Pages

Subscribe:

Ads 468x60px

මෛත‍්‍රි පාලනයේ නව කැබිනට් මණ්ඩලය


අභිනව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නා. මෙම කැබිනට් මණ්ඩලය දින 100 කට අදාල තාවකාලික කැබිනට් මණ්ඩලයක් බවත් දින 100 න් අනතුරුව ස්ථාවර කැබිනට් මණ්ඩලයක් නැවත පත් කරන බවත් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසා සිටියා.

නව කැබිනට් මණ්ඩලයට අදාල ලැයිස්තුව පහතින්,


කැබිනට් මණ්ඩලය ඇමතිවරුන් 27

1 – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ – ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධන
2 – ජෝන් අමරතුංග – මහජන සාමය හා ආපදා කළමනාකරණ ඇමති
3 – ජොසප් මයිකල් පෙරේරා – ස්වදේශ කටයුතු ඇමති
4 – ගාමිණි ජයවික්‍රම පෙරේරා – ආහාර සුරක්ෂිතාවය පිළිබඳ ඇමති
5 – මංගල සමරවීර – විදේශ කටයුතු ඇමති
6 – කරු ජයසූරිය – බුද්ධ ශාසන ඇමති
7 – ලක්ෂ්මන් කිරිඇල්ල – වැවිලි කර්මාන්ත ඇමති
8 – රවී කරුණානායක – මුදල් ඇමති
9 – රවුෆ් හකීම් – නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන
10 – පාඨලි චම්පික රණවක – විදුලිබල හා බලශක්ති
11 – රාජිත සේනාරත්න – සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය
12 – දුමින්ද දිසානායක – වාරිමාර්ග අමාත්‍ය
13 – කබීර් හෂීම් – මහමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන
14 – එම්.කේ.ඩී.එස් ගුණවර්ධන – ඉඩම් ඇමති
15 – සජිත් ප්‍රේමදාස – නිවාස හා සමෘද්ධි අමාත්‍ය
16 – විජයදාස රාජපක්ෂ – අධිකරණ ඇමති
17 – ගයන්ත කරුණාතිලක – ජනමාධ්‍ය ඇමති
18 – නවීන් දිසානායක – සංචාරක ඇමති
19 – අර්ජුන රණතුංග – වාරය නා නාවුක ඇමති
20 – රිෂාඩ් බදියුදීන් – කර්මාන්ත හා වාණිජ ඇමති
21 – පලනි දිගම්බරම් – වතු යටිතල පහසුකම් ඇමති
22 – ඩී.එම් ස්වාමිනාදන් – නැවත පදිංචි කිරීම්, හිංදු කටයුතු ඇමති
23 – අකිල විරාජ් කාරියවසම් – අධ්‍යාපන ඇමති
24 – තලතා අතුකෝරාල – විදේශ රැකියා ඇමතිනි
25 – රංජිත් මද්දුම බණ්ඩාර – අභ්‍යන්තර ප්‍රවාහන ඇමති
26 – පී. හැරිසන් – සමාජ සේවා හා සුබසාධන ඇමති
27 – චන්ද්‍රානි බණ්ඩාර – කාන්තා කටයුතු ඇමතිනි

රාජ්‍ය ඇමති ධූර ගණන 10කි

01 – නන්දිමිත්‍ර ඒකානයක – සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය ඇමති
02 – වී. රාධක්‍රිෂ්ණන් – අධ්‍යාපන කටයුතු රාජ්‍ය ඇමති
03 – ෆයිසර් මුස්තාෆා – සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමති
04 – පාලිත රංගේ බණ්ඩාර – විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති
05 – දිලීප් වෙදආරච්චි – ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමති
06 – රෝසි සේනානායක – ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි
07 – රජිව විජේසිංහ – උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති
08 – රුවන් විජයවර්ධන – ආරක්ෂක රාජ්‍ය ඇමති
09 – කේ. වේලායුධන් – පේෂ කර්මාන්ත රාජ්‍ය ඇමති
10 – නිරෝෂන් පෙරේරා – තරුණ කටයුතු රාජ්‍ය ඇමති

නියෝජ්‍ය ඇමතිවරුන්

01 – චම්පිකා ප්‍රේමදාස – කර්මාන්ත වාණිජ කටයුතු නි‍යෝජ්‍ය ඇමති
02 – හර්ෂ ද සිල්වා – ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නි‍යෝජ්‍ය ඇමති
03 – එරාන් වික්‍රමරත්න – මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමති
04 – සුජීව සේනසිංහ – අධිකරණ නියෝජ්‍ය ඇමති
05 – වසන්ත සේනානායක – සංචාරක නියෝජ්‍ය ඇමති
06 – විජයකලා මහේෂ්වරන් – කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමති
07 – අජිත් පී පෙරේරා – විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති
08 – අනෝමා ගමගේ – වාරිමාර්ග නි‍යෝජ්‍ය ඇමතිනි

0 comments:

Post a Comment