Pages

Subscribe:

Ads 468x60px

2015 අතුරු අය වැය යෝජනා බලන්න


දින සියයේ වැඩ පිළිවෙලෙහි සඳහන් වන ආකාරයට කඩිනමින් සහන ලබා දී ජන ජීවිතය යළි නගාසිටුවීම සඳහා විශේෂ පියවර ඇතුළත් අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එහි අයවැය
යෝජනා බලන්න පහතින්.

15:49
අයවැය කතාව අවසන්

15:47
මිලියන 450 ක් වැයකොට ගෙන්වනු ලැබූ හෙලිකොප්ටර් ගැන විමර්ශනය කරනවා

15:43 Updated : 15:44
සේවක අර්ථසාධක අරමුදලින් 30%ක් නිවාස සහ ඉඩම් මිලට ගැනීමට ලබා දීමට යෝජනාවක්

15:41
අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු විසින් දේශපාලන මුහුණුවරක් ගන්නා වෙළඳ දැන්වීම් පළ කිරීමට සීමා

15:39 Updated : 15:39
විදේශ සේවකයන් ලියාපදිංචි කිරීමේ ගාස්තුව 5000 දක්වා අඩු කෙරේ

15:37
Credit Card මගින් ගන්නා ණය මුදල් සඳහා උපරිම පොළී අනුපාතය 8% දක්වා අඩු කෙරේ

15:35
අනේවාසික විදේශ ගිණුම් වල පොලිය 5% ඉහලට

15:33 Updated : 15:37
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බස් ගාස්තු 50% කින් අඩු කරනවා

15:31 Updated : 15:36
සියලුම අයට බැංකු ගිණුමක් ලබාදීමට කටයුතු කරනවා - ආරම්භක මුදලක් නොමැතිව බැංකු ගිණුමක් ආරම්භ කිරීමට අවස්ථාව සලසනවා

15:30
ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සමාගම් ඒකාබද්ධ කිරීමට යෝජනා කරනවා

15:29
මිහින් ලංකා ගුවන් සමාගම පසුගිය වසර පහේ පාඩුව බිලියන 15

15:28
ස්වයං රැකියා නියුක්තිකයන්ට විශ්‍රාම යෝජනා ක්‍රමයක්

15:27
දහම්පාසල් ගුරුවරුන්ට මසකට රුපියල් 200ක්

15:27
මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 5000 දක්වා ඉහළට

15:25
ආභාධිත රණ විරුවන්ටරුපියල් 500000 දක්වා ණයක්

15:25
විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන් සඳහා ආධාර

15:23
වාහන ආනයන කරුවන්ගෙන් මිලියන1.5ක වාර්ෂික බද්ධක්

15:21 Updated : 15:22
අබලන් වාහන විකිණීමෙන් රුපියල් මිලියන 1000 ක ආදායමක්

15:20
ජංගම දුරකතන සඳහා රීලෝඩ් කිරීමේදී අයකළ 25% බද්ද ඉවත්කෙරේ

15:18
ක්‍රීඩා සඳහා පමණක් වෙන්වූ නාලිකා වලින් රුපියල් මිලියන 1000 බද්දක්

15:18
සැටලයිට් රූපවාහිනී හිමිකරුවන් සඳහා මිලියන 1000 ක බද්දක්

15:17
ජංගම දුරකතන සමාගම් සඳහා එක්වරක් පමණක් රුපියල් මිලියන 250ක බද්දක්

15:16
සුරාසල් හිමියන්ගෙන් එක් වරක් ගෙවිය යුතු 250,000 ක බද්දක්

15:15
විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 සිට 1000 දක්වා අඩු කෙරේ

15:15
තැබෑරුම් සහ මත්පැන් අළෙවි සල් වලට රුපියල් 205000 බද්දක්

15:13
මත්පැන් බලපත්‍ර ගාස්තු 100% ඉහළට

15:13
කැසිනෝ හිමියන්ගෙන් රුපියල් මිලියන 1000 විශේෂ බද්දක්

15:08
සිමෙන්ති මිල රුපියල් 90 න් පහළට

15:07
යතුරු පැදි ත්‍රිරෝද රථ නිෂ්පාදනය සහ එකලස් කරන්නන්ට බදු සහන

15:06
දේශීය වාහන එකලස් කරන සමාගම් පැහැර හැරි බදු අයකිරීමට කටයුතු කරනු ලැබේ මින් රුපියල් කෝටි 12000 ආදායමක් අපේක්ෂා කෙරේ

15:06
Hybrid මෝටර් රථ වල බදු අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කරනු ඇත

15:05
එන්ජින් ධාරිතාව 1000 අඩු වාහන සඳහා 15% බදු සහනයක්

15:04 Updated : 15:05
සුපිරි වාසි බද්ද - මිලියන 2000 ට වඩා ලාභ ලබන ආයතන වලින් 25% ක බද්දක්

15:04
උපයන විට ගෙවීමේ බද්ද අයකිරීමේ සීමාව රුපියල් 750000 දක්වා ඉහළට

15:03
දුෂ්කර ප්‍රදේශ සඳහා ආදායම් බදු සහන

15:02
විදෙස් ගත වන්නන් ගෙනයන මුදලින් 20% බද්දක්

15:00
මන්දිර බදු - මිලියන 100 ක් හෝ ඊට අධික වටිනාකමක් වැඩි වටිනාකමක් ඇති නිවාස වලින් වර්ෂයකට රුපියල් මිලියනයක බද්දක්

14:58 Updated : 15:00
ගෑස් මිල - අද මධ්‍යම රාත්‍රීයේ සිට 12.5kg සිලින්ඩරය  රුපියල් 1596 දක්වා  රුපියල් 300න් අඩු කෙරේ

14:56
ලක්ෂ 2ට අඩු රන් භාණ්ඩ උකස් පොළිය කපා හැරේ

14:54 Updated : 14:55
වියළි මිරිස් කිලෝව රුපියල් 25 කින් පහලට

14:54
කහ කිලෝව රුපියල් 100 කින් පහලට

14:53
උම්බලකඩ කිලෝව රුපියල් 200 කින් පහලට

14:53
උඳු කිලෝව 60 කින් පහලට

14:52
කොත්තමල්ලි කිලෝව රුපියල් 26 කින් අඩුවනු ඇත

14:52
හාල්මැස්සෝ කිලෝව රුපියල් 15 කින් අඩුවනු ඇත

14:52
ටින් මාළු බද්ද කිලෝවකින් 52 ක් අඩු කෙරේ . ඒ අනුව නව මිල රුපියල් 60 කින් අඩුවනු ඇත

14:51
මුන් ඇට කිලෝවක් රුපියල් 30 කින් අඩුවේ

14:50
පාන් මිල රුපියල් 6 කින් අඩුවනු ඇත

14:50
පාන් පිටි කිලෝවක් 12.50 කින් අඩුවේ. එයට සමගාමිවීව පාන් මිලද අඩු වනු ඇත

14:49
සස්ටජන් කිරිපිටි මිල - තීරු බදු 15% කපා හැරේ. ඒ අනුව සස්ටජන් ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100 කින් මිල අඩුවනු ඇත

14:47
අත්‍යවශය භාණ්ඩ 13 මිල අඩු කිරීම
සීනි කිලෝවක් මත බද්ද රුපියල් 10 කින් අඩු කෙරේ
කිරි පිටි - උපරිම සිල්ලර මිල රුපියල් 325

14:46
බස් ගාස්තු 10% සහ පාසල් වෑන් ගාස්තු 5% පහළට

14:43
භූමි තෙල් තවත් රුපියල් 6න් පහළට

14:43 Updated : 14:44
අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කරනවා

14:38 Updated : 14:42
රෝහල්වල බාහිර රෝගී අංශය පැය 24 ම ක්‍රියාත්මක කරනවා

සෞඛ්‍ය සේවය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 3%ක් දක්වා ඉහළ දමනවා වකුගඩු රෝගීන්ට රුපියල්  මිලියන 2000ක්

14:37
කොළඹ යළි පදිංචි කළ පවුල් සඳහා වන්දි මුදල් ඉහළ දමනවා

14:37 Updated : 15:41
සහතික මිල යෝජනා (කිලෝවකට)

වී - 50 /=
රබර් - 350/=
තේ - 85/=
අර්තාපල් - 80/=


14:35
ජේෂ්ඨ පුරවැසියන්ගේ මිලියනයක බැංකු තැන්පතු සඳහා 15 % පොලියක්

14:35
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල රුපියල් මිලියන 50 සිට රුපියල් මිලියන 100 දක්වා ඉහළට

14:33
ගොවියන්ට නව රක්ෂණ හා විශ්‍රාම වැටුපක්

14:32
රුපියල් 60 තිබූ කිරි ලීටරයට රුපියල් 70ක සහතික මිලක්

14:31
අඩු මිලට අත් ට්‍රැක්ටර්, පොහොර සහනාධාරය දිගටම

14:29
රුපියල් 100000 දක්වා ගත් ගොවි ණය වලින් 50000ක් කපා හැරේ

14:27 Updated : 14:28
සමෘද්ධි දීමනාව අප්‍රේල් මස සිට 200% ඉහලට

14:27
ගර්භණී මාතාවන්ට රුපියල් 20000 දීමනාවක්

14:25
ණය ලබා දීමේ පහසුවට සමෘද්ධි බැංකු ප්‍රාදේශී සංවර්ධන බැංකු හා ඒකාබද්ධ කරනවා

14:24
විශ්‍රාම වැටුප් අප්‍රේල් සිට රුපියල් 1000න් ඉහළට

14:23
GSP+ සහනය නොමැතිවීමෙන් සිදුවූ පාඩුව මිලියන 5000

14:20 Updated : 14:21
පුද්ගලික අංශයේ වැටුප් අවමය රු. 2500කින් වැඩි කරන ලෙස ඉල්ලීමක් කරනවා

14:20
GSP+ නැවත ලබා ගැනීමට කටයුතු කරනවා

14:16 Updated : 14:18
ඇමති මණ්ඩලය අඩු කිරීමෙන් රුපියල් බිලියන 2.5 (රුපියල් කෝටි 250) ඉතිරියි

14:09 Updated : 14:09
රජයේ සේවක වැටුප රුපියල් 10000න් ඉහළට ඉන් රුපියල් 5000ක් පෙබරවාරි සහ ඉතිරි 5000 ජුනි මස දෙනවා

14:06
2014 සමස්ත ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 84.9%ක්

14:05 Updated : 14:19
ජනාධිපති වැයබර රුපියල් කෝටි 10497 සිට රුපියල් කෝටි 256 දක්වා අඩුකරයි

14:03 Updated : 14:04
2014 අවසානයේ රජයේ ණය රු.බිලියන 8800 ඉක්මවනවා

14:00 Updated : 14:02
ඒක පුද්ගල ණය රුපියල් 4,27,220 දක්වා ඉහළ ගොස් තිබෙනවා

13:57 Updated : 13:58
හෙජින් ගනුදෙනුව නිසා රටට වූ පාඩුව රුපියල් බිලියන 15.7

13:55
පසුගිය අයවැයේ අයවැය හිඟය රුපියල් බිලියන 521යි

13:53
අමාත්‍යවරු 71 සිට 31 ට අඩු කළා

13:52
ජනාධිපතිතුමාගේ දිවුරුම් දීමේ උත්සවයට වැය වුණේ රුපියල් 60000යි

13:46
ඉන්ධන මිල අඩු කිරීම මේ රජය සහන ලබා දෙන බවට හොඳම උදාහරණයක්

13:38 Updated : 13:39
අඩපණවූ ආර්ථිකයට පුණර්ජීවනය ලබාදීම රජයේ බලාපොරොත්තුවයි

13:36
අක්‍රමිකතා නැති අලුත් ශ්‍රී ලංකාවක්

13:34
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අයවැය කත‍ාව අරඹයි

0 comments:

Post a Comment