන ලබා

දෙමින් එම සහන ඉදිරියේ දී තව තවත් වැඩි කරමින් දැවෙන ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දීමට අපි කටයුතු කරනවා.

1.13 පසුගිය කාලයේ දී විශාල වශයෙන් ඇති වූ දූෂණ චෝදනා පිළිබඳ පරීක්‍ෂා කිරීම සඳහා විශේෂ කොමිෂන් සභා පත් කිරීම ස්‌වාධීන කොමිෂන් සභා ස්‌ථාපිත කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පත්වීම් කිරීම, ජාතික විගණන පනත සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත හඳුන්වා දීම, ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හඳුන්වා දීම, විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමය ඇති කිරීම යන කරුණු මෙම වැඩසටහන් යටතේ අපි ජනතාවට දුන් පොරොන්දු අතර ප්‍රධාන කරුණු වේ.

පසුගිය අවපාලන කාලය තුළ දූෂිත ක්‍රියාකාරකම්වල ප්‍රමාණය ඉහළටම ගොස්‌ ඇත. පිළිගත් ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම නාස්‌තිකාර දූෂිතයන් අධිකරණයට ගෙන ගොස්‌ ඔවුන්ගේ දූෂිත ක්‍රියා සඳහා නිසි දඬුවම් දෙන තෙක්‌ අප සමඟ ඉවසීමෙන් සිටින මෙන් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

1.14 මේ වන විට අප මෙම යෝජනා ක්‍රියාත්මක කරමින් සිටිනවා. පසුගිය දින 21 ක කාලය තුළ අප ඉටු කර ඇති කාර්යයන් දෙස බැලීමෙන් ඔබට අපේ කාර්යසාධනය සහ කැපවීම පිළිබඳ තීරණයක්‌ ගන්න පුළුවන්. දින සියයේ විප්ලවකාරී වැඩසටහනෙහි අරමුණු ළඟා කර ගැනීමේ පැහැදිළි දර්ශනයක්‌ ඔස්‌සේ අපි කටයුතු කරගෙන යන බව අවධාරණය කරනවා. අද ඉදිරිපත් කරන දින සියයේ විප්ලවය පිළිබඳ ප්‍රකාශය මෙම උත්සවයේ තවත් වැදගත් ඉදිරි පියවරක්‌.

1.15 අපේ රජය මහජනයා අරමුණු කරගත් රජයක්‌. ප්‍රමුඛතා පදනම් මත මහජනයාට සහන ලබාදීමට අපේ රජය කටයුතු කරනවා. මෙම දින සියයේ විප්ලවය පිළිබඳ ප්‍රකාශ ඉදිරිපත් කිරීමට පෙර ඉන්ධන මිල අඩු කිරීම ජනතාවට ලබාදුන් සහනය මේ සඳහා හොඳ උදාහරණයක්‌. පසුගිය ඕනෑම කාලයක දී මෙතෙක්‌ ලබාදී ඇති ඉහළම ඉන්ධන මිල අඩු කිරීම ජාතියට ලබා දීමට අපට හැකි වුණා. මට තේරෙන්නේ නැහැ ඇයි පසුගිය රජයට මෙවැනි ඉන්ධන මිල සංශෝධන කිරීම් තුළින් මහජනතාවට ප්‍රතිලාභ ලබා දීමට නොහැකි වුණේ කියලා.

1.16. මහජනතාවට සහන ලබා දීමට යෝජිත පියවරයන් සහ ආදායම් සහ වියදම් යෝජනා ඉදිරිපත්a කිරීමට පෙර මේ රටේ පුපුරා යැමට ආසන්න මට්‌ටමේ තිබෙන ආර්ථික බුබුල පිළිබඳවත්, පාර්ලිමේන්තුව විසින් වර්ෂ 2015 සඳහා අනුමත කළ අයවැය පිළිබඳවත් මේ රටේ ආර්ථිකයේ ප්‍රගතිය පිළිබඳවත් අනිකුත් අදාළ ක්‍ෂේත්‍ර පිළිබඳවත් කරුණු කිහිපයක්‌ පැහැදිලි කිරීමට මම කැමතියි.

02. පුපුරා යැමට නියමිත බුබුල

2.1 ශ්‍රී ලංකාව අවිධිමත් ආර්ථික කාල පරිච්ඡේදයක්‌ ගත කර ඇත. දින කිහිපයකට පෙර දක්‌වා සංඛ්‍යා ලේඛන පෙන්වා දුන්නේ සම්පූර්ණයෙන් වෙනස්‌ චිත්‍රයක්‌, අඛණ්‌ඩව පැවති දේශපාලන පුරසාරම් මගින් ආර්ථිකය පිළිබඳ බොරු රෝසි චිත්‍රයක්‌ මවා ඇත. මේ ආර්ථික ප්‍රවීනයන් යෑයි හඳුන්වා ගන්නා පිරිස තමාගේ ආයුධ වශයෙන් යොදා ගත්තේ වෙනස්‌ කරන ලද ප්‍රස්‌ථාර හා වගුයි.

2.2 බොහෝ විට කථා කළේ ආසියාවේ ආශ්චර්ය සහ ආර්ථික කේන්ද්‍ර පිළිබඳ වරින් වර වෙනස්‌ වන තොරතුරුය. සාමාන්‍ය ජනතාව මෙම බොරු උගුලට සහ රැවටීමට හසු වී නැත. ඒ වෙනුවට ඔවුන් දුටුවේ ජාතිය විනාශය කරා ගෙන යන කේන්ද්‍රයන්ය. කුඩු කේන්ද්‍ර එතනෝල් කේන්ද්‍ර සහ කැසිනෝ කේන්ද්‍ර දිනෙන් දින වර්ධනය විය. අපේ තරුණ පරම්පරාව, අපේ ආදරණීය රටේ අනාගතය සහ බොහොමයක්‌ අහිංසක ළමයින් කුඩු සිටුවරු එතනෝල් රජවරුන්ගෙන් හා කැසිනෝකාරයන්ගේ කපටි උපක්‍රමවල ගොදුරු බවට පත්විය.

2.3 කොටස්‌ හුවමාරු, කොටස්‌ වෙළෙඳපොළ පිළිබඳ දැනුමක්‌ ඇති විශේෂඥයන්ගේ හාස්‍යයට ලක්‌ව ඇත. චමපචසබට aබා Dමපචසබට දවසේ නීතිය වී ඇති අතර කුඩා කොටස්‌ වෙළෙඳපොළ ව්‍යාපාරිකයන්ට එම සංගීතයට මුහුණ දීමට සිදුවේ. පොළී අනුපාතය පහත වැටුණු කල ඉහළ ලොක්‌කෝ වැඩිහිටි ජනතාවට කොටස්‌ වෙළෙඳපොළේ ආයෝජනය කරන ලෙස ඉල්ලා ඇත. ඔවුන්ට මුහුණපාන්නට සිදුවන ප්‍රතිඵලය ගැන හොඳින්ම දැන සිටියත් මේ පිළිබඳව අදාළ මිනිසුන්ගේ හදවත් උණු වූයේ නැත. මෙයින් ඉතාමත් දුප්පත්ම විශ්‍රාමිකයන් පවා අමාරුවේ වැටුණා. කොටස්‌ වෙළෙඳ පොල සිටුවරුන් වූ සුපිරි ධනවතුන් දුප්පතාගේ කර මතින් තර විය.

2.4 මේ සංදර්ශනය දිගටම පැවතුණා. විකටයන් සිය කොටස මැනවින් රඟ පෑවා. කම්කරුවෝ ඉහළ පහළ කරණම් ගැසුවා. කලාකරුවෝ පිරිසක්‌ සත්‍යයට වෙස්‌ මුහුණ බැන්දා, සත්‍ය රසවත් බොරුවෙන් වසා දැම්මා. "බොරු අමූලික බොරු සහ සංඛ්‍යා ලේඛන" යන කියමන මෙම චිත්‍රයට මනාව ගැලපුනා. දළ දේශීය නිෂ්පාදන හා රාජ්‍ය ණය මොවුන්ගේ වාග් මාලාව තුළ වාසිදායක ලෙස යොදා ගත්තා.

2.5 අතිශය සුඛෝපභෝගී ජීවන රටාවක්‌ පවත්වාගෙන යන සුපිරි ධනවතුන් පිරිසක්‌ මෙම ගජ මිතුරු ආර්ථිකය විසින්a නිර්මාණය කර ඇත. මෙම පිරිස දූෂිත ලෙස උපයා ගත් ධනය හා ශක්‌තිය මෙන්ම එහි බලයද ප්‍රදර්ශනය කරනු ලැබුවා. ජනගහනයෙන් සියයට 2 ක්‌ වන සුළුතරයක්‌ විසින් අනෙක්‌ අයගේ පිහිටෙන් සමෘද්ධිමත් වුණා. ඉතිරී සියයට 98 කුමක්‌ ද වුණේ 2005 සිට මොවුන්ට කීවේ පටි තද කරගන්නා ලෙසයි. එය එලෙසම ක්‍රියාත්මක වුණා. ආර්ථික දුෂ්කරතා නිසා ඔවුන්ගේ පවුල් කඩා කප්පල් වුණා. රන් භාණ්‌ඩ උකස්‌ තැබුවා. ඔවුන්ගේ වත්කම් එදිනෙදා දිවි පෙවෙත පවත්වාගෙන යැම සඳහා විකුණා දැම්මා. සමහරු අතිශය දිළින්දන් වුණා. දරාගත නොහැකි දිළිඳු භාවයේ එරී සිටි අපේ මව්වරු, පියවරු, සහෝදරවරු ගඟට පැන දිවි නසා ගැනීමෙන් බේරා ගැනීම සඳහා මාතර මහානාම පාලම හා කළුතර පාලම මත නාවික හමුදා ආරක්‍ෂකයන් රැඳවීමට සිදු වුණා.

2.6 ආර්ථික විද්‍යා වචන, දේශපාලන හා ආර්ථික පුරසාරම් පෙරටත් වඩා උස්‌ හඬින් ඇසෙන්නට වුණා. දෛවඥයෝ ඔවුන්ගේ සුඛ විහරණයට ගැලපෙන සේ කැමති පරිදි ග්‍රහචාරය පවා වෙනස්‌ කළා. මේවායේ අරමුණ වූයේ සියයට 2 ක්‌ පමණ වූ සුළුතරය දිගින් දිගටම පෝෂණය කිරීමයි. 2015 ජනවාරි 8 වන දින සුවිශේෂී දිනයක්‌ විය. නිදහසේ සුවඳ ජාතිය සිසාරා හමන්නට විය.

2.7 නිලධාරීන් හා ආර්ථික විශේෂඥයන් විසින් සංඛ්‍යා ලේඛන විමසුම් කළා. දැන් මායාවේ ආර්ථිකය හා බොරුව මතු වී තිනෙවා. නරක ආරංචිය වන්නේ ආර්ථිකය යහපත් නොවන බවයි. සුභ ආරංචිය වන්නේ ආර්ථිකය යළි පණ ගැන්විය හැකි බවත් දැන් එය ආරක්‍ෂිත හස්‌තයක්‌ තුළට පත්ව ඇති බවත්ය. ආර්ථිකයේ නියම තත්ත්වය හෙළි දරව් කර ගැනීමට අපට හැකි වුණා. එසේම දේශපාලනඥයින් කොටස්‌ වෙළෙඳපොළේ දැවැන්තයින් නොසේනම් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු සියලු දෙනා විසින් උපයා ගන්නා ලද දූෂිත ධනය පිළිබඳ විමර්ශනය කර ඒවා යළි ලබා ගැනීමට කටයුතු කරනවා. මොවුන්ගේ නීතියෙන් ගැලවී සිටීමේ මුක්‌තිය දැන් අවසන් වී තිබෙනවා. වැරදිකරුවන්ට සහ දූෂිත පිරිස්‌වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇත.

2.8 අවසාන වශයෙන් මෙම බුබුල පුපුරා යා යුතුය. අපගේ රජය දැන් මෙම තත්ත්වය පිළිබඳව මනා අවධානයකින් සිටියි. ස්‌ථිරසාර බවකින් යුක්‌තව ආර්ථිකය ඉදිරියට ගමන් කරනු ඇත. ආර්ථිකයේ නිවැරැදි තත්ත්වය නිරතුරුවම ඉදිරිපත් කරන බව අප ජාතියට පොරොන්දු වෙමු.

2.9 ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, මෛත්‍රී පාලනයේ යහපත් බව තුළින් යුක්‌තිය සහ සාධාරණත්වය පිළිබඳ අලුත් ප්‍රතිමාණයක්‌ ජාතියට එකතු කරනු ඇත. මේ පිළිබඳව උදාහරණ දෙකක්‌ දීමට කැමැත්තෙමි. 2009 පැවති මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව ජයග්‍රාහකයා ජය පැන් බිවූ අතර පරාජිතයා සිරගත කරන ලදී. මෙවර සිරගත වීමේ දුක්‌ත වාතාවරණයෙන් මිදීමේ සහනය ජයග්‍රාහකයාට හිsමිවූ අතර ජනතාවගේ මුදලින් ස්‌වකීය ගම්පළාත වන මැද මුලනට යාමට නොමිලේ හෙළිකොප්ටර් යානා ලබා ගැනීමට පරාජිතයාට හැකි විය.

2.10 ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට 2015 ජනවාරි 09 වන දින නිදහස්‌ චතුරශ්‍රයේ දී ජනාධිපති දිවුරුම් ප්‍රතිඥව ලබා දීමට වැය වූයේ රුපියල් 60 000 ක්‌ වැනි සුළු මුදලකි. එසේ වුවද 2009 දිවුරුම් දීමේ උත්සවය සඳහා පැවති රජය රුපියල් මිලියන ගණනක්‌ වැය කර ඇත.

03 මෙම ප්‍රකාශයේ අරමුණ

3.1 අද ඉදිරිපත්a කරන මේ ප්‍රකාශය අපේ රටේ රාජ්‍ය මූල්‍ය ක්‍ෂේත්‍රයේ අලුත් ලක්‍ෂණයක්‌ විය හැකිය. පාර්ලිමේන්තු මැතිවරණයක්‌ ප්‍රකාශයට පත් කළ යුතු අවස්‌ථාවක නව රජයට සම්පූර්ණ වර්ෂය සඳහා තමාගේ නව ප්‍රතිපත්ති ඇතුළත් කොට අයවවැයක්‌ ඉදිරිපත් කිරීමට අවස්‌ථාවක්‌ ලබා දීම සඳහා අතුරු සම්මත ගිණුම් මීට පෙර බොහෝ අවස්‌ථාවල මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති බව අප අසා ඇත.

3.2 කෙසේ වෙතත් අපි රජයේ රේ‚ය අමාත්‍යාංශ ව්‍යqහයට විශාල වෙනස්‌කම් කර ඇති බැවින් අද ඉදිරිපත් කරන ප්‍රකාශය අත්‍යවශ්‍යයි. ඔබ දන්නා පරිදි අපි අමාත්‍යවරු ගණන 71 සිට 31 දක්‌වා අඩු කළා. මෙය පසුගිය රජයේ පැවැති ක්‍රමවේදයේ විශාල වෙනස්‌ වීමක්‌.

අමාත්‍ය මණ්‌ඩලය ස්‌ථාපිත කිරීමේ දී අඩුම පිරිවැයකින් වැඩීම ප්‍රතිලාභ ලබාගත හැකි වන පරිදි අපි රේ‚ය අමාත්‍යාංශ ව්‍යqහගත කර තිබෙනවා. අළුතින් ඇති කළ අමාත්‍යාංශ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට හැකි වන පරිදි සම්පත් නැවත වෙන් කළ යුතුයි. මෙම නව ව්‍යqහය ස්‌ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉදිරියේ දී ඉල්ලා සිටිනවා.

මීට අමතරව විශේෂයෙන් ජනතාවට සහන ලබා දීම සඳහා අලුත් ආදායම් සහ වියදම් යෝජනා කිහිපයක්‌ද මගේ ප්‍රකාශයේ ඉතිරි කොටසේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

3.3 2014 ඔක්‌තෝබර් 24 වන දින ඉදිරිපත් කොට 2014 නොවැම්බර් මස පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද 2015 අයවැය තුළ මෙම වෙනස්‌කම් සහ යෝජනා ඇතුළත් කළ යුතු අතර අවශ්‍ය නීති සංශෝධනයන් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.

04 අයවැය 2015

4.1 මීට පෙර ඉදිරිපත් කරන ලද 2015 අයවැය මගින් රජයේ සමස්‌ත ආදායම වශයෙන් රුපියල් බිලියන 1.594 ක්‌ අපේක්‍ෂා කර ඇත. මෙයින් රුපියල් බිලියන 1.400 ක්‌ බදු ආදායම වශයෙන් ද රුපියල් බිලියන 194 ක්‌ බදු නොවන ආදායම් වශයෙන් ලැබේ යෑයි ඇස්‌තමේන්තු කර ඇත. මුළු වියදම් සහ ශුද්ධ ණය දීම් රුපියල් බිලියන 2.990 ක්‌ වන අතර එයින් රුපියල් බිලියන 1.465 ක්‌ පුනරාවර්තන වියදම් වේ. රුපියල් බිලියන 685 ක්‌ ප්‍රාග්ධන වියදම් සහ දළ ණය දීම් වශයෙන් ඇස්‌තමේන්තු කර ඇත. ඇස්‌තමේන්තු කොට ඇති පරිදි 2015 අයවැය හිඟය රුපියල් බිලියන 521 ක්‌ වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ වශයෙන් සියයට 4.6 ක්‌ පමණ වේ.

4.2 මේ අවස්‌ථාවේ මම ප්‍රකාශ කළ යුතුයි මෙම හිඟය අදාළ වන්නේ රජයේ ආදායම් සහ වියදම්වලට පමණක්‌ බව. කෙසේ වෙතත් අපි නැවත නැවතත් මෙම පාර්ලිමේන්තුවට පෙන්වා දී ඇති පරිදි සහ පසුගිය වසර ගණනාවක්‌ තිස්‌සේ පාර්ලිමේන්තුවෙන් පිටතදී පවා සාකච්ඡා කොට ඇති පරිදි මෙම හිඟය අද රටේ මූල්‍ය සඳහා ඇති සත්‍ය වගකීම නිරූපණය නොකරයි. මෙම හිඟය තුළ රජයේ බොහෝ අයවැය ක්‍රියාකාරකම් ඇතුළත් කොට නැත.

4.3 මෙම සත්‍යය වසන් කරන මුලාව ඉවත් කළ යුතු අතර සත්‍ය තත්ත්වය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ සාමාන්‍ය මහජනතාවට දැන්විය යුතුය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ මහජනයා නොමඟ යවන්න අපි අදහස්‌ කරන්නේ නැහැ. අපේ උත්සාහය යහපාලනය ඇති කිරීමයි.

4.4 රාජ්‍ය ණය පිළිබඳ තොරතුරු ප්‍රමාණවත් ලෙස ඉදිරිපත් කර නැති අවස්‌ථා පිළිබඳ වැදගත් කරුණු කිහිපයක්‌ පහතින් දක්‌වා තිබෙනවා.

කුඩු කරන ලද කහවලින් කිලෝවකට අය කෙරෙන බද්ද රු. 360 ක්‌ වන පරිදි රු. 150 කින් අඩු කෙරේ. මේවා දැනට ආනයනය නොකරන බැවින් මෙයින් ආදායමට බලපෑමක්‌ සිදු නොවේ.

13. මිරිස්‌ වර්තමානයේදී කුඩු කරන ලද මිරිස්‌ කිලෝවක්‌ සඳහා අය කෙරෙන විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බද්ද රු. 150 කි. මෙය රු. 125 ක්‌ වන පරිදි රු. 25 කින් අඩු කෙරේ. කෙසේ වුවද, දේශීය නිෂ්පාදනය සඳහා අනුබල දීමක්‌ වශයෙන් කුඩු නොකරන ලද මිරිස්‌ මත අය කරනු ලබන රු. 25 ක බද්ද වෙනස්‌ නොවනු ඇත. මේ සම්බන්ධයෙන් සිදුවන ආදායම් අහිමිවීම වර්ෂයකට සුළු ප්‍රමාණයක්‌ වේ.

මෙම මිල අඩු වීම නිසා මිරිස්‌ ගොවියාට අහිතකර බලපෑමක්‌ සිදු නොවන බව සහතික කොට ඇත.

7.68 ඉහත දක්‌වන ලද යෝජනා නිසා 2015 වර්ෂයේදී රජයේ ආදායම සැළකිය යුතු ප්‍රමාණයකින් අඩු වනු ඇත. මෙම බදු අඩු කිරීම්වලින් ලැබෙන සහන පූර්ණ වශයෙන් මහජනතාවට ලැබීම තහවුරු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කළ යුතුව ඇත. මෑතදී ස්‌ථාපනය කරන ලද ජීවන වියදම් කමිටුව මගින් මෙම සහනයන් පාරිභෝගිකයන්ට ලැබීම තහවුරු කිරීම පිණිස සතිපතා අධීක්‍ෂණය කරනු ඇත.

7.69 ගරු කථානායකතුමනි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, අප පොරොන්දු වූවාටත් වඩා වැඩියෙන් සහන ලබා දී ඇත. අප පොරොන්දු වූයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 10 ක මිල අඩු කිරීමට වුවද, ද්‍රව්‍ය 13 ක මිල අඩු කිරීම් සිදුකර ඇත.

7.70 අප මව්බිමේ ජනතාව විසින් පසුගිය කාල පරිච්ඡේදයේ ඉවසීමෙන් දරාගෙන සිටි දුක්‌ කරදර සඳහා මෙම සහනවලින් විශාල ප්‍රමාණයේ වන්දියක්‌ ලැබෙන බව මාගේ විශ්වාසයයි.

ස්‌වර්ණාභරණ උකස්‌ කරන ලද ජනතාවට විශේෂ වූ සහන

7.71 ශ්‍රී ලාංකිකයන්ට පීඩාවන් දරා සිටීමේ හැකියාව පවතින අතර, මෙම පීඩාවන් දැරීමේ ප්‍රධාන කුලුන ලෙස පවුලක මව සැලකිය හැකිය. ඇය කිසිදු පැමිණිල්ලක්‌ නොමැතිව සියලු බර දරා සිටින්නීය. ආර්ථික අගහිඟකම්වලදී ප්‍රථමයෙන්ම බැංකුවලට උකස්‌ කරනු ලබනුයේ බොහෝ විට ඇයගේ දෙමවුපියන්ගෙන් ඇය ලද පවුලට අයත් ස්‌වර්ණාභරණයි. ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාවට මුහුණ දීමට සිදු වී ඇති ආර්ථික අපහසුකම් පිළිබඳව අප රජය විසින් මැනෙවින් වටහා ගෙන ඇත.

7.72 පසුගිය දශකය තුළදී ජීවන වියදම ඉහළ යැම නිසා දැඩි සේ පීඩාවට පත් කාන්තාවනට සැලසෙන විශේෂ සහනයක්‌ ලෙස රජයේ බැංකුවලට උකස්‌ කරන ලද රු. ලක්‍ෂ දෙක නොඉක්‌මවන වටිනාකමින් යුත් උකස්‌ කළ ස්‌වර්ණාභරණ මත අය කෙරෙන පොළිය කපා හරිනු ඇත.

7.73 ජනවාර්ගික අර්බුදය පැවැති කාලයේ අත්පත් කර ගන්නා ලද ස්‌වර්ණාභරණ ජනාධිපතිවරණ කාලය තුළදී ආපසු ලබා ගන්නා අහිංසක පවුල් දුටුවෙමු. ජෙනරාල් ෙµdන්සේකා සහ අපගේ නිර්භීත හමුදාව විසින් රජයට ලබා දෙන ලද කන්ටේනර් 4 ක රත්තරන් තොග පිළිබඳව අප අසා ඇත්තෙමු. ඒවායේ ඉතිරි රත්තරන් තොගයට කුමක්‌ වූයේ ද යන්න අපි ප්‍රශ්න කරන්නෙමු. වර්තමානයේ කන්ටේනර් බාගයක තරම් ඉතිරි වී ඇති රත්තරන් පිළිබඳ සාක්‍ෂි පවතී.

එල්. පී. ගෑස්‌ මිල අඩු කිරීම

7.74 අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ගෑස්‌ සිලින්ඩරයක මිල රු. 1,596 ක්‌ වන පරිදි රු. 300 කින් අඩු කිරීමට මම යෝජනා කරමි.

7.75 ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස්‌ මිල ශීඝ්‍රයෙන් අඩු වීමේ වාසිය ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා නොදීම පිළිබඳව අපි මවිතයට පත්වෙමු. නුදුරු අනාගතයේදී හෙළිදරව් විය හැකි මහා පරිමාණ දූෂණ පිළිබඳව වූ එක්‌ කථාන්තරයක්‌ බවට මෙය ද පත්විය හැකිය.

8. ආදායම් යෝජනා

8.1 ගරු කථානායකතුමනි, ඔබ දන්නා පරිදි මෙම අය වැයේ වියදම් හා ආදායම්වලට අදාළ වෙනස්‌කම් මගින් ජනතාවගේ ජීවන බර අඩු කරලීම සඳහා විශේෂිත ක්‍රියාමාර්ග අප විසින් යෝජනා කර ඇත. කෙසේ වුවද, රාජ්‍ය අය වැයට සිදුවන බලපෑම අවම වන පරිදි මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.

8.2 මේ සඳහා ඇති වඩා සුදුසු ක්‍රමය වනුයේ රාජ්‍ය ආදායම වැඩි කිරීම තුළින් අතිරේක අරමුදල් සොයා ගැනීමයි. එසේ කිරීමේදී අපගේ ප්‍රතිපත්තියට අනුගත වන පරිදි වෙනස්‌ මාවතක්‌ තෝරාගෙන ඇත.

8.3 පසුගිය රජයෙන් ලද අනුග්‍රහයන් යටතේ මෑත අතීතය තුළ විශාල ප්‍රමාණයෙන් ධනය රැස්‌ කරන ලද ඉහළ ආදායම් උපයන පුද්ගලයන් හා සමාගම් මත බදුÊපැනවීම සිදු කරනු ඇත. එමෙන්ම විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අහිංසක පුද්ගලයන් මත අත්‍යවශ්‍ය බදු බර පැනවීම ද සිදු නොකරනු ඇත.

8.4 යෝජිත ක්‍රියාමාර්ග යහපාලනය තුළ ජනතාවට මිත්‍රශීලී වන අතර ජනතාවට අනවශ්‍ය බදු බරක්‌ නොවනු ඇත. අය වැය පරතරය සැලකිය යුතු මට්‌ටමකින් අඩු කිරීම ඔස්‌සේ ණය ගැනීම අඩු කර ගැනීමට හැකි වී ඇත. මෙම විශාල ණය ගැනීම් පෙර පැවැති රජයෙන් උරුම වූවකි. අපගේ අරමුණ අනාගත පරම්පරාව අනවශ්‍ය ණය බරකට හිරකර නොතැබීමයි.

8.5 මෛත්‍රී පාලනය තුළ වෛරය හා ඊර්ෂ්‍යාව නොමැති අතර යහ පාලනයේ යහපත් ප්‍රතිඵල සෑම විටකම සමාජයේ සියලු අංශ හරහා ගමන් කරනු ඇත. එමෙන්ම එහි ආශිර්වාදය විශේෂයකින් තොරව සැමට ලැබෙනු ඇත.

8.6 දින 100 විප්ලවය තුළ පහත දැක්‌වෙන යෝජනා අප විසින් ඉදිරිපත් කරනු ඇත.

බදු ආදායම් යෝජනා

8.7 මන්දිර බදු (ඵ්බිසදබ ඕං)

වසර ගණනාවක්‌ මුළුල්ලේ නිවාස හා දේපළ විකිණීමට අදාළව ප්‍රාග්ධන වාසි සඳහා බදු අය කිරීම සිදුකර නොමැත. දැනට පවත්නා තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ අති සුඛෝපභෝගී නිවාස හිමියන්ගෙන් රජයට ආදායම් ලබා ගැනීමේ ක්‍රමවේදයක්‌ යළි හඳුන්වා දීමේ අවශ්‍යතාවයක්‌ පවතී. රු. මිලියන 100 හෝ ඊට වැඩියෙන් තක්‌සේරුවකට ලක්‌ කර ඇති සියලුම නිවාස සහ අධි සුඛෝපභෝගී තට්‌ටු නිවාසවලින් හෝ වර්ග අඩි 5,000 කට වැඩි එවැනි නිවාසවලින් (මෙම නිර්ණායක දෙකින් ඉහළ අගය සලකා බලනු ඇත.) වර්ෂයකට රුපියල් මිලියනයක නව බද්දක්‌ zමන්දිර බද්දZ නමින් අය කරනු ඇත. මෙම බද්ද 2015 වර්ෂයේ සිට වාර්ෂික පදනමකින් පළාත් පාලන ආයතන හරහා එකතු කරනු ඇත. මෙය පළාත් පාලන ආයතනවලින් අය කරනු ලබන වරිපනම් හ බදුවලට අමතරව අය කරනු ලැබේ. මෙමගින් අපේක්‍ෂිත ආදායම රු. මිලියන 1,000 කි.

විගමන බදු

8.8 විදේශ රටවලට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයන් විසින් මෙරට දී ඔවුන් උපයන ලද ධනය වටිනා විදේශ විනිමය බවට පරිවර්තනය කරනු ලබයි. ශ්‍රී ලංකාවෙන් බැහැර වීම වෙනුවට තම උපරිම හැකියාවෙන් රටට සේවය කරන ලෙස අප රජය ඔවුන්ට ඇරයුම් කරනවා. මෙවැනි රටින් පිටතට ගෙන යන විදේශ විනිමයෙන් සියයට 20 ක බද්දක්‌ අය කිරීමට මම යෝජනා කරමි. සංක්‍රමණය වන අවස්‌ථාවේදී මෙය අය කරනු ලැබේ.

ද්විත්ව පුරවැසිභාවය

8.9 ලාංකික සම්භවයක්‌ ඇති සියලු දෙනාට ද්විත්ව පුරවැසිභාවය ලබාගත හැකිය. ක්‍රමවත් ඇගයීමකින් පසුව මෙම පහසුකම් ලබා දීමට කටයුතු කරන අතර එක්‌ අයෙකු විසින් රු. 500,000 ගෙවීමක්‌ සිදු කළ යුතුය.

8.10 ශ්‍රී ලංකා නේවාසික තත්ත්වය අපේක්‍ෂා කරන ඇ. ඩොලර් මිලියන 10 ක්‌ ආයෝජනය සිදු කළ හැකි විදේශිකයන් සඳහා ඉඩ ප්‍රස්‌ථා ලබා දෙනු ඇත. එවැනි නේවාසික තත්ත්වයන් ලබා දෙන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව වන අතර සෑම වසර 5 කටම වරක්‌ නේවාසික බව අලුත් කරනු ලැබේ. ඒ සඳහා වීසා ගාස්‌තු වශයෙන් රු. මිලියන 2.5 ක්‌ අය කරනු ලැබේ.

සුපිරි වාසි බද්ද (Sමචැර ඨ්‌සබ ඕං)

8.11 ගරු කථානායකතුමනි, පසුගිය රජයේ විශේෂ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සමාගම්/ ව්‍යාපාර සංඛ්‍යාවක්‌ විසින් අතීත වසර කිහිපයක්‌ තුළ අති ප්‍රමාණික ලාභ උපයා ඇති බව අප විසින් නිරීක්‍ෂණය කර ඇත. මෙහිදී වෙනත් සමාගම්/ ව්‍යාපාරවලට ඒ වෙනුවෙන් පිරිවැයක්‌ දැරීමට සිදු වී ඇත.

8.12 මෙය කිසිම අයුරකින් නොතකා හැරිය යුතු තත්ත්වයක්‌ නොවේ. වගකිවයුතු රජයක්‌ ලෙස සුදුසු යාන්ත්‍රණයක්‌ හඳුන්වාදීම හරහා අප විසින් සමාජයට සාධාරණය ඉටු කර දිය යුතුයි.

8.13 මෙම සන්දර්භය තුළ සුපිරි වාසි බද්දක්‌ යෝජනා කිරීමට මම කැමැත්තෙමි. එය එක්‌වරක්‌ සිදු කරනු ලබන ගෙවීමකි. මේ අනුව 2013/ 14 බදු වර්ෂය තුළ රු. මිලියන 2.000 කට අධික ලාභයක්‌ උපයන ලද ඕනෑම සමාගමකට හෝ පුද්ගලයකුට තම ලාභයෙන් සියයට 25 ක්‌ බදු ලෙස ගෙවීමට සිදුවනු ඇත. මෙම සමාගම් විසින් අයුතු ලෙසද උපයන ලද වාසි මහජනතාවට ආපසු ලබා ගැනීමට මෙය උපකාරී වනු ඇත. 2015 වර්ෂයේදී මෙමගින් උපයා ගැනීමට අපේක්‍ෂිත ආදායම රු. මිලියන 50,000 කි.

උපයන විට ගෙවීමේ බද්දෙන් (ඡ්ශෑ) නිදහස්‌ කරන ලද ප්‍රමාණය ඉහළ නැංවීම

8.14 වර්තමාන බදු ක්‍රමය යටතේ රැකියා ආදායමේ පළමු. රු. 600,000 උපයන විට ගෙවීමේ බද්දෙන් නිදහස්‌ කෙරේ. උපයන විට ගෙවීමේ බදු හිමියන් සඳහා තවදුරටත් සහන සැලසීමේ අපේක්‍ෂාවෙන් මෙම නිදහස්‌ කෙරෙන සීමාව රු. 750,000 දක්‌වා ඉහළ නංවනු ලැබේ. මෙය 2015 අප්‍රේල් 01 දා සිට බලපැවැත්වේ.

දුෂ්කර ප්‍රදේශ සඳහා ආදායම් බදු සහන

8.15 රැකියා අවස්‌ථාවන් නිර්මාණය කිරීම හා ප්‍රාදේශීය දරිද්‍රතාවය අඩු කිරීම සඳහා ඌණ සංවර්ධිත ප්‍රදේශවලට යොමු කෙරෙන ආයෝජන ඉහළ නැංවිය යුතුය. එබැවින් එවැනි ප්‍රදේශවල ආයෝජන සිදු කිරීමට කැමැති ආයෝජකයන්ට අනුබල සැපයීම සිදුකළ යුතුය. මෙවැනි අය දේශීය ආදායම් කොමසාරිස්‌ ජනරාල් විසින් නම් කළ යුතු වේ.

8.16 මේ අනුව, මෙවැනි ව්‍යාපෘතිවලින් උපයනු ලබන ලාභ සඳහා සාමාන්‍ය ආදායම් බදු අනුපාතයෙන් සියයට 50 ක ප්‍රමාණයක්‌ අය කෙරේ.

වාහන බදු සංශෝධනය

8.17 අඩු ආදායම් පවුල්වල අයට ස්‌වකීය ජීවන මට්‌ටම් ඉහළ නංවා ගැනීම පිණිස මෝටර් රථයක්‌ මිලට ගැනීම අරමුණු කරගෙන 1000 ජජ ධාරිතාවයකට අඩු එන්ජින් සහිත මෝටර් රථවලට අදාළව බදුවලින් සියයට 15 ක්‌ පමණ අඩු කිරීමට මම යෝජනා කරමි.

8.18 දෙමුහුන් සහ සාමාන්‍ය මෝටර් රථවලට අදාළව වර්තමානයේ ක්‍රියාත්මක වන තීරුබදු ව්‍යqහය තුළ විශාල විෂමතාවක්‌ ඇත. මෙම විෂමතාවය නිවැරැදි කිරීමට පිණිස දෙමුහුන් වාහනවලට අදාළ නිෂ්පාදන බදු සංශෝධන කිරීමට යෝජනා කරමි. මෙම වෙනස්‌කම් අද දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

8.19 ආනයනය කරන අවස්‌ථාවේදී මෝටර් රථවල ක්‍ෂයවීම් පිළිබඳ පවත්නා ක්‍රියාපටිපාටිය තුළින් වාහනවල වටිනාකම අඩුවෙන් තක්‌සේරු කිරීම සහ ලියාපදිංචි කිරීමේ දිනය වෙනස්‌ කිරීම ආදී බොහෝ අවභාවිතයන් නිර්මාණය වී ඇත. මේ නිසා රජයට විශාල ආදායමක්‌ අහිමි වී ඇත. මෙයට පිළියමක්‌ වශයෙන් ක්‍ෂයවීම් වගුව අද දින මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට මම යෝජනා කරමි.

ඉදිකිරීම් කර්මාන්තය

8.20 සිමෙන්ති, වානේ සහ වැලි වැනි ද්‍රව්‍යවල ඉහළ පිරිවැය කරණ කොට ගෙන වර්තමානයේ ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රගතිය අඩාල වී ඇත. මෙම ගැටලුව විසඳීම පිණිස සිමෙන්ති හා වානේ බිලට්‌වලට අදාළ තීරුබදු ඉවත් කළ යුතු යෑයි මම යෝජනා කරමි. මෙයට අමතරව පරිසරයට හානි නොවන අයුරින් ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රධාන අමුද්‍රව්‍යයක්‌ වන වැලි ගොඩදැමීම පිණිස අදාළ සෑම පියවරක්‌ම ගැනීමට කටයුතු කරනු ඇත.

දේශීය මෝටර් රථ නිෂ්පාදකයන්ගෙන් ලැබිය යුතු බදු අයකර ගැනීම

8.21 විවිධ හේතු ඉදිරිපත් කරමින් රජයට ගෙවියයුතු මුළු බදු ප්‍රමාණය මෝටර් වාහන එකලස්‌ කරන සමහර සමාගම් නොගෙවා ඇති බව නිරීක්‍ෂණය විය.

8.22 මෙරට නිෂ්පාදන ක්‍රියාවලිය තුළ මෙම සමාගම් විසින් එකතු කළ වටිනාකම් පිළිබඳ විමර්ශනයක්‌ කිරීමේ අවශ්‍යතාවය මතු වී ඇත. එමෙන්ම මෙම කාලය තුළ එම ආයතන විසින් ගෙවන ලද නිෂ්පාදන බදු ප්‍රමාණය පිළිබඳව විමර්ශනය කිරීමේ අවශ්‍යතාවයක්‌ පවතී.

8.23 මෙම ආයතන විසින් ප්‍රකාශිත එකතු කළ වටිනාකම් අත්කර ගෙන නොමැති බව තහවුරු වුවහොත් මෙම සමාගම්වලින් අදාළ නියමිත බදු අයකර ගැනීමට ක්‍රියාකරනු ලැබේ.

8.24 පසුගිය වසර කිහිපය තුළ මෝටර් රථ එකලස්‌ කිරීමේ සමාගම් විසින් අනුමැතිය දෙන අධිකාරීන් වෙත ලබා දෙන ලද විස්‌තරාත්මක තොරතුරුවල නිරාකූලතාවය තහවුරු කර ගැනීම පිණිස පූර්ණ වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නංවනු ඇත. මේ සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ ජනරාල්, වාණිජ අධ්‍යක්‍ෂ ජනරාල්, විගණකාධිපති, නීතිපති සහ විගණන අංශවල සාමාජිකයන් ඇතුළත් ඉහළ මට්‌ටමේ කමිටුවක්‌ පත් කරනු ඇත.

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ දේශීය වශයෙන් නිපදවීම දිරි ගැන්වීම

8.25 දේශීය නිෂ්පාදන සහ දේශීය වශයෙන් වටිනාකම් එකතු කිරීම දිරිගැන්වීම පිණිස යතුරුපැදි හා ත්‍රිරෝද රථ නිෂ්පාදනයේ හා එකලස්‌ කිරීමේ නියෑළෙන පාර්ශ්වයන් සඳහා අමතර කොටස්‌වලට අදාළ බදු මුළුමනින්ම ඉවත් කෙරේ.

මඟී ප්‍රවාහනයට යොදා ගන්නා බස්‌ රථවල ආනයන උපරිම කාල සීමාව වෙනස්‌ කිරීම.

8.26 මඟී ප්‍රවාහනයට යොදා ගනු ලබන බස්‌ රථවලට අදාළව ආනයනය කළ හැකි උපරිම වයස්‌ සීමාව වසර 5 සිට වසර 10 දක්‌වා දීර්ඝ කෙරේ. මෙම දිගුව ලබා දෙනු ලබන්නේ සංචාරක කර්මාන්තයේ උන්නතිය පිණිස ප්‍රමාණවත් බස්‌ සංඛ්‍යාවක්‌ ලබාදීම අරමුණු කර ගෙනයි.

කොට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට මම යෝජනා කරනවා. මෙමගින් 2015 වසරේ රුපියල් මිලියන 1,000 ක ආදායමක්‌ අපේක්‌ෂා කරනවා.

8.52 ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීවරුනි, විවිධ රාජ්‍ය ආයතනවල කිසිම ප්‍රයෝජනයකට නොගෙන අව්වට වැස්‌සට තෙමෙමින් විශාල වාහන ප්‍රමාණයක්‌ නවත්වා තිබෙන හැටි ඔබතුමාලා දැක නැද්ද? මේ වාහන සියල්ල මහජන මුදල්වලින් මිල දී ගත් ඒවා. මෙසේ ජාතික සම්පත් මින් ඉදිරියට නිකරුණේ නාස්‌තිවීමට ඉඩ නොදීමට අපි සහතික වෙනවා.

8.53 එවැනිම ක්‍රියාමාර්ගයක්‌ මගින් ජනාධිපති ලේකම් කාර්යාලයට සහ තෝරාගත් රාජ්‍ය ආයතන සඳහා වෙන්කර තිබූ විශාල ප්‍රමාණයක අධි සුඛෝපභෝගී වාහන ද අලෙවි කිරීමෙන් මහජනයාගේ ප්‍රතිලාභ සඳහා මුදල් එකතු කිරීමට අපි අපේක්‌ෂා කරනවා.

8.54 අපේ යහපාලන රාමුව තුළ සිදු කරන විචක්‌ෂණශීලී මූල්‍ය කළමනාකාර ක්‍රමවේදය යටතේ වසර 2015 තුළ දේශපාලනඥයන්ගේ හෝ රාජ්‍ය නිලධාරීන්ගේ භාවිතයට අලුතෙන් කිසිම වාහනයක්‌ ආනයනය නොකිරීමට අපි සහතික වෙනවා.

වාහන ආයනයකරුවන් සඳහා ආනයන බලපත්‍ර

8.55 වාහන ආනයනය හා අලෙවි කිරීමේ කර්මාන්තයට අදාළව දැනට තිබෙන රෙගුලාසිවල විශාල වශයෙන් අඩුපාඩු තිබෙනවා. විශේෂයෙන් සඳහන් කළොත්, ඇතැම් වාහන ආනයනකරුවන් විවිධ ආයතන විසින් පනවා ඇති රෙගුලාසි අනුගමනය නොකර පිළිගත් ක්‍රමවේදය මඟහැර හැකි සෑම අවස්‌ථාවකම වැරදි ක්‍රමවලට බලපත්‍ර ලබාගන්න උත්සාහ කරනවා. මේ තුළින් රජයට විශාල වශයෙන් ආදායම් අහිමි වී තිබෙනවා.

8.56 මෙම ගැටලුවට පිළියම් වශයෙන් සහ නිර්ව්‍යාජ වාහන ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයන් දිරිමත් කිරීමට සුදුසු ක්‍රියාමාර්ගයක්‌ වශයෙන් වාහන ආනයනකරු ආනයනය කරන්නේ අලුත්ම වාහනද, පාවිච්චි කරන ලද වාහනද යන්න නොසලකා සියලුම වාහන ආනයනකරුවන්ට වාර්ෂිකව රුපියල් මිලියන 1.5 ක බලපත්‍ර ගාස්‌තුවක්‌ අය කිරීමට මම යෝජනා කරනවා.

8.57 යෝජිත බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා වාහන ආනයනකරුවන්ගේ සංගමය මගින් ලියාපදිංචි වාහන ආනයනකරුවන්ගේ ලේඛනයක්‌ ලබාගන්නා බැවින් මින් ඉදිරියට ඕනෑම කෙනෙකුට වාහන ආනයනකරුවෙක්‌ වශයෙන් ඉදිරිපත් විය හැකි වර්තමාන ක්‍රමවේදය නතර වනු ඇත.

වරායෙන් පිටවෙන බහාලුම් සඳහා වෙනස්‌ නොකිරීමේ සහතික

8.58 ශ්‍රී ලංකා රේගුව විසින් වරායෙන් පිටවෙන බහාලුම් සඳහා වෙනස්‌ නොකිරීමේ සහතික නිකුත් කිරීමේ ක්‍රමවේදයක්‌ ක්‍රියාත්මක කරනු ඇත. මේ මගින් වරාය මෙහෙයුම් කටයුතු වැඩි දියුණු වේ. මෙම සහතිකයක්‌ නිකුත් කිරීම සඳහා බහාලුම් එකකට ඇමෙරිකානු ඩොලර් 10 ක්‌ අය කරනු ලබනවා.

9. වෙනත් යෝජනා

ජාතික වකුගඩු අරමුදල

9.1 මැතිවරණ ප්‍රචාරණය සඳහා යන වියදම් ජාතික වකුගඩු අරමුදලකට බැර කළ යුතු යෑයි අතිගරු ජනාධිපතිතුමා, ස්‌වකීය මැතිවරණ ව්‍යාපාරයේදී සඳහන් කර තිබිණි. එබැවින් වකුගඩු රෝගීන්ගේ වේදනාවන් ගැන සැලකිල්ලක්‌ දක්‌වන පරිත්‍යාගශීලී ශ්‍රී ලාංකිකයන් වෙත මෙම අරමුදලට දායක වන ලෙස මම ඉල්ලා සිටිමි. මෙවැනි පරිත්‍යාග බදුවලින් නිදහස්‌ වනු ඇත.

ආබාධිත රණවිරුවන් සඳහා විශේෂ පහසුකම්

9.2 ආබාධිත රණවිරුවන් ජාතියට කරන ලද මිල කළ නොහැකි සේවය ඇගයීමක්‌ වශයෙන් ඔවුන්ට "විරුදිරිය" නමින් රුපියල් 500,000 උපරිමයකට යටත්ව විශේෂ ණය ක්‍රමයක්‌ හඳුන්වා දෙනවා. රාජ්‍ය බැංකු විසින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබේ.

විශේෂිත හැකියාවන් ඇති පුද්ගලයන් සඳහා ආධාර

9.3 විශේෂිත හැකියාවන් ඇති පුද්ගලයන් සඳහා නියමිත පිළිගැනීම ලබාදීමේ වැදගත්කම රජය විසින් හඳුනාගෙන ඇති බැවින් ඔවුන් වෙනත් අය මත ර¹ පැවැත්ම අවම කිරීමට ඔවුන් සවිබල ගැන්වීම පිණිස අවශ්‍ය පියවර ගනු ඇත. එමගින් ජාතික සංවර්ධනයේ දී සමාන පාර්ශවකරුවන් ලෙස නැගී සිටීමට ඔවුන්ට හැකිවනු ඇත.

විදුලිබල මණ්‌ඩලය, ජලසම්පාදන මණ්‌ඩලය සහ ශ්‍රී ලංකා ටෙලිකොම්හි බාහිර ශ්‍රම සැලසුම් ආයතනවලින් බඳවා ගත් සේවකයන් අන්තර්ග්‍රහණය කිරීම.

9.4 යථෝක්‌ත ආයතනවල වෘත්තීය සමිති නියෝජිතයන් අප වෙත ඉදිරිපත් කරන කරුණු ප්‍රකාර බාහිර ශ්‍රම සැපයුම් ආයතනවලින් බඳවා ගන්නා ලද සේවකයන් අවුරුදු 15 කටත් වඩා වැඩි කාලයක්‌ සේවයේ නිරත වී ඇත. ඔවුන් නියමිත සේවක සංඛ්‍යාවන් වෙත අන්තර්ග්‍රහණය කරගනු නොලැබුණි. වෘත්තීය සමිති මගින් නිරතුරුවම ඉදිරිපත් කරන ලද කරුණු සලකා බලා මෙම ගැටලු නිරාකරණය කිරිම පිණිස එලෙස බඳවා ගත් අවුරුදු 07 කට වඩා වැඩි කාලයක්‌ සේවය කර ඇති එවැනි සේවකයන් එම ආයතනවල සේවක මණ්‌ඩලවලට අවශෝෂණය කර ගැනීමට යෝජනා කරමි.

සරසවි මහපොළ ශිෂ්‍යත්වය වැඩි කිරීම

9.5 වසර 34 කට පෙර මාගේ ගුරු වන දිවංගත ගරු ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා ආරම්භ කළ මහපොළ ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අද වනවිට විශාල අනුග්‍රහයක්‌ වී ඇත.

9.6 2015 ජුලි මාසයේ සිට මහපොළ මාසික ශිෂ්‍යත්ව දීමනාව රුපියල් 5,000 දක්‌වා වැඩි කිරීමට යෝජනා කරනවා. මේ මගින් වැඩි ශිෂ්‍ය පිරිසකට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා දොරටු විවෘත වෙනු ඇත. මෙම වැඩි කිරීම මහපොළ භාර අරමුදල සමග සාකච්ඡා කර ක්‍රියාත්මක කරනු ඇත.

පෙර පාසල් ගුරුවරුන්ට දීමනාවක්‌ ගෙවීම

9.7 "ළමා දිරිය" නමින් වැඩසටහනක්‌ ආරම්භ කොට 2015 ජුනි මස සිට පෙර පාසල් ගුරුවරුන්ට රුපියල් 250 ක මාසික දීමනාවක්‌ ලබා දෙනු ඇත. මෙම දීමනාව ළමා කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන් සඳහා අදාළ වනු ඇත.

දහම් පාසල් ගුරුවරුන් සඳහා දීමනා

9.8 දහම්පාසල් සඳහා "දැහැමි දිරිය" නමින් ආරම්භ කරන නව වැඩපිළිවෙළක්‌ යටතේ 2015 ජුනි මස සිට දහම් පාසල් ගුරුවරුන්ට රුපියල් 200 ක දීමනාවක්‌ මාසිකව ලබා දෙනු ඇත. මෙම දීමනාව සඳහා සුදුසුකම් ලැබීමට දහම් පාසල අදාළ ආගමික අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතුයි.

ස්‌වයං රැකියා නියුක්‌තිකයන් සඳහා විශ්‍රාම යෝජනා ක්‍රමය

9.9 2015 ජුලි මස සිට ක්‍රියාත්මක වන පරිදි ගොවි ජනතාව, ධිවර ජනතාව, ත්‍රී රෝද රථ රියදුරන්, පෙදරේරු හා වඩු කාර්මිකයන්, පෞද්ගලික ආරක්‌ෂක නිලධාරීන්, වතු සේවකයන් සහ පදික වෙළෙඳුන් සහ වඩු කාර්මිකයන් ඇතුළු ස්‌වයං රැකියාවල නියුක්‌තිකයන් සඳහා විශ්‍රාම යෝජනා ක්‍රමයක්‌ හඳුන්වා දෙනු ලැබේ. මෙම යෝජනා ක්‍රමය බැංකු හා රක්‌ෂණ ආයතනවල සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කරනු ඇත.

9.10 ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය වැඩිවීමේ ගැටලුවට පසුගිය දශකයක කාලයක්‌ තුළ පාලකයන් ප්‍රමාණවත් විසඳුමක්‌ ලබාදී තිබුණේ නැත. අපේ රජය මේ සඳහා සුදුසු විසඳුමක්‌ ඉදිරිපත් කර තිබෙනවා. මේ යටතේ දැනට විශ්‍රාම වැටුප් හිමිකමක්‌ නැති සේවකයන්ට ඔවුන්ගේ කැමැත්ත පරිදි විශ්‍රාම යෝජනා ක්‍රමයකට දායක වීමට අවස්‌ථාවක්‌ ලබා දෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා මිහින් ලංකා ගුවන් සමාගම ඒකාබද්ධ කිරීම

9.11 පසුගිය වසර කිහිපයක සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශාල වශයෙන් පාඩු ලබා ඇත. වසර 5 තුළ දී පමණක්‌ ලබා ඇති පාඩුව රුපියල් බිලියන 100 කට වැඩිය. පසුගිය පාලන කාලයේ කළමනාකරණ දුර්වලතා මෙම පාඩුවට ප්‍රධාන හේතුවක්‌ වී ඇත. මෙවැනි විශාල පාඩුවක්‌ අපි දරා තිබුණේ නැත්නම් එම මුදල්වලින් අපට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුත් ගුවන් යානා ගණනාවක්‌ මිලදී ගැනීමට හැකිව තිබිණි.

9.12 මිහින් ලංකා ගුවන් සමාගම ද තවත් එවැනි පාඩු ලබන ආයතනයක්‌. පසුගිය වසර 5 තුළ එය දරා ඇති සමුච්චිත පාඩුව රුපියල් බිලියන 15 ක්‌ පමණ වෙනවා. මේ සියලුම අලාභ මේ රටේ මහජනයා විසින් දැරිය යුතුයි. ගෙවීමට ඉතිරිව ඇති සියලුම ණය මහජනයා ගෙවිය යුතුයි.

9.13 මෙම විශාල වශයෙන් පාඩු ලබන තත්ත්වයට එක්‌ විසඳුමක්‌ වශයෙන් මෙම ගුවන් සමාගම් දෙක ඒකාබද්ධ කිරීමට යෝජනා කරනවා. මෙය සම්පත් කාර්යක්‌ෂමව යෙදවීමටත් මෙහෙයුම් කාර්යක්‌ෂමතාවය වැඩිකිරීමට යොදවන අතර ඒ තුළින් අලාභය ක්‍රමානුකූලව අඩුකළ හැකි වෙනවා.

දිවයින පුරා බැංකු පහසුකම් වැඩිකිරීම

9.14 දිවයිනේ බොහෝ ප්‍රදේශවල සතුටුදායක විය හැකි මට්‌ටමේ බැංකු සේවා පහසුකම් නොමැති බව අපි දන්නා කරුණක්‌. නමුත් බොහෝ නාගරික ප්‍රදේශවල සෑම වාණිජ බැංකුවකම ශාඛා ක්‍රියාත්මක වන බව අපි දැක තිබෙනවා.

9.15 මේ තත්ත්වය යථාවත් කොට වෙනස්‌ කළ යුතු බව අපි දැඩි ලෙස විශ්වාස කරනවා. මේ නිසා දුෂ්කර ප්‍රදේශවල බැංකු ශාඛා ආරම්භ කරන ලෙස සියලුම වාණිජ බැංකුවලට දන්වා සිටිනවා. එමෙන්ම ආරම්භක තැන්පතුවක්‌ නැතිව අලුත් සේවාදායකයන් සඳහා බැංකු ගිණුම් විවෘත කරන ලෙසද වාණිජ බැංකුවලට දැනුම් දෙනවා.

9.16 මේ රටේ සියලුම පුරවැසියන්ගේ නමින් බැංකු ගිණුමක්‌ ආරම්භ කිරීමට, අවශ්‍ය සියලුම පියවරයන් ගැනීමට අපි උත්සාහ ගනු ලබනවා. එමගින් ඉදිරියේදී මහජනයාට ලබාදෙන සියලුම දීමනා, ප්‍රදාන හා ගෙවීම් බැංකු පද්ධතිය හරහා සිදු කිරීමට අපට හැකිවෙනු ඇත.

9.17 ණය ගැනුම්කරුවන්ගේ පහසුව සඳහා බැංකු විශේෂයෙන් ණය දීම සඳහා යොදා ගන්නා රෙගුලාසි සහ ක්‍රමවේදයන් සරල කරන ලෙස මම සියලුම බැංකුවලින් ඉල්ලා සිටිනවා. එසේ සරල කරන ලද ක්‍රමවේදයන් 2015 සැප්තැම්බර් මස සිට ක්‍රියාත්මක කළ යුතුයි.

රට තුළට රැගෙන එන විදේශ විනිමය සීමාව වැඩිකිරීම

9.18 ශ්‍රී ලංකාවට ගෙන ආ හැකි හෝ ප්‍රේෂණය කරන විදේශ විනිමයේ උපරිම සීමාව ඇ. ඩොලර් 25,000 ක්‌ කරනු ලැබේ. මෙහි අරමුණ වන්නේ විදේශ විනිමය ශ්‍රී ලංකාවට ගෙන එන පාර්ශවයන්ට වඩාත් පහසු ක්‍රියාවලියක්‌ ඇති කිරීමයි.

විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ ගාස්‌තු

9.19 ශ්‍රී ලංකාවේ විගමනික සේවක පිරිස රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල දායකත්වයක්‌ ලබාදේ. එබැවින් දැනට ක්‍රියාත්මක වන විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්‌තුව රු. 5,000 දක්‌වා අඩු කිරීමට යෝජනා කරන අතර එය 2015 මැයි මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇත.

බුද්ධිමය දේපළ වාණිජකරණය කිරීම

9.20 කුමන රටකට වුවද, වර්තමාන ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේදී නව නිමැවුම් මෙන්ම විද්‍යාත්මක හා තාක්‌ෂණික දියුණුව ද අත්‍යවශ්‍ය ය. නව නිමැවුම් හා සොයාගැනීම් තුළින් අද ජනතාවගේ ජීවන තත්ත්වය විශාල වශයෙන් වැඩිදියුණු වී වෙනස්‌ වී තිබෙනවා. එමෙන්ම නව නිමැවුම් හා සොයාගැනීම් ක්‍රියාවලිය දිගින් දිගටම සිදු කෙරෙමින් පවතිනවා.

0 comments:

Post a Comment